31 C
Colombo
Monday, May 25, 2020
මුල් පිටුව උණුසුම් පුවත් අජිත් රෝහණ බොරු ප්‍රචාර ගෙනයන බවට ඉතාලි තානාපති කාර්යාලයෙන් නිවේදනයක්

ඉතාලියේ කොරෝනා වෛරස් ආසාදනයෙන් මියගිය පුද්ගලයින්ගේ මළ සිරුරු නිරුවත් කර කිසිදු ආගමික වතාවතකින් තොරව අවසන් කටයුතු සිදු කෙරෙන බවට ඇතැම් පුද්ගලයින් විසින් ශ්‍රී ලංකාව තුළ ගෙනයන ප්‍රචාරය සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති කාර්යාලය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම තානාපති කාර්යාලය අවධාරණය කරන්නේ ඉතාලියේ කොරෝනා මරණවලදී පොදුවේ සමාන්‍ය පරිදි ආදාහන කටයුතු සිදුකිරීමට අවසර නොමැති නමුත් මියගිය පුද්ගලයාගේ සමීපතමයින් පිරිසකගේ සහභාගීත්වයෙන් එම පුද්ගලයාගේ ආගමට අනුව අවසන් කටයුතු සිදුකිරීමට සියල්ලන්ටම අවසර ලබාදී තිබෙන බවයි.

එසේම මියගිය තැනැත්තන්ගේ මෘත දේහයන් (තැන්පත් කළ තනි මිනිපෙට්ටිය හෝ භෂ්මාවශේෂ තැන්පත් කළ බඳුන) තනි තනි වශයෙන් අදාළ පුද්ගලයාට අයත් ආගමානූකූලව සහ නීතිමය රෙගුලාසිවලට අනූව හිමි විය යුතු අවසන් ගෞරවයන් දක්වමින් ඉතාලි සංස්කෘතියේ මුල් බැසගත් අවමංගල්‍ය චාරිත්‍රවලට අනුව නිසි පරිදි අවසන් කටයුතු සිදුකිරීමට සියලූ පහසුකම් රජය විසින් සළසා දී තිබෙන බවත් ඔවුන් සඳහන් කරයි.

මේ අතර අනවසරයෙන් ඉතාලියේ රැඳී සිට ශ්‍රී ලංකාවට පැමිණි කිසිවෙකුත් ඉතාලියට පැමිණීම සඳහා තම තානාපති කාර්යාලයෙන් වීසා ලබාගෙන නොතිබුණු බවත් මේ වනතුරුත් එසේ වීසා ලබාගැනීම සම්බන්ධයෙන් ඉල්ලීම් කර නොමැති බවත් එම නිවේදනයෙන් වැඩිදුරටත් දැක්වේ.

කොරෝනා වෛරසයෙන් මියගිය ඉතාලි ජාතිකයින්ගේ මළ සිරුරු නිරුවතින්ම ලොරිවල පටවාගෙන ගොස් කම්බි කොක්කකින් වළවල්වලට අතහරින බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබුණේ ශ්‍රී ලංකාවේ කොරෝනා ව්‍යාප්තිය මැඬපැවැත්වීමේ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රකාශකයකු වන නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා විසිනි.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

කුවේට් සිට පැමිණි 47කට කොරෝනා

අද (24) දිනයේ රාත්‍රී 9.45 වන විට නව්‍ය කොරෝනා රෝගීන් 49 දෙනෙක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර...

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 1117 ක් දක්වා ඉහළට

අද(24) සවස 5.00 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 11 දෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාශය පවසයි. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන...

කාන්තාවක් ඝාතනය කිරීමට කාන්තාවන් සිව් දෙනෙක් ඇතුළු 7ක් අත්අඩංගුවට

මීටියාගොඩ ප්‍රදේශයේ දී කාන්තාවක් ඝාතනය කර තවත් පුද්ගලයින් හය දෙනෙකුට බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියට අදාළ සැකකරුවන් 07 දෙනෙකු මීටියාගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට...

පිවිසුම් මාර්ග 5කින් කොළඹට එන බස් නවත්වන තැන් මෙන්න

අඟහරුවාදා(26) සිට කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු පළාත් අතර අන්තර් පළාත් බස් රථ සේවා ආරම්භ කරන ලෙස ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය...

පාඨක අදහස්