31 C
Colombo
Thursday, May 28, 2020
මුල් පිටුව Uncategorized වීසා නැති ලාංකිකයන් කුවේටයෙන් නෙරපයි

වීසා නැති ලාංකිකයන් කුවේටයෙන් නෙරපයි

සියලු ගුවන් ගමන් නතරකර තිබියදී වීසා නොමැති සියලුම ශ්‍රී ලාංකිකයන්ට රටින් පිටව යන ලෙසට කුවේට් රජය නියෝග කර ඇත.

කුවේට් රාජ්‍යයේ වීසා නොමැති ශ්‍රී ලාංකිකයන් පන්දහසක් පමණ සිටින බව එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.

කොවිඩ් 19 වෛරසය නිසා කුවේට් රජය මෙම තීරණය ගෙන ඇති අතර වීසා නොමැති සියලු ශ්‍රී ලාංකිකයන්ට අනිද්දා (අප්‍රේල් 01 වැනිදා) සිට අප්‍රේල් 30 වැනිදා දක්වා කාලයේ එරටින් පිට වන ලෙසට නියෝග කර ඇත. වීසා නොමැතිව කුවේට්හි සිටින ලාංකිකයන් පොදු සමා කාලය තුළ පිටව නොගියොත් අත්අඩංගුවට ගෙන ඔවුන් තම රටින් පිටුවහල් කරන බවද කුවේටය දැනුම් දී ඇතැයි එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

වීසා නොමැති අය⁣ කුවේට් රජයේ රෝහල්වලට භාර නොගන්නා අතර පෞද්ගලික රෝහල්වලින්ද අසනීපයක් සඳහා ප්‍රතිකාර ලබා නොදෙන බව තානාපති කාර්යාලයේ නිලධාරියෙක් කීවේය.

 
 

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

තොණ්ඩමන්ගේ දේහය අද පාර්ලිමේන්තුවට

අභාවප්‍රාප්ත, ප්‍රජා සවිබල ගැන්වීම් සහ වතු යටිතල පහසුකම් සංවර්ධන කැබිනට් අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ දේහය අද (28) පාර්ලිමේන්තු සංකීර්ණය වෙත රැගෙන ඒමට...

පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එජාප මහ ලේකම්ට අයිතියක් නැහැ

පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට හෝ තනතුරුවලින් ඉවත් කිරීමට එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයාට අයිතියක් හෝ බලයක් නොමැති බව සමඟි ජනබලවේගයේ මහ ලේකම්...

කුවේට්හි අසරණව සිටින ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් සජිත් මැදිහත් වෙයි

සමගි ජනබලවේගයේ නායක, හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ කුවේට් තානාපති Khalaf Bu Dhhair මහතා අතර විශේෂ හමුවක් සහ සාකච්ඡාවක් ඊයේ...

සහල් මිල වැඩිකිරීම ගැන ඩඩ්ලි රාජපක්ෂ පවුලට විශේෂ ස්තූති කරයි

සහල් මිල වැඩිකිරීමට එකඟතාවය ලබාදීම සම්බන්ධයෙන් අරලිය සහල් ව්‍යාපාරයේ හිමිකරු ඩඩ්ලි සිරිසේන මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට, කෘෂිකර්ම...

පාඨක අදහස්