31 C
Colombo
Wednesday, April 1, 2020
මුල් පිටුව උණුසුම් පුවත් ඇඳිරිනීතිය පවතින කාලය තුළ ගෘහස්ථ හිංසනයේ වාර්තාගත ඉහළ යාමක්

ඇඳිරිනීතිය පවතින කාලය තුළ ගෘහස්ථ හිංසන සිදුවීම් වාර්තා වීම පෙර වසරට සාපේක්ෂව ප්‍රතිශතයක් ලෙස ඉහළ ගොස් ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මුදිත විදානපතිරණ මහතා පැවසීය.

මෙවැනි සිදුවීම් පිළිබඳ වාර්තා වූ සැනින් අදාළ පොලිස් ස්ථානවලට හා ළමා ආරක්ෂක නිලධාරින්ට දැනුම් දෙන බවත්, ඔබ ප්‍රදේශයේ එවැනි සිදුවීමක් පිළිබඳ තොරතුරු දන්නේ නම් 1929 යන දුරකථන අංකය අමතා එම තොරතුරු ලබා දෙන ලෙසද සභාපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේය. එවැනි පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,
” ළමා හිංසනය කරන්නේ බොහෝ වෙලාවට අපි දන්න හඳුනන අය. භාරකරුවන්, නෑදෑයින් වැනි අය. ඇඳිරිනීතිය දාපු නිසා චූදිතයන් හා වින්දිතයන් ඉන්නේ එකම ගෘහයක් තුළ. මින් පෙර එම පැමිණිලි දිනකට 40ක් පමණ පැමිණියත්, ඇඳිරිනීති කාලය තුළ දිනකට පැමිණිලි එන්නේ 10ක් පමණයි.එය සංඛ්‍යාත්මක අඩුවීමක්. නමුත්, පසුගිය දින 7 තුළ එවැනි සිදුවීම් 111 ක් වාර්තා වී තිබෙනවා. එතුළ සිදුවීම් 36ක් ගෘහස්ථ හිංසන හා ළමා කෘරත්වයට සම්බන්ධ සිදුවීම්. එය ප්‍රතිශතයක් ලෙස 33%ක්. ප්‍රතිශතයක් ලෙස එහි යම් වැඩිවීමක් පෙන්නුම් කරනවා. ගිය වසරේ වාර්තා අනුව එය පැවතියේ 10% ක අගයක.

මහජනතාව සහා දෙමව්පියන් දැනුවත් කළ යුතුයි මේ ගැන. දෙමව්පියන් කියන්නේ මේ සමාජයේ විශේෂිත අය. ඒ වගේම දරුවෝ කියන්නේ අපි රැක බලා ගත යුතු පිරිසක්. තමන්ගේ දරුවෝ ගැන වගේම අවට දරුවෝ ගැනත් අපි මේ වෙලාවේ අවධානයෙන් ඉන්න ඕන. ළමයා යනු ළමයෙක් මිස කුඩා වැඩිහිටියෙක් නෙමෙයි . ඒ බව අපි මතක තබා ගත යුතුයි.

ඔබ දන්න එවැනි සිදුවීම් අපිට කතා කරලා කියන්න. 1929 කියන අංකයට. අපි අදාළ පොලිසියට හා ළමා ආරක්ෂක නිළධාරීන්ට දන්වලා ඒ අයව අත්තඩංගුවට ගන්න කටයුතු කරනවා. ළමයා කවරාකාර හෝ කායික, මානසික හිංසනයට ලක්කිරීම වරදක්.” යැයි ද කියා සිටියේය.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

දඹුල්ලේ පුද්ගලයින් 33 දෙනෙකු නිරෝධායනයට

මහනුවර අකුරණ ප්‍රදේශයේදි කොරෝනා වෛරසය ආසාදිත වූ හඳුනාගත් පුද්ගලයා දඹුල්ල නිකවටවන ප්‍රදේශයේ අවමඟුල් උත්සවයක් පවතීන නිවසකට පැමිණ එම ප්‍රදේශයේ සැරිසැරූ බවට ලද...

අද දිනයේදී පමණක් කොරෝනා රෝගීන් 10ක් වාර්තා වෙයි

අද දිනයේදී මේ දක්වා කොවිඩ් ආසාදිතයන් 10ක් හමුවී ඇති අතර ඒ අනුව සමස්ත රෝගීන් සංඛ්‍යාව 132ක් දක්වා වර්ධනය වී තිබේ. පස්වරු 4.45ට සෞඛ්‍ය...

අජිත් රෝහණ බොරු ප්‍රචාර ගෙනයන බවට ඉතාලි තානාපති කාර්යාලයෙන් නිවේදනයක්

ඉතාලියේ කොරෝනා වෛරස් ආසාදනයෙන් මියගිය පුද්ගලයින්ගේ මළ සිරුරු නිරුවත් කර කිසිදු ආගමික වතාවතකින් තොරව අවසන් කටයුතු සිදු කෙරෙන බවට ඇතැම් පුද්ගලයින් විසින්...

අජිත් නිවාඩ් හා මහින්ද සේවක අර්ථසාධක අරමුදලට විදින්න සූදානම් වෙයි

කොරෝනා වෛරසය හේතුවෙන් රටේ ආර්ථිකය මුහුණදී ඇති පසුබෑමට පිළියමක් වශයෙන් සේවක අර්ථසාධක අරමුදලේ තැන්පතුවලින් 20%ක් එහි සාමාජිකයින් වෙත නිදහස් කිරීමට අග්‍රාමාත්‍ය ආර්ථික...

පාඨක අදහස්