31 C
Colombo
Sunday, July 12, 2020
මුල් පිටුව උණුසුම් පුවත් අසාදිතයින් 422,829යි මරණ 18,907යි 109,102ක් සුවයි

ලොව පුරා කොරෝනා වෛරස අසාදිතයින් 422,829 දෙනෙකු මේ වන විට හඳුනා ගෙන තිබෙන අතර වෛරසය හේතුවෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 18,907 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වෙයි.

මෙම වෛරසය ආසාදනය වූවන් අතරින් පුද්ගලයන් 109,102 දෙනෙකු මේ වනවිට සම්පූර්ණයෙන් ම සුවය ලබා සිටින අතර පෙරේදා (24) දිනයේ දී ද වැඩිම මරණ සංඛ්‍යාවක් ඉතාලියෙන් වාර්තා විය. එම සංඛ්‍යාව 743ක් වෙයි. ස්පාඤ්ඤයෙන් ද පෙරේදා දිනය තුළ පමණක් මරණ 680 ක් වාර්තා වී ති‍බේ.

මේ අතර කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට ඉන්දියාව සම්පුර්ණයෙන් ම වසා දැමීමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා කටයුතු කර තිබේ. දින 21ක කාලයක් ඉන්දියාවේ කටයුතු සම්පුර්ණයෙන් ම නතර කිරිමට තීරණය කර ඇත.

මේ අතර කොවිඩි නයින්ටීන් වෛරසය පැතිරයාමේ නව කේන්ද්‍රස්ථානය බවට අමෙරිකා එක්සත් ජනපදය පත්විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රකාශිකා මාග්‍රට් හැරිස් ප්‍රකාශ කර ඇත්තේ අමෙරිකා එක්සත් ජනපදය තුළ කොරොනා වෛරස් ව්‍යාප්තියේ සීඝ්‍ර වර්ධනයක් සිදු ව ඇති බවයි.

කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් චීනයේ වුහාන් නගරයට පනවා තිබු සංචාරක තහනම ලබන අප්‍රේල් 08 වන දින සිට ඉවත් කිරිමට තීරණය කර තිබේ. මේ අතර ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොවිඩි නයිටීන් රෝගීන් සංඛ්‍යාව 102 දක්වා ඉහළ ගොස් තිබෙන අතර වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ පෙරේදා (24) දිනය තුළ පමණක් කොරෝනා වෛරස අසාදිතයින් 05 දෙනෙකු වාර්තා වන බවයි.

මේ වනවිට කොරෝනා වෛරසය බවට සැකපිට පුද්ගලයින් 229 දෙනෙකු මෙරට රෝහල් 19 ක ප්‍රතිකාර ලබමින් සිටින අතර විදේශිකයින් 06 දෙනෙකු ද වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

පුද්ගලයින් 97 දෙනෙකු අයි.ඩි.එච් රෝහලේ ප්‍රතිකාර ලබන අතර පුද්ගලයින් 27 දෙනෙකු වැලිකන්ද මුලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

කළුතර නාගොඩ රෝහලේ පුද්ගලයින් 12දෙනෙකු ද හම්බන්තොට මුලික රෝහලේ පුද්ගලයින් 11 දෙනෙකු ද , කුරුණෑගල ශික්ෂණ රෝහලේ පුද්ගලයින් 10 දෙනෙකු ද ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වෙයි. මෙරටින් කොරෝනා වෛරසය අසාදනය වු පුද්ගලයින්ගෙන් දෙදෙනෙකු සුවය ලබා ඇති බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

ඇට්ටර ට්‍රම්ප් පළමු වරට මුව ආවරණ පළඳියි

Covid 19 වසංගතය ආරම්භ වීමෙන් පසු ප්‍රථම වරට ප්‍රසිද්ධියේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මුහුණු ආවරණයක් පළඳ පැමිණ තිබේ. ජනාධිපති ට්‍රම්ප් මෙලෙස මුහුණු ආවරණයක්...

“මෙය පාලනය කළ හැකියි”- අනිල් ජාසිංහ

Covid 19 හෙවත් නව කොරෝනා වෛරස ව්‍යාප්තියේ වත්මන් තත්ත්වයද පාලනය කළ හැකි මට්ටමක පවතින බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ...

සුපිරි බොලිවුඩ් නළු අමිතාබ් බච්චන්ටත් කොරෝනා

සුපිරි බොලිවුඩ් නළු අමිතාබ් බච්චන් හට කොරෝනා වෛරසය අසාදනය වී ඇති බවට වාර්තා වේ. ඒ මහතාගේ නිල ට්විටර් වෙබ් අඩවියේ මීට නිකුත් කල...

“මාධ්‍යවේදියාට හිරිහැර කළේ පෙනුම හරි නැති නිසා”- නියෝමාල් රංගජීව

අලුත්කඩේ උසාවි සංකීර්ණ පරිශ්‍රය තුළදී මාධ්‍යවේදියෙකුගේ රාජකාරියට බාධා කිරීම, ඔහුට හිරිහැර කිරීම සම්බන්ධයෙන්, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව...

පාඨක අදහස්