31 C
Colombo
Thursday, May 28, 2020
මුල් පිටුව විදෙස් පුවත් අතට අත දීම නැවත් වුවත් කොරෝනා වැළඳුණු චාල්ස් කුමරුගේ නවතම තත්වය

බි‍්‍රතාන්‍යයේ කිරුළ හිමි චාල්ස් කුමරුට ද නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව පසුගිය බදාදා (25) නිවේදනය කෙරිණි. 71 වැනි වියෙහි පසුවන චාල්ස් කුමරු මේ වනවිට ස්කොට්ලන්තයේ පිහිටි බැල්මොරල් මාලිගයේ ස්වයං හුදෙකලාවකට ලක්ව සිටින බැව් ද මාධ්‍ය වාර්තා කර තිබිණි. ඔහුගේ බිරිඳ වන 72 හැවිරිදි කැමිලා ද ඔහු සමග එහි සිටින අතර ඇය ද වෛද්‍ය පරීක්‍ෂණයකට ලක් කර තිබේ.

නමුත් ඇයට වෛරසය ආසාදනය වී නොමැති බැව් සඳහන් වේ. චාල්ස් කුමරුගෙන් බරපතල රෝග ලක්‍ෂණ පල නොවන බව ද වාර්තා වෙයි. කෙසේ නමුත් පසුගිය දිනවල ඔහු සිය නිල රාජකාරී කටයුතු සඳහා බොහෝ දෙනෙකු මුණ ගැසී තිබුණ නිසා ඒ සම්බන්ධයෙන් විශාල අවධානයක් යොමුව තිබේ. ඔහු මුණ ගැසුණු පුද්ගලයින් මේ පිලිබඳව දැනුම්වත් කර ඇති බව සඳහන් වේ.

මහ රැජින සහ චාල්ස් කුමරු අතර හමුවක් අවසන් වරට පැවැත්වී ඇත්තේ මාර්තු 12 වැනි දින ය. කෙසේ නමුත් මහ රැජින මේ වනවිට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බැව් වාර්තා වේ. මේ වනවිට ඇය ද බකිංහැම් මාලිගයෙන් නික්ම ඊට සැතපුම් 20 ක් පමණ දුරින් ඇති වින්ඞ්සර් මාලිගයේ වාසයට ගොස් ඇති අතර ආරක්‍ෂාකාරී පියවරක් වශයෙන් එහි ස්වයං හුදෙකලාවකට ලක්ව සිටියි.

බදාදා පල වී තිබූ සංඛ්‍යාලේඛනවලට අනුව බ්‍රිතාන්‍යයෙන් හමු වී තිබූ ආසාදිතයින් ගණන 8,000 ඉක්මවා තිබිණි. මිය ගොස් සිටි සංඛ්‍යාව 422 ක් ලෙස සටහන් විය.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

තොණ්ඩමන්ගේ දේහය අද පාර්ලිමේන්තුවට

අභාවප්‍රාප්ත, ප්‍රජා සවිබල ගැන්වීම් සහ වතු යටිතල පහසුකම් සංවර්ධන කැබිනට් අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ දේහය අද (28) පාර්ලිමේන්තු සංකීර්ණය වෙත රැගෙන ඒමට...

පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එජාප මහ ලේකම්ට අයිතියක් නැහැ

පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට හෝ තනතුරුවලින් ඉවත් කිරීමට එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයාට අයිතියක් හෝ බලයක් නොමැති බව සමඟි ජනබලවේගයේ මහ ලේකම්...

කුවේට්හි අසරණව සිටින ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් සජිත් මැදිහත් වෙයි

සමගි ජනබලවේගයේ නායක, හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ කුවේට් තානාපති Khalaf Bu Dhhair මහතා අතර විශේෂ හමුවක් සහ සාකච්ඡාවක් ඊයේ...

සහල් මිල වැඩිකිරීම ගැන ඩඩ්ලි රාජපක්ෂ පවුලට විශේෂ ස්තූති කරයි

සහල් මිල වැඩිකිරීමට එකඟතාවය ලබාදීම සම්බන්ධයෙන් අරලිය සහල් ව්‍යාපාරයේ හිමිකරු ඩඩ්ලි සිරිසේන මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට, කෘෂිකර්ම...

පාඨක අදහස්