31 C
Colombo
Sunday, July 12, 2020
මුල් පිටුව විදෙස් පුවත් චාල්ස් කුමරුගේ සේවිකාවට කොරෝනා වැළදී ඇති බවට සංසරණය වන පුවත බොරුවක්

බ්‍රිතාන්‍යයේ චාල්ස් කුමරුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි අද තහවුරු කළ බව බීබීසී ලෝක සේවය ඊයේ (25) වාර්තා කළේය.

බීබීසී වාර්තාවේ දැක්වුණේ චාල්ස් කුමරු හා බිරිඳ කැමිලා මේ වනවිට ස්කොට්ලන්තයේ බැල්මොරල්හී ස්වයං නිරෝධායනයට ලක්වන බවය.

71 හැවිරිදි චාල්ස් කුමරුගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බව බකිංහැම් මාළිගය නිවේදනය කර ඇති අතර බිරිඳ කැමිලා අසාදනයට ලක්ව නොමැති බව ද තහවුරු කර තිබේ.

චාල්ස් කුමරු, සිය මව වන එළිසබෙත් මහ රැජින අවසාන වරට හමුවී තිබුණේ පසුගිය මාර්තු 12 වැනිදාය.

ඊට දින 3කට පෙර මහ රැජින සහ පවුලේ සාමාජිකයින් පොදුරාජ්‍ය මණ්ඩල දින දේව මෙහෙයට සහභාගි වූ අතර එහිදී සමාජ දුරස්ථකරණය පවත්වාගෙන යාමට ද වගබලාගෙන තිබුණි.

කෙසේ වෙතත් මේ වනවිට චාල්ස් කුමරුගේ සේවිකාවට කොරෝනා වැළදී ඇති බවට ව්‍යාජ පුවතක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වේ. එම පුවතේ කිසිදු සත්‍යතාවයක් නොමැති අතර කිසිදු ජාත්‍යන්තර මාධ්‍යක් ඒ පිළිබඳව වාර්තා කර නොමැත.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

ඇට්ටර ට්‍රම්ප් පළමු වරට මුව ආවරණ පළඳියි

Covid 19 වසංගතය ආරම්භ වීමෙන් පසු ප්‍රථම වරට ප්‍රසිද්ධියේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මුහුණු ආවරණයක් පළඳ පැමිණ තිබේ. ජනාධිපති ට්‍රම්ප් මෙලෙස මුහුණු ආවරණයක්...

“මෙය පාලනය කළ හැකියි”- අනිල් ජාසිංහ

Covid 19 හෙවත් නව කොරෝනා වෛරස ව්‍යාප්තියේ වත්මන් තත්ත්වයද පාලනය කළ හැකි මට්ටමක පවතින බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ...

සුපිරි බොලිවුඩ් නළු අමිතාබ් බච්චන්ටත් කොරෝනා

සුපිරි බොලිවුඩ් නළු අමිතාබ් බච්චන් හට කොරෝනා වෛරසය අසාදනය වී ඇති බවට වාර්තා වේ. ඒ මහතාගේ නිල ට්විටර් වෙබ් අඩවියේ මීට නිකුත් කල...

“මාධ්‍යවේදියාට හිරිහැර කළේ පෙනුම හරි නැති නිසා”- නියෝමාල් රංගජීව

අලුත්කඩේ උසාවි සංකීර්ණ පරිශ්‍රය තුළදී මාධ්‍යවේදියෙකුගේ රාජකාරියට බාධා කිරීම, ඔහුට හිරිහැර කිරීම සම්බන්ධයෙන්, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව...

පාඨක අදහස්