31 C
Colombo
Sunday, May 31, 2020
මුල් පිටුව උණුසුම් පුවත් පරිප්පු හා ටින්මාලු මිල අඩු කළ සහනය ගම්වල ජනතාවට ලැබෙන්නෙ නෑ

අපේ රටේ බන්ධනාගාර තුළට කොරෝනා වෛරසය ඇතුළු වුණොත් එයින් සිදුවන විනාශය අතිශයින්ම භයානකයි. බන්ධනාගාර තුළ තිබෙන අධික තදබදය මෙයට බලපානවා. ඒ නිසා මේ සඳහා සුදුසුම ක්‍රියාමාර්ගය රුඳවූවන් සංඛ්‍යාව අඩු කිරීම යැයි ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ පවසති.

සෝභිත හිමියන් මේ බව සඳහන් කළේ ඊයේ (24 දා) දහවල් ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ විහාරස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෝභිත හිමියෝ මෙසේ ද පැවසූහ. ‘‘දැනට සුළු චෝදනා යටතේ සිරගත කර සිටින පිරිස් නිදහස් කර එළියට යවන්න. තම දඬුවම් කාල සීමාව අවසන් අදියරේ සිටින හා සුළු වැරදිවලට ලක්ව සිටින අය මේ වෙලාවේ ඉක්මනින් නිදහස් කළ හැකියි. නිදහස් කරන අය නිවසේ රඳවා ස්වයං නිරෝධායනයකට ලක් කළ හැකිය.

පසුගියදා අනුරාධපුර බන්ධනාගාරයේ සිදු වූ තත්ත්වය පිළිබඳවත් රජයේ අවධානය යොමු කළ යුතුයි. ඒ වගේම රන්ජන් රාමනායක මහතා පසුගියදා කිව්වා බන්ධනාගාර මැදිරිවල 10 ක් සිටිය යුතු තැන තිහ හතළිහක් ඉන්නවා. තට්ටුමාරු ක්‍රමයට නිදා ගැනීම හා ඉඳගැනීම පවා සිදු කරනවා කියලා. බන්ධනාගාර නිලධාරින් පවා පිටස්තරව රැඳී ඉඳලා තමයි රාජකාරිවලට එන්නේ. මෙවන් තත්ත්වයකදී කොරෝනා වෛරසය බන්ධනාගාරයට ඇතුළු වුණොත් සිදුවන කනගාටුදායක තත්ත්වය පිටු දකින්න ඒවායේ තදබදය අඩු කළ යුතුමයි.

පරිප්පු හා ටින්මාලු මිල අඩු කළ සහනය ගම්වල ජනතාවට ලැබෙන්නෙ නෑ. මන්ද ඒවායේ මිල සහනය ක්‍රියාත්මක කරන්නේ සතොස හා පෞද්ගලික සුපිරි වෙළෙඳසල් ජාලයක පමණයි. නමුත් ඒවාට පුළුවන්කමක් නෑ මුළු රටේම ජනතාවගේ අවශ්‍යතාව සම්පූර්ණ කරන්න. අපි දුටුවා ඇඳිරි නීතිය ඉවත් කළාම ඒ ආයතන අසල තිබුණු දිගු පෝලිම්වල හැටි. ගම්වල සිටින සිල්ලර අලෙවිහල්වලට මේ අවස්ථාව ලබා දිය යුතුයි. එවිට ජනතාව පීඩනයට පත්වන්නෙ නැහැ.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

ඇමරිකාව යුද පිටියක් වෙයි.. ප්‍රාන්ත 16කට ඇඳිරි නීතිය පනවයි

අමෙරිකාවේ මිනෙසෝටා ප්‍රාන්තයේ ප්‍රධාන නගරයෙක් වන මිනියාපොලිස් නගරයේදී සුදු ජාතික පොලිස් නිලධාරියෙකු විසින් කළු ජාතිකයෙකු ඉතා අමානුෂීය ලෙස ඝාතනය කිරිමේ සිද්ධියක් මුල්...

තොණ්ඩමාන් පවුල හමුවේ ජනපති නිවටයෙක් වෙයි.. කොරෝනා නීති උල්ලංඝණයට අවසර දීම ගැන වෛද්‍යවරුන්ගේ දැඩි විරෝධය

අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ පාර්ශ්වයේ පුද්ගලයෙකු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ හට දුරකථනයෙන් අමතා බලපෑම් එල්ල කොට...

නිරෝධායනය නොවී අවමගුලට යන්න තොණ්ඩමාන්ගේ දියණියට ජනපතිගෙන් විශේෂ අවසරයක්

අභාවප්‍රාප්ත වතු කම්කරු කොංග්‍රසයේ නායක ඇමැති ආරුමුගම් තොණ්ඩාමන් මහතාගේ වැඩිමහල් දියණියට සිය පියාගේ දේහය දැක බලාගෙන ඊට අවසන් ගෞරව දැක්වීමට නිරෝධායන නීති...

ඉන්දියානුවන් 700ක් රැගෙන යාමට ජලශ්වා නෞකාව දිවයිනට

කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය හේතුවෙන් මෙරට සිරවී සිටි ඉන්දීය ජාතිකයින් රැගෙන යාම සඳහා ඉන්දීය නාවික හමුදාවට අයත් නෞකාවක් අද (31) කොළඹ වරායට...

පාඨක අදහස්