31 C
Colombo
Thursday, May 28, 2020
මුල් පිටුව දේශපාලන "කොරෝනා කියන්නේ වැඩිම මනාප ගන්න දුන්න වරමක්"- ලක්‍ෂ 110ක් ගෙවා ෆේස්බුක් පේජ්...

කොරෝනා වෛරසය ලෝක වසංගතයක් බවට පත්ව තිබෙන අවස්තාවක එයින් තමන්ගේ කීර්ති නාමය වර්ධනය කරගැනීමටත් ඒ තුලින් දේශපාලන වාසි ලබාගැනීමටත් උත්සාහ කරන පුද්ගලයන් ඉතා අතලොස්සක් ලෝකයේ සිටී.

ලංකාවේ රජයේ මෙන්ම විපක්ෂයේද දේශපාලකයන් මේ අවස්ථාවේ දේශපාලනය පසෙකලා මෙම වසංගතයෙන් රට මුදවා ගැනීමට කටයුතු කරනු දැකීම පැසසුම් සහිතය. එහෙත් වත්මන් රජයේ සිටින එක් දේශපාලකයෙකුට නම් කොරෝනා යනු පාරා වළල්ලකි. ඒ දේශපාලකයා කෙහෙළිය රඹුක්වැල්ලය.

කෙහෙළිය රඹුක්වැල්ල මොනතරම් පහත් ආකාරයක දේශපාලනයක නිරත වන්නේද යන්න ඔහුගේ මේ දිනවල තමන්ට දේශපාලන වාසි ලබා ගැනීමේ හොඳම අවස්තාව බව සිතා තමන්ගේ ප්‍රචාරණ කටයුතු සඳහා ෆේස්බුක් පේජ් 10ක් මිලදී ගත් බව වාර්තා වේ. මේ සඳහා රුපියල් ලක්ෂ 110ක් පමණ වියදම් කර ඇති බවද වාර්තා වේ.

මේ පිළිබඳව අපකළ සොයා බැලීමකදී ඔහු විසින් මිලදීගත් පේජ් 5ක් පිලිබඳ අනාවරණය කරගැනීමට අපට හැකියාව ලැබුණි. එම පේජ් 5 මිලදී ගැනීම සඳහා ඔහු වියදම් කළ මුදල රුපියල් පනස් නව ලක්ෂ අසූ පන්දහස් තුන්සිය හතලිහකි (රු. 59,85,340.00). එනම් පේජ් එකේ ලයික් එකකට රුපියල් දහයක අගයක් ලබාදෙමිනි. එම පේජ් 5 සහ ඒවායේ ලයික් ප්‍රමාණයන් මෙලෙසිනි,

කොටා kota – 261000

Ranji රංජි – 35281

My life is my dad – මගේ ආදර තාත්තා – 142141

Kassa – 37354

ලකියා – Lakiya – 122758

තරුණ තරුණියන් විසින් විනෝදාස්වාදය සඳහා කලක සිට මහන්සියෙන් ගොඩනැගු මෙම ෆේස්බුක් පේජ් වලට ඉතා ඉහල ‘රීච්’ ප්‍රමාණයක් තිබෙන අතර එම සෑම පේජ් එකකටම උඩුගත කළ කෙහෙළියගේ පළමු වීඩියෝව සෑම පේජයකම ලක්ෂය ඉක්මවා නැරඹුම් වාර ප්‍රමාණයක් ලබාගැනීමට සමත්ව ඇත්තේ පැය 24ක් ගතවන්නටත් මත්තෙනි.

කොරෝනා යනු ඉදිරි මැතිවරණයේදී තමන්ට ඉහළම මනාප ප්‍රමානයක් ලබාගැනීමට දුන් වරමක් බව තමන්ගේ ෆේස්බුක් මෙහෙයුම් කණ්ඩායමට පැවසූ කෙහෙළිය රඹුක්වැල්ල මහතා තමන් ආහාර හිඟය කළමනාකරණය ආකාරය දැක්වෙන වීඩියෝවක් මිලදී ගන්නා ලද ෆේස්බුක් පේජවල මෙලෙස ප්‍රචාරය කිරීම ආරම්භ කර තිබේ. මේ තුලින් තමන්ගේ කළමනාකරණ හැකියාව හා කොරෝනා ප්‍රශ්නය විසඳීමට තමන්ට කැක්කුමක් ඇතැයි ජනතාව තුළ පැහැදීමක් ඇතිවනු ඇති බව ඔහු විශ්වාස කරයි. ඒ තුළින් ඉදිරි මැතිවරණයේදී තමන්ට වැඩිම මනාප ප්‍රමාණයක් ලැබෙනු ඇති බවද ඔහුගේ ෆේස්බුක් මෙහෙයුම් කණ්ඩායම ඔහුට පෙන්වා දී ඇත. පහත දැක්වෙන්නේ ඉහත පෙජ්වලට උඩුගත කළ sponsored (මුදල් ගෙවා බූස්ට් කරන ලද) වීඩියෝ වල ස්ක්‍රීන්ෂොට් කිහිපයකි.

 

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

තොණ්ඩමන්ගේ දේහය අද පාර්ලිමේන්තුවට

අභාවප්‍රාප්ත, ප්‍රජා සවිබල ගැන්වීම් සහ වතු යටිතල පහසුකම් සංවර්ධන කැබිනට් අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ දේහය අද (28) පාර්ලිමේන්තු සංකීර්ණය වෙත රැගෙන ඒමට...

පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එජාප මහ ලේකම්ට අයිතියක් නැහැ

පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට හෝ තනතුරුවලින් ඉවත් කිරීමට එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයාට අයිතියක් හෝ බලයක් නොමැති බව සමඟි ජනබලවේගයේ මහ ලේකම්...

කුවේට්හි අසරණව සිටින ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් සජිත් මැදිහත් වෙයි

සමගි ජනබලවේගයේ නායක, හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ කුවේට් තානාපති Khalaf Bu Dhhair මහතා අතර විශේෂ හමුවක් සහ සාකච්ඡාවක් ඊයේ...

සහල් මිල වැඩිකිරීම ගැන ඩඩ්ලි රාජපක්ෂ පවුලට විශේෂ ස්තූති කරයි

සහල් මිල වැඩිකිරීමට එකඟතාවය ලබාදීම සම්බන්ධයෙන් අරලිය සහල් ව්‍යාපාරයේ හිමිකරු ඩඩ්ලි සිරිසේන මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට, කෘෂිකර්ම...

පාඨක අදහස්