31 C
Colombo
Thursday, May 28, 2020
මුල් පිටුව උණුසුම් පුවත් දඹුල්ලේ පුද්ගලයින් 33 දෙනෙකු නිරෝධායනයට

දඹුල්ලේ පුද්ගලයින් 33 දෙනෙකු නිරෝධායනයට

මහනුවර අකුරණ ප්‍රදේශයේදි කොරෝනා වෛරසය ආසාදිත වූ හඳුනාගත් පුද්ගලයා දඹුල්ල නිකවටවන ප්‍රදේශයේ අවමඟුල් උත්සවයක් පවතීන නිවසකට පැමිණ එම ප්‍රදේශයේ සැරිසැරූ බවට ලද තොරතුරක් මත අද දින දහවල් මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් සහ දඹුල්ල පොලීසිය එක්ව නික වටවන ගම්මානයේ නිවාස හතක් පුද්ගලයන් 33 දෙනෙකු නිවාස තුළම නිරෝධායන කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන්නට වූහ.

මෙම රෝගය ආසාදනය වූ පුද්ගලයා දඹුල්ල නිකවටවන ප්‍රදේශයට පැමිණ ඇති බව පොලිස් බුද්ධි අංශ සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් සොයාගන්නා තුරු එම පුද්ගලයන් කිසිවකු ඔහු පැමිණි බව නොසඟවා සිටීම විශේෂත්වයකි .

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු එම ස්ථානයට ගොස් පුද්ගලයාගේ ඡායාරූප පෙන්වා ප්‍රශ්න කිරීමේදී ද ඔහු පැමිණි බව පිළිගැනීමට අකමැත්තක් දැක්වූහ. කෙසේ වෙතත් අවට පදිංචිකරුවන් මෙන්ම තොරතුරු බොහෝදෙනෙකු පොලීසියට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට මෙම පුද්ගලයා පැමිණි බවට තොරතුරු ලබා දෙන්නට විය.

ඒ අනුව මෙම පුද්ගලයා පැමිණි නිවසේ නිවැසියන් සහ එම නිවසට යාබදව ඇති නිවාස හතක් එම නිවෙස් වල ජීවත්වෙන පුද්ගලයන් තිස්තුන් දෙනෙක් නිවෙස් තුළම දින දාහතරක් කාලයක් නිරෝධායන කටයුතුවල නිරත වන ලෙස දඹුල්ල සීගිරිය කලාප භාර සෞඛ්‍ය පරීක්ෂක එස් . ඒ. වසන්ත කුමාර මහතා නියෝග කළේය.

මෙම නිරෝධායන නීතිය කඩ කරන්නන් හට නීතිය තදින් ක්‍රියාත්මක කරන බවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ පොලීසිය මෙම පිරිසට දැඩිව අවවාද කරන්නට වූහ.

මෙම ප්‍රදේශයේ බොහෝ දෙනෙකු රෝගී තත්ත්වයන් එම අවමගුල් උත්සවයෙන් පසුව පැමිණි පිරිස පිළිබඳව අනාවරණය කිරීමට දැඩි මැලිකමක් දක්වන්නට විය. පුද්ගලයා අවමඟුල් අවස්ථාවෙන් පසුව දිනක මෙම නිවසට පැමිණ තිබෙන බවත් නිශ්චිතව එම දිනය පවා හෙළිකරගැනීමට නොහැකි වූ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පැවසූහ.

දඹුල්ල ප්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ජයනාත් ජයසුන්දර මහතා ඇතුළු කණ්ඩායමක් මෙම ප්‍රදේශයේ තවදුරටත් නිරෝධායනය විය යුතු පුද්ගලයන් සිටි දැයි යන්න පරීක්ෂණ කටයුතු ආරම්භ කොට තිබිණි.

මෙසේ නිරෝදායනයට ලක් වූයේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ සැලක් පවත්වාගෙන ඒ .සී. එම් .ලෆීර් නැවතී අයෙකුගේ නිවසක් බව පොලීසිය කියයි.

එම ව්‍යාපාරිකයාටද දැඩි ලෙස අවවාද කරමින් කියා සිටියේ කිසිදු ප්‍රදේශයක ගමන් නොකොට තම ගම්මානයේ ජනතාව රටේ ජනතාව ආරක්ෂා කිරීම සඳහා නිරෝධායන නීතිය අකුරටම ක්‍රියාත්මක කරන ලෙසය.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

තොණ්ඩමන්ගේ දේහය අද පාර්ලිමේන්තුවට

අභාවප්‍රාප්ත, ප්‍රජා සවිබල ගැන්වීම් සහ වතු යටිතල පහසුකම් සංවර්ධන කැබිනට් අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ දේහය අද (28) පාර්ලිමේන්තු සංකීර්ණය වෙත රැගෙන ඒමට...

පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එජාප මහ ලේකම්ට අයිතියක් නැහැ

පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට හෝ තනතුරුවලින් ඉවත් කිරීමට එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයාට අයිතියක් හෝ බලයක් නොමැති බව සමඟි ජනබලවේගයේ මහ ලේකම්...

කුවේට්හි අසරණව සිටින ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් සජිත් මැදිහත් වෙයි

සමගි ජනබලවේගයේ නායක, හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ කුවේට් තානාපති Khalaf Bu Dhhair මහතා අතර විශේෂ හමුවක් සහ සාකච්ඡාවක් ඊයේ...

සහල් මිල වැඩිකිරීම ගැන ඩඩ්ලි රාජපක්ෂ පවුලට විශේෂ ස්තූති කරයි

සහල් මිල වැඩිකිරීමට එකඟතාවය ලබාදීම සම්බන්ධයෙන් අරලිය සහල් ව්‍යාපාරයේ හිමිකරු ඩඩ්ලි සිරිසේන මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට, කෘෂිකර්ම...

පාඨක අදහස්