31 C
Colombo
Thursday, May 28, 2020
මුල් පිටුව දේශපාලන කොරෝනා යකාට ගියදෙන් කියා කාංචන හා ඩලස් දැවැන්ත ජන රැළියක් පවත්වයි

කොරෝනා ව්‍යාප්තිය වළක්වා ගැනීම සඳහා හැකි තරම් වෙර යොදා ජනතාව නිවෙස් තුළට කර තබන මෙහෙයුම මැද ඒ සියල්ල පයිසෙකටවත් මායිම නොකර කටයුතු කරන දේශපාලකයන් සම්බන්ධයෙන් විටින් විට තොරතුරු වාර්තා විය.

ඒ අතරට දැන් අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම හා නියෝජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර ද එක්ව සිටියි.

කොරෝනා කෙසේවෙතත් ඔවුන් දෙදෙනා යහමින් ජන්ද වැඩය.

කොරෝනා ව්‍යාප්තිය වළක්වා ගැනීම සඳහා සියල්ල්ලට ප්‍රථම පාසල් නිවාඩු දී ලක්ෂ ගණනක් දරුවන්ගේ ජීවිත බේරා ගැනීමට තමන් ක්‍රියා කළ බවට පසුගියදා පුන පුනා පවසමින් සිටි අලහප්පෙරුම අමාත්‍යවරයාට ඇතැම් විට දැන් කොරෝනා ප්‍රශ්නය අදාළ නොවන්නට පුළුවන. ඒ, ඔහු තමන් භාරයේ තිබෙන පාසල් නිවාඩු දී දරුවන් හා ගුරුවරුන් ඇතුළු එම කාර්ය මණ්ඩල නිවෙස්වලට කිරීමේ මෙහෙයුම අවසන් වූ නිසාවෙන් විය හැකිය.

පසුගිය 27 වැනි දින පෙරවරුවේ අකුරැස්සේදී පොහොට්ටුවේ ප්‍රාදේශීය සභා නියෝජිතයන් ඇතුළු පිරිස ගෙන්වා ඩලස් අලහප්පෙරුම හා කාංචන විජේසේකර අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් රැස්වීමක් කර තිබේ.

කොරෝනා ව්‍යාප්තිය වළක්වා ගැනීම සඳහා නිරෝධායන නීතිය බලාත්මක කරමින් රටපුරා ඇඳිරි නීති පනවා තවදුරටත් ක්‍රමානුකූලව එම නීති දැඩි කරමින් ජනරාශිය වළක්වා ඇති මොහොතක මෙවැනි ජන රාශීන් සිදුකිරීම නීතියට පටහැනිය. මෙය පැහැදිලි ලෙසම නිරෝධායන නීතිය උල්ලංඝනය කිරීමකි. නිරෝධායන නීතිය යටතේ දෙදෙනෙකුට වැඩ රැස්වීම එම නීතියට පටහැනිව යාමකි.

පොලීසිය විසින් පන්න පන්නා ගොස් එවැනි අයුතු ජනරාශින් වළක්වන අතර (ආසන්නතම සිදුවීම් පසුගිය සිකුරුදා දින නිරෝධායන නීති නොතකා මුස්ලිම් පල්ලි තුළ ආගමික කටයුතු සඳහා රැස්වීම) එයට මෙවැනි ජනතා නියෝජිතයන්ගේ නීතිය බල්ලට දමා සිදුකරන දෑ අදාළ නොවේද යන ප්‍රශ්නය දැන් අසන්නට සිදුව තිබේ.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

තොණ්ඩමන්ගේ දේහය අද පාර්ලිමේන්තුවට

අභාවප්‍රාප්ත, ප්‍රජා සවිබල ගැන්වීම් සහ වතු යටිතල පහසුකම් සංවර්ධන කැබිනට් අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ දේහය අද (28) පාර්ලිමේන්තු සංකීර්ණය වෙත රැගෙන ඒමට...

පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එජාප මහ ලේකම්ට අයිතියක් නැහැ

පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට හෝ තනතුරුවලින් ඉවත් කිරීමට එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයාට අයිතියක් හෝ බලයක් නොමැති බව සමඟි ජනබලවේගයේ මහ ලේකම්...

කුවේට්හි අසරණව සිටින ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් සජිත් මැදිහත් වෙයි

සමගි ජනබලවේගයේ නායක, හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ කුවේට් තානාපති Khalaf Bu Dhhair මහතා අතර විශේෂ හමුවක් සහ සාකච්ඡාවක් ඊයේ...

සහල් මිල වැඩිකිරීම ගැන ඩඩ්ලි රාජපක්ෂ පවුලට විශේෂ ස්තූති කරයි

සහල් මිල වැඩිකිරීමට එකඟතාවය ලබාදීම සම්බන්ධයෙන් අරලිය සහල් ව්‍යාපාරයේ හිමිකරු ඩඩ්ලි සිරිසේන මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට, කෘෂිකර්ම...

පාඨක අදහස්