31 C
Colombo
Thursday, May 28, 2020
මුල් පිටුව ආර්ථික වරායට එන නෞකා ප්‍රමාද සහ පිවිසුම් ගාස්තුවලින් නිදහස්

ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලය තුළ දිවයිනේ වරාය වෙත පිවිසෙන නෞකාවලට අවශ්‍ය පහසුකම් නොපමාව සලසන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා වරාය අධිකාරියට නියම කර තිබේ.

ඒ අනුව සියලු නෞකා ප්‍රමාද ගාස්තු හා පිවිසුම් ගාස්තු ගෙවීමෙන් නිදහස් කර ඇතැයි වරාය අධිකාරියේ සභාපති ජෙනරාල් දයා රත්නායක මහතා පැවසීය.

සියලු වරාය මෙහෙයුම් ආශ්‍රත සේවාවන් සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට තවත් සහන රැසක් ලබාදීමට ද ජනාධිපතිවරයා නියම කර ඇත.

නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය මේ බව සඳහන් කර තිබේ.

ආනයන, අපනයන කටයුතු අඛණ්ඩව සිදු කිරීමට අවශ්යත සහන අදාළ ව්‍යාපාරික ප්රතජාවට වරාය පරිශ්‍රයේදීම ලබාදීමට මේ යටතේ පියවර ගැනෙයි.

ශ්‍රී ලංකා රේගුව, කොළඹ වරාය තුළ ක්‍රියාත්මක වරාය අධිකාරියේ පර්යන්තයන් වන (JCT/UCT), CICT සහ SAGT පුද්ගලික සමාගම් යටතේ පාලනය වන පර්යන්තයන් මේ සඳහා එක්ව ක්‍රියා කරන බවද එම නිවේදනයේ වැඩිදුටත් දැක්වෙයි.

සියලුම අංශ ආවරණය වන පරිදි පහසුකම් සලසාදීමට පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ජෙනරාල් දයා රත්නායක මහතා කියා සිටියි.

1.ඇඳිරි නීතිය පනවා ඇති කාලසීමාවේ දී වරාය පරිශ්‍රයේ භාණ්ඩ මෙහෙයවීමේ දී ආනයනික බහලුම් හා නැව් භාණ්ඩ සහ ආනයනික හිස් බහලුම් සඳහා අය කරන අංගන හා ගුදම් කුලී ගාස්තු සම්පූර්ණයෙන් නිදහස් කර ඇත.

2. වරාය ආශ්‍රිත ප්‍රවාහන සඳහා යොදා ගන්නා ට්‍රක්, ලොරි, ටිපර්, බවුසර් රථ සහ නියෝජිත ආයතනවල පොදු / පෞද්ගලිකරථ (වෑන්, කාර්, යතුරු පැදි) සඳහා වරාය පරිහණයේ දී එම නියෝජිත ආයතන හා සමාගම් දැනට ලබාගෙන ඇති වරාය දොරටු ප්‍රවේශ අවසර පත්‍ර/ පුද්ගල ප්‍රවේශ අවසර පත් ද ඇඳිරි නීතිය බලපැවැත්
වෙන කාලසීමාව සඳහා වලංගු වේ.

3. වරාය ආශ්‍රිත රාජකාරී කටයුතුවල නිරත පුද්ගලික අංශයේ අත්‍යාවශ්‍ය සේවක පිරිස් සඳහා ඇඳිරි නීති කාලසීමාවේ ගමන් කිරීමේ අවසර පත්‍ර ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නිර්දේශ මත ශ්‍රී ලංකා පොලිසිය මඟින් ලබාදීමට කටයුතු කර ඇත.

4. වරාය තුළ ක්‍රියාත්මක පරියන්ත සේවා හා අන්තර් පරියන්ත සේවාවන්හි නිරත බහලුම්/ භාණ්ඩ ප්‍රවාහන රථ සඳහා අවශ්‍යක ඉන්ධන මුදල් ගෙවීමේ පදනම මත ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ඉන්ධන පිරවුම්හල්වලින් ලබා ගැනීමේ පහසුකම් සලසා ඇත.

5.ශ්‍රී ලංකා වරාය අධිකාරියේ අඛණ්ඩව සේවයේ නිරත සියලුම සේවක පිරිස් වෙත සෞඛ්‍යාරක්ෂිත සනීපාරක්ෂක සේවා හා සුබසාධන පහසුකම් මෙන්ම හඳුනාගත් මාර්ගයන් ප්‍රවාහන පහසුකම් ද උපරිම අයුරින් ලබාදීමට පියවර ගෙන තිබේ.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

තොණ්ඩමන්ගේ දේහය අද පාර්ලිමේන්තුවට

අභාවප්‍රාප්ත, ප්‍රජා සවිබල ගැන්වීම් සහ වතු යටිතල පහසුකම් සංවර්ධන කැබිනට් අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ දේහය අද (28) පාර්ලිමේන්තු සංකීර්ණය වෙත රැගෙන ඒමට...

පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එජාප මහ ලේකම්ට අයිතියක් නැහැ

පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට හෝ තනතුරුවලින් ඉවත් කිරීමට එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයාට අයිතියක් හෝ බලයක් නොමැති බව සමඟි ජනබලවේගයේ මහ ලේකම්...

කුවේට්හි අසරණව සිටින ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් සජිත් මැදිහත් වෙයි

සමගි ජනබලවේගයේ නායක, හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ කුවේට් තානාපති Khalaf Bu Dhhair මහතා අතර විශේෂ හමුවක් සහ සාකච්ඡාවක් ඊයේ...

සහල් මිල වැඩිකිරීම ගැන ඩඩ්ලි රාජපක්ෂ පවුලට විශේෂ ස්තූති කරයි

සහල් මිල වැඩිකිරීමට එකඟතාවය ලබාදීම සම්බන්ධයෙන් අරලිය සහල් ව්‍යාපාරයේ හිමිකරු ඩඩ්ලි සිරිසේන මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට, කෘෂිකර්ම...

පාඨක අදහස්