31 C
Colombo
Saturday, August 15, 2020
මුල් පිටුව විදෙස් පුවත් ස්පාඤ්ඤ වැඩිහිටියෝ වැඩිහිටි නිවාසවල ඇඳන් මතම මිය යති

ස්පාඤ්ඤ වැඩිහිටියෝ වැඩිහිටි නිවාසවල ඇඳන් මතම මිය යති

වැඩිහිටි නිවාසවල සිටින වැඩිහිටියන් කොරෝනා වසංගතයෙන් ආරක්ෂා කිරීම වෙනුවෙන් ස්පාඤ්ඤ සොල්දාදුවන් වෙහෙසෙමින් සිටී. ඇඳන් මතම මියගිය අය පිළිබඳ පුවත් එම නිවාසවලින්ද වාර්තා විය. ආරක්ෂිත නිවාස කා ඔවුන් යොමු කිරීම වැනි පියවරද ගෙන ඇත. යුරෝපයෙන් ඉතාලියට පසු දරුණු බලපෑම ඇත්තේ ස්පාඤ්ඤයටය. තාවකාලික මෘත ශරීරාගාර පවා එහි ස්ථාපිතකර තිබේ.

ස්පාඤ්ඤයෙන් වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වූයේ ඉකුත් ඉරිදාය. ඒ 462කි. ඒ සමග මුළු මරණ සංඛ්‍යාව 2182කි.

ස්පාඤ්ඤ ආරක්ෂක ඇමැති මාගර්ට් රොබලිස් පුද්ගලික රූපවාහිනී නාළාකිවකට පවසා සිටියේ වැඩිහිටි නිවාසවල වයෝවෘද්ධ පුරවැසියන්ට සලකන අන්දම පිළිබඳ ඉතා තදින් සොයා බලන බවය. ‌

“හමුදාව මේ නිවාසවල කළ සෝදිසි සංචාරවලදී ඇතැම් වයෝවෘද්ධ පුරවැසියන් ඇඳන් මතම මියගොස් ඇති බව දුටුවා. මේවා ගැ‌න අපි පරීක්ෂා කරනවා” යනුවෙන් ඇය පවසා තිබේ.

ආරක්ෂක අමාත්‍යාංශය පවසන පරිදි ඇතැම් වැඩිහිටි නිවාසවල කාර්ය මණ්ඩල වංසගත තත්ත්වයත් සමග ඒවා හැර ගොස් ඇත.

මෙලෙස මියයන අයගේ දේහ මෘත ශරීරාගාර වෙත යොමු කෙරෙන තෙක් ඒවා ශීතාගාර තැබෙන නමුත් මේ වන විට කොරෝනා වෛරසයෙන් මිය යන අයගේ සිරුරු මෘත ශරීරාගාරයෙන් එන තුරු එම ස්ථානවලම තබා තිබේ.

වැඩිම අසාාදිතයන් ගණන මෙන්ම මරණ සංඛ්‍යාව ද වාර්තා වූයේ මැඩ්රිඩ් අගනුවරිනි.

ස්පාඤ්ඤ සෞඛ්‍ය ඇමැති සැල්වදෝර් ඉලා පවසන පරිදි, රජය වැඩිහිටි නිවාසවල සිටින විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් ඉහළම ප්‍රමුඛත්වයක් දක්වා තිබේ.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

විද්‍යා දැරියගේ ඝාතකයා නිදහස් කර ඇත්තේ පොලිස් පරීක්ෂකයෙක්

විද්‍යා දැරිය ඝාතනය කළ ස්විස් කුමාර් නොහොත් මහලිංගම් ශෂිකුමාර් පොලිස් බාරයෙන් නිදහස් කර ඇත්තේ කයිට්ස් පොලිසියේ විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂක ශ්‍රී...

කොළඹ පාසල් ළමුන්ට ‘ඉන්හේලර්’ ඔස්සේ මත්ද්‍රව්‍ය

කොළඹ ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසල්වල සිසුන් ඉලක්ක කරගෙන ඉන්හේල සහ ස්ප්‍රේ යන්ත්‍ර භාවිතා කරමින් මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් පොලිසිය තොරතුරු හෙළි කරගෙන...

දීපා මේතාගේ නවතම සිනමාපටයට නිම්මි හරස්ගම

භාරතයේ සම්මානලාභී අධ්‍යක්ෂිකාවක වන දීපා මේතාගේ නවතම සිනමාපටය වන ‘ෆනී බෝයි‘ චිත්‍රපටය සඳහා සම්මානිත ලාංකේය රංගන ශිල්පිනියක වන නිම්මි හරස්ගම රංගනයෙන් දායක...

“රතන හාමුදුරුවන්ගේ කපටිකමට ගරු කරන්න මට බෑ”- ඥානසාර හිමි

මන්ත්‍රී ධුර තිබුණත් නැතත් සිංහල බෞද්ධ ජනතාව වෙනුවෙන් ආරම්භ කර තිබෙන ජාතික ව්‍යාපාරය ඉදිරියට ගෙනයාමට කැපවන බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ...

පාඨක අදහස්