31 C
Colombo
Wednesday, April 1, 2020
මුල් පිටුව තාක්ෂණික විෂබීජානුහරණ කුටි නිපදවීමට මෙරට ඉංජිනේරු කණ්ඩායමක් සමත්වෙයි

කොරෝනා ආසාදනය ව්‍යාප්ත වීම වළකාලමින් මහජනතාව එක්රැස් වන පොදු ස්ථානවලට විෂබීජානුහරණ කුටියක් නිෂ්පාදනය කිරීමට මෙරට ඉංජිනේරුවන් සමත්ව ඇත.

පොදුජන ඉංජිනේරු පෙරමුණේ සභාපති වශයෙන් කටයුතු කරන ඉංජිනේරු ජගත් පරාක්‍රමගේගේ නායකත්වයෙන් කෞෂාල් මාධව, ශාන්ත දික්වැල්ල, අරවින්ද පතිරණගේ යන ඉංජිනේරුවන් එක්ව මෙම නව නිෂ්පාදනය කර ඇත.

රට මුහුණ පා ඇති තත්ත්වය සැලකිල්ලට ගෙන මහජනතාව වැඩිපුර එක්වන කොටුව දුම්රිය ස්ථානය, ප්‍රධාන බස් නැවතුම් පොළ ඇතුළු පොදු ස්ථානවලදී එකවර විශාල පිරිසක් විෂබීජානුහරණයට ලක්කිරීම සඳහා මෙම කුටිය නිෂ්පාදනය කරන්නට ඉංජිනේරුවන් මූලික වී තිබේ. දැනට විෂබීජානුහරණය ස්ප්‍රේ යන්ත්‍රවලින් සිදුකළද එය පොදු ස්ථානවලදී කිරීමට ඇති අපහසුතා සැලකිල්ලට ගෙන මෙම කුටිය නිෂ්පාදනය කිරීමට ඉංජිනේරුවන් සැලසුම් කර ඇත. දින හතරක් තිස්සේ කළ සැලසුමකින් පසුව පළමු විෂබීජානුහරණ කුටිය කොටුව දුම්රිය පොළේ සවි කිරීමට තීරණය කර ඇත.

එහෙත් හදිසියේම ඇඳිරි නීතිය පැනවීම නිසා පසුගිය සිකුරාදා (21) දිනයේ එම තීරණය වෙනස් කර කෝට්ටේ නගර සභාවේ පළමු කුටිය නිෂ්පාදනය කිරීමට පියවර ගෙන ඇත.

කෝට්ටේ නගරාධිපති මධුර විතානගේ ගේ මූල්‍යමය දායකත්වය සැලසූ පුව පළමු කුටිය එහි ස්ථාපිත කිරීමට ඉංජිනේරුවන් සමත් වූහ.

“ඇත්තටම අපි ඉංජිනේරු කණ්ඩායම සැලසුම කළේ පොද ජනතාව රැකගැනීමේ ක්‍රමයක්. එකවර බස් රථයකින් ඇවිත් පනහක් හැටක් බැස්සම එකිනෙකාට බෑග්වලට වෙන වෙනම ස්ප්‍රේ කිරීම අසීරු කාර්යයක්. එක සැරේ කෝච්චියක දහස් ගණනක් එනවා. සෙත්සිරිපාය වගේ තැන්වලට හත් අටසියයක් එනවා. ප්‍රායෝගිකව ස්ප්‍රේ කර කර ඉන්න බැහැ. ඒ නිසා තමයි ස්ටෙරිලයිසේසන් චේම්බර් එකක් (විෂබීජානුහරණ කුටියක්) නිෂ්පාදනයට යොමුවුණේ. අපි මේක එක දවසින් හැදුවා.

කුටිය තුළදී තත්පර දහයක් ඇතුළත කෙමිකල් එක ස්ප්‍රේ වෙනවා. හයිඩ්‍රෝපොෂයිල් ඇල්කොහොල් මෙතැනදී භාවිත කරනවා. තත්පර දහයක් යද්දි කුටිය ඇතුළට එන කෙනකුගේ සම්පූර්ණ විෂබීජ වනාශ වෙනවා. මේක පොදු ස්ථාන හා රාජ්‍ය ආයතනවල තමයි අපි මුලින්ම හදන්න සැලසුම් කළේ” යැයි යන්ත්‍රයේ නිර්මාණයට නායකත්වය දුන් ඉංජිනේරු ජගත් පරාක්‍රම ‘අරුණ’ ට පැවැසීය.

මේ …. දැනටමත් අපිට ඕඩර්ස් හතර වටින්ම එනවා. පිළිකා රෝහල, එයාර්පෝට් එක, හමුදා මූලස්ථානය, ගුවන් හමුද මූලස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය වගේම ගාල්ලේ තියෙන වියට්නාම් ෆැක්ටරි දෙකකිනුත් ඉල්ලනවා.

අපිට දැනට තියෙන ප්‍රශ්නය ඇඳිරි නීතිය නිසා මෝටර් ඇතුළු උපකරණ ලබාගැනීමයි. දැනටමත් තොග ව්‍යාපාරිකයන් තොග මිලට උපකරණ ලබාදීමට එකඟ වී තියෙනවා. අපි ඉක්මනින්ම රටේ අවශ්‍ය සෑම තැනකටම මෙම උපකරණය සාදා දීමට බලාපොරොත්තු වෙනවා.

මෙයින් හෝටල්, බැංකු, සුපිරි වෙළෙඳ සල් ඇතුළු ඕනෑම තැනකට රෝගය පැතිරීම වළක්වා සම්පූර්ණ වෂබීජානුහරණයකට ලක්කිරීමට හැකියි. මෙය පුද්ගලික අංශයට රුපියල් ලක්ෂ එකහමාරක් වැනි මුදලකට ලබාදිය හැකියි.

අපි දැනට සරල ක්‍රමවේදයකට හැදුවේ. ඉදිරියේදී තාක්ෂණික සහාය ලබාදී සියල්ල ඔටෝමැටික් කරන්න පුළුවන් විදියට වුවත් සකස් කරන්න බලාපොරොත්තු වෙනවා.”

පොදුජන පෙරමුණට අයත් පොදුජන ඉංජිනේරු පෙරමුණේ ඉංජිනේරුවන් පන්දහසක් පමණ ඉන්නවා. අපිට ඉදිරියේදී රටට එරෙහි කොරෝනා වෛරසය නෙවෙයි ඕනෑම අභියෝගයකට මුහුණ දිය හැකි අයුරින් මේ විෂබීජානුහරණ කුටි නිෂ්පාදනය කිරීමට හැකියාව ඇතැයි ඉංජිනේරු ජගත් පරාක්‍රම පෙන්වා දෙයි. පොදු ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් තව තවත් සරල ක්‍රමවේද හඳුන්වා දී රට හමුවේ ඇති අභියෝග පරාජය කිරීම මොවුන්ගේ අරමුණ වී තිබේ.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

දඹුල්ලේ පුද්ගලයින් 33 දෙනෙකු නිරෝධායනයට

මහනුවර අකුරණ ප්‍රදේශයේදි කොරෝනා වෛරසය ආසාදිත වූ හඳුනාගත් පුද්ගලයා දඹුල්ල නිකවටවන ප්‍රදේශයේ අවමඟුල් උත්සවයක් පවතීන නිවසකට පැමිණ එම ප්‍රදේශයේ සැරිසැරූ බවට ලද...

අද දිනයේදී පමණක් කොරෝනා රෝගීන් 10ක් වාර්තා වෙයි

අද දිනයේදී මේ දක්වා කොවිඩ් ආසාදිතයන් 10ක් හමුවී ඇති අතර ඒ අනුව සමස්ත රෝගීන් සංඛ්‍යාව 132ක් දක්වා වර්ධනය වී තිබේ. පස්වරු 4.45ට සෞඛ්‍ය...

අජිත් රෝහණ බොරු ප්‍රචාර ගෙනයන බවට ඉතාලි තානාපති කාර්යාලයෙන් නිවේදනයක්

ඉතාලියේ කොරෝනා වෛරස් ආසාදනයෙන් මියගිය පුද්ගලයින්ගේ මළ සිරුරු නිරුවත් කර කිසිදු ආගමික වතාවතකින් තොරව අවසන් කටයුතු සිදු කෙරෙන බවට ඇතැම් පුද්ගලයින් විසින්...

අජිත් නිවාඩ් හා මහින්ද සේවක අර්ථසාධක අරමුදලට විදින්න සූදානම් වෙයි

කොරෝනා වෛරසය හේතුවෙන් රටේ ආර්ථිකය මුහුණදී ඇති පසුබෑමට පිළියමක් වශයෙන් සේවක අර්ථසාධක අරමුදලේ තැන්පතුවලින් 20%ක් එහි සාමාජිකයින් වෙත නිදහස් කිරීමට අග්‍රාමාත්‍ය ආර්ථික...

පාඨක අදහස්