31 C
Colombo
Monday, May 25, 2020
මුල් පිටුව ආර්ථික අජිත් නිවාඩ් හා මහින්ද සේවක අර්ථසාධක අරමුදලට විදින්න සූදානම් වෙයි

කොරෝනා වෛරසය හේතුවෙන් රටේ ආර්ථිකය මුහුණදී ඇති පසුබෑමට පිළියමක් වශයෙන් සේවක අර්ථසාධක අරමුදලේ තැන්පතුවලින් 20%ක් එහි සාමාජිකයින් වෙත නිදහස් කිරීමට අග්‍රාමාත්‍ය ආර්ථික උපදේශක අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා කර ඇති යෝජනාවෙන් පෙන්නුම් කෙරෙන්නේ ආණ්ඩුවේ අසාර්ථක භාවය බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා පවසයි.

“ආණ්ඩුවේ මේ වෙලාවෙ උපදෙස් වෙලා තියෙන්නෙ සේවකයාගෙ සාක්කුවෙන්ම අරන් වියදම් කරගන්න එක. මේ තියෙන්නෙ බැංකුවෙ තියන සල්ලි අරන් ආපහු වියදම් කරලා මාස දෙකක් කන්න කියන කතාව තමයි මේ කියන්නෙ.

හැබැයි ලෝකෙ රටවල් ගත්තාම සිංගප්පූරුව පවා දළ ජාතික නිෂ්පාදිතයෙන් 11%ක් මේ කොරෝනා වෛරසයෙන් අවදානමට මුහුණ දීම සඳහා වෙන්කරලා තියෙනවා. බහරේන් රාජ්‍ය 14%ක් වෙන්කරලා තියෙනවා. දියුණු සංවර්ධිත රටවල් මීට වඩා විශාල ප්‍රමාණයක් – ජර්මනිය 22%ක් වගේ වෙන්කරලා තියෙනවා.

අපි 0.30යි, ඩොලර් මිලියන 300ක් තමයි අපි ඇස්තමේන්තු කරලා තියෙන්නෙ මේ අවදානමෙන් රට මුදවාගන්න. මෙය ප්‍රමාණවත් වෙන්නෙ නෑ. රජය ගන්නා ක්‍රියාමාර්ගය ඇතුළෙ සේවක අර්ථසාධක අරමුදල ඒකට බිලිදෙන්න තමයි ආණ්ඩුවේ සැලසුම වෙලා තියෙන්නෙ.

සේවක අර්ථසාධක අරමුදල නිදහස් කිරීම හරහා සේවකයන්ට බලපෑමක් ඇතිවෙනවා. ඒවගේම රටේ ආර්ථිකයට යම් උත්තේජනයක් ගන්න පුළුවන්, හැබැයි ඒ උත්තේජනය ගන්නවා වගේම සේවකයින්ගේ අරමුදල තමයි මේ වියදම් කරන්න ආණ්ඩුව යෝජනා කරන්නේ.

එතකොට ආණ්ඩුවක් ඕනෙ නෑ සේවකයින්ගේ සල්ලි වියදම් කරලා රට හදන්න. ඒනිසා ආණ්ඩුවේ ක්‍රියාමාර්ග අසාර්ථකයි කියන එක තමයි අද මේ කටයුත්තෙදිත් ආණ්ඩුව පෙන්නුම් කරමින් තියෙන්නෙ” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

කුවේට් සිට පැමිණි 47කට කොරෝනා

අද (24) දිනයේ රාත්‍රී 9.45 වන විට නව්‍ය කොරෝනා රෝගීන් 49 දෙනෙක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර...

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 1117 ක් දක්වා ඉහළට

අද(24) සවස 5.00 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 11 දෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාශය පවසයි. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන...

කාන්තාවක් ඝාතනය කිරීමට කාන්තාවන් සිව් දෙනෙක් ඇතුළු 7ක් අත්අඩංගුවට

මීටියාගොඩ ප්‍රදේශයේ දී කාන්තාවක් ඝාතනය කර තවත් පුද්ගලයින් හය දෙනෙකුට බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියට අදාළ සැකකරුවන් 07 දෙනෙකු මීටියාගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට...

පිවිසුම් මාර්ග 5කින් කොළඹට එන බස් නවත්වන තැන් මෙන්න

අඟහරුවාදා(26) සිට කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු පළාත් අතර අන්තර් පළාත් බස් රථ සේවා ආරම්භ කරන ලෙස ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය...

පාඨක අදහස්