31 C
Colombo
Sunday, May 31, 2020
මුල් පිටුව විදෙස් පුවත් වසංගතයෙන් පසු වටිනාම සම්පත මිනිසායි

කොරෝනා වසංගතයෙන් සිදුවෙමින් පවතින මානව සම්පත් විනාශය සීග්‍ර ලෙස ඉහළ යමින් පවතින බැවින් ගෝලීය ආර්ථිකය බිඳවැටීම වළක්වා ගැනීම සඳහා සියලුම රටවල් සිය ජනතාව (මිනිස් ශ්‍රමය) ආරක්ෂා කරගත යුතු බව අන්තර්ජාතික මූල්‍ය අරමුදල ප්‍රකාශ කරයි.

එහි කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා ඊයේ (24 වැනිදා) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ මේ දිනවල ඇමෙරිකාවේ වොෂිංටනයේ පැවැත්වෙන ජී – 20 රටවල මුදල් ඇමැතිවරුන්ගේ සහ මහ බැංකු අධිපතිවරුන්ගේ සමුළුවේදී මෙම කරුණ අවධාරණය කර ඇති බවයි.

‘දැනටමත් ආර්ථික හානිය ආරම්භ වී තිබෙනවා. නමුත් වසංගතය අවසන් වූ වහාම ගෝලීය ආර්ථිකය යළි ගොඩනැංවීමට නම් නිරෝගී මිනිස් ප්‍රජාවක් සිටිය යුතුයි. වසංගතයෙන් සිදුවන සෞඛ්‍ය පරිහානිය හමුවේ මිනිසුන්ට කාර්යක්ෂමව සිය සේවාවන්වල නිරත වීමේ හැකියාව අඩු වනු ඇති. එම නිසා ලොව සියලුම රටවල් සිය ජනතාවගේ සෞඛ්‍යය ආරක්ෂා කර ගැනීම ඉතාම වැදගත්.”

එසේ පවසන ඇය වෛරසය නිසා ආර්ථිකය බිඳවැටුණු රටවල් 80 කට මූල්‍යමය ආධාර ලබා දීමට සිය සංවිධානය සූදානම් බවද ප්‍රකාශ කර ඇත.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

නිරෝධායනය නොවී අවමගුලට යන්න තොණ්ඩමාන්ගේ දියණියට ජනපතිගෙන් විශේෂ අවසරයක්

අභාවප්‍රාප්ත වතු කම්කරු කොංග්‍රසයේ නායක ඇමැති ආරුමුගම් තොණ්ඩාමන් මහතාගේ වැඩිමහල් දියණියට සිය පියාගේ දේහය දැක බලාගෙන ඊට අවසන් ගෞරව දැක්වීමට නිරෝධායන නීති...

ඉන්දියානුවන් 700ක් රැගෙන යාමට ජලශ්වා නෞකාව දිවයිනට

කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය හේතුවෙන් මෙරට සිරවී සිටි ඉන්දීය ජාතිකයින් රැගෙන යාම සඳහා ඉන්දීය නාවික හමුදාවට අයත් නෞකාවක් අද (31) කොළඹ වරායට...

එජාපය ක්‍රියාවට නංවන්නේ පක්ෂය තුළ ගන්නා තීන්දු තීරණ පමණයි

එක්සත් ජාතික පක්ෂය ක්‍රියාවට නංවන්නේ පක්ෂය තුළ ගන්නා තීන්දු තීරණ පමණක් බව එම පක්ෂයේ උප නායක කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක රවී කරුණානායක මහතා...

නිවස ගන්න නංගීව ඝාතනය කළ හැටි අක්කා පාපොච්චාරණය කරයි

වැල්ලවාය, ඌව කුඩාඔය පොලිස් බල ප්‍රදේශයේ නයිගල් ආර ප්‍රදේශයේ දී පොල්ලකින් පහර දී තරුණියක් ඝාතනය කර ඇත. සිද්ධියට සැකපිට ඝාතනයට ලක්වු තරුණියගේ එක...

පාඨක අදහස්