31 C
Colombo
Sunday, July 12, 2020
මුල් පිටුව උණුසුම් පුවත් මරණ දණ්ඩනය නියමව සිටි සුනිල් රත්නායකට ජනපති සමාව

මරණීය දණ්ඩනය නියම වී බන්ධනාගාර ගතව සිටි හමුදා සැරයන් සුනිල් රත්නායක අද ( 26 ) ජනාධිපති සමාව යටතේ නිදහස් කළ බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ටී.එම්.ජේ.ඩබ්ලිව්.තෙන්නකෝන් මාධ්‍යවේදීන් කළ විමසුමක දී පැවසීය.

යාපනය , මුරුසුවිල් ප්‍රදේශයේදී දරුවන් ඇතුළු ශ්‍රී ලාංකික දෙමළ සරනාගතයින් අට දෙනෙකු සමූල ඝාතනය කිරීමට අදාලව සැරයන් සුනිල් රත්නායක ඇතුළු සෙබළුන් දාහතර දෙනෙකුට චෝදනා එල්ල විය. ඔවුන් විසින් මරාදමන ලැබූ පිරිස අතර පස් හැවිරිදි දරුවෙකු හා යෞවනයන් තිදෙනෙකු සිටි බව වෛද්‍ය නිළධාරීන් සී.කදිර්වෙට්ටි පිල්ලෛ ගේ සාක්ෂිය අනුව සනාත වී ඇත.

2000 වසරේ දී මෙම සිදුවීම සිදු වු අතර වසර ගණනාවක නඩු විභාගයකින් පසු 2015 ජුනි 25 වන දින සැරයන් සුනිල් රත්නායකට සිවිල් වැසියන් අට දෙනෙකු ඝාතනය කිරීම ඇතුළු චෝදනා පහළවකට කොළඹ මහාධිකරණය විසින් මරණ දණ්ඩනය නියම කළේය.

කෙසේවෙතත් අද දින ( 26 ) ෆේස්බුක් වෙත වීඩියෝවක් එකතු කරමින් මැඩිල්ලේ පඥ්ඥාලෝක හිමියන් පවසා තිබුනේ සුනිල් රත්නායක නිදහස් කිරීම සම්බන්දව ආරක්ෂක ලේඛම් වරයාට සහ ජනාධිපති වරයාට ස්තූතිය හිමි විය යුතු බවයි.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

ඇට්ටර ට්‍රම්ප් පළමු වරට මුව ආවරණ පළඳියි

Covid 19 වසංගතය ආරම්භ වීමෙන් පසු ප්‍රථම වරට ප්‍රසිද්ධියේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මුහුණු ආවරණයක් පළඳ පැමිණ තිබේ. ජනාධිපති ට්‍රම්ප් මෙලෙස මුහුණු ආවරණයක්...

“මෙය පාලනය කළ හැකියි”- අනිල් ජාසිංහ

Covid 19 හෙවත් නව කොරෝනා වෛරස ව්‍යාප්තියේ වත්මන් තත්ත්වයද පාලනය කළ හැකි මට්ටමක පවතින බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ...

සුපිරි බොලිවුඩ් නළු අමිතාබ් බච්චන්ටත් කොරෝනා

සුපිරි බොලිවුඩ් නළු අමිතාබ් බච්චන් හට කොරෝනා වෛරසය අසාදනය වී ඇති බවට වාර්තා වේ. ඒ මහතාගේ නිල ට්විටර් වෙබ් අඩවියේ මීට නිකුත් කල...

“මාධ්‍යවේදියාට හිරිහැර කළේ පෙනුම හරි නැති නිසා”- නියෝමාල් රංගජීව

අලුත්කඩේ උසාවි සංකීර්ණ පරිශ්‍රය තුළදී මාධ්‍යවේදියෙකුගේ රාජකාරියට බාධා කිරීම, ඔහුට හිරිහැර කිරීම සම්බන්ධයෙන්, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව...

පාඨක අදහස්