31 C
Colombo
Sunday, July 12, 2020
මුල් පිටුව උණුසුම් පුවත් මුඛ ආවරණ පැළඳීම රෝගයේ ව්‍යාප්තිය වැඩිවීමට හේතුවක් වන හැටි අනිල් ජාසිංහ කියයි

කොරෝනා වයිරසය ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා මහජනතාව මුඛ ආවරණ භාවිත කළ යුතු ආකාරය සම්බන්ධයෙන් සමාජගත වෙමින් පවතින දුර්මත පිළිබඳව අවධානය යොමුකරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වෛද්‍ය උපදෙස් මාලාවක් ඉදිරිපත් කර තිබේ.

පහත කරුණු වෙත අවධානය යොමු කරන ලෙසද ජාසිංහ මහතා සඳහන් කරයි.

දැනට මුඛ ආවරණ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිර්දේශ කරනු ලබන්නේ, රෝගීන් යැයි සැක පුද්ගලයන්, ඔවුන් සමඟ ළඟින් ඇසුරු කරන පුද්ගලයන්,රෝගීන් රැකබලාගන්නා සෞඛ්‍ය සේවකයන් සහ ශ්වසන රෝග ලක්ෂණ පෙන්වන පුද්ගලයන් රෝහලකට යෑමේදී යන අවස්ථාවලදී පමණකි.

සාමාන්‍ය පුද්ගලයින් එදිනෙදා ජීවන කටයුතුවලදී මුඛ ආවරණ භාවිතය සෞඛ්‍ය අමාත්‍යංශය නිර්දේශ නොකරයි. එසේ නොකරන්නේ, මුඛ ආවරණ වැරදියට භාවිතය මගින් රෝගය බෝවීම වැඩිවීම, භාවිත කළ මුඛ ආවරණ තැන තැන බැහැර කිරීම මගින් රෝගය පැතිර යාම වැඩිවීම, තමා ළඟ ඇති මුඛ ආවරණ අත්‍යවශ්‍ය වූ අවස්ථාවකදී භාවිතයට ගැනීම සඳහා තබාගැනීම වැනි කරුණු හේතුවෙනි.

රෝගය බෝවීම සහ පැතිරීම වැළැක්වීම සඳහා සුදුසු ම ක්‍රමය වන්නේ, දෙදෙනෙකු අතර පරතරය අවම වශයෙන් මීටර් 1ක්වත් පවත්වාගෙන යාම, නිතර සබන් යොදා තත්පර 20ක් පමණ දෑත් සේදීම, අපිරිසිදු දෑත්වලින් ඇස්, නාසය සහ මුඛය නොඇල්ලීම, කහිනවිට කිවිසින විට වැළමිටේ ඇතුල් පැත්තෙන් නාසය හා මුඛය ආවරණය කරගැනීම යන මූලික කරුණු මගින් රෝගය ව්‍යාප්තිය අවම කරගත හැකි නිසාය.

සෞඛ්‍ය අමාත්‍යංශය මගින් නිරෝගී පුද්ගලයකු සඳහා මුඛ ආවරණ භාවිතය නිර්දේශ නොකළද, කෙනෙකු මුඛ ආවරණ භාවිත කිරීමට තීරණය කළහොත් එය ඔහුගේ හෝ ඇයගේ කැමැත්ත නම් සෞඛ්‍ය අමාත්‍යංශය කිසිවිටකත් එයට බාධා නොකරයි. නමුත් නිරෝගී සාමාන්‍ය ජනතාව මුඛ ආවරණ භාවිත නොකිරීම වරදක් ලෙස සලකා ඔවුන්ට කිසිදු හානියක් නොකරන ලෙද සෞඛ්‍ය අමාත්‍යංශය ඉල්ලීමක් කරයි.

නිරෝගී සාමාන්‍ය පුද්ගලයකු මුඛ ආවරණ භාවිත කිරීම කිසිදු විද්‍යාත්මක පදනමක් නොමැති ක්‍රියාවක් බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා දැනුම් දෙයි.

 

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

ඇට්ටර ට්‍රම්ප් පළමු වරට මුව ආවරණ පළඳියි

Covid 19 වසංගතය ආරම්භ වීමෙන් පසු ප්‍රථම වරට ප්‍රසිද්ධියේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මුහුණු ආවරණයක් පළඳ පැමිණ තිබේ. ජනාධිපති ට්‍රම්ප් මෙලෙස මුහුණු ආවරණයක්...

“මෙය පාලනය කළ හැකියි”- අනිල් ජාසිංහ

Covid 19 හෙවත් නව කොරෝනා වෛරස ව්‍යාප්තියේ වත්මන් තත්ත්වයද පාලනය කළ හැකි මට්ටමක පවතින බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ...

සුපිරි බොලිවුඩ් නළු අමිතාබ් බච්චන්ටත් කොරෝනා

සුපිරි බොලිවුඩ් නළු අමිතාබ් බච්චන් හට කොරෝනා වෛරසය අසාදනය වී ඇති බවට වාර්තා වේ. ඒ මහතාගේ නිල ට්විටර් වෙබ් අඩවියේ මීට නිකුත් කල...

“මාධ්‍යවේදියාට හිරිහැර කළේ පෙනුම හරි නැති නිසා”- නියෝමාල් රංගජීව

අලුත්කඩේ උසාවි සංකීර්ණ පරිශ්‍රය තුළදී මාධ්‍යවේදියෙකුගේ රාජකාරියට බාධා කිරීම, ඔහුට හිරිහැර කිරීම සම්බන්ධයෙන්, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව...

පාඨක අදහස්