31 C
Colombo
Thursday, May 28, 2020
මුල් පිටුව උණුසුම් පුවත් රජයේ නිලධාරීන් විවේචනය කළොත් දැඩි දඬුවම්

කොරෝනා මර්ධන රාජකාරිවලට නිරත වී සිටින රජයේ නිලධාරීන්ගේ කටයුතු විවේචනය කරමින් සහ ඔවුන් ගේ අඩුපාඩු මතුකර පෙන්වමින් අන්තර්ජාලය තුළ ප්‍රසිද්ධ කරන පුද්ගලයින්ටව අත් අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව දැඩි ලෙස නීතිමය පියවර ගැනීමට වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ දිවයිනේ සියලුම පොලිස් ස්ථානවලට නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.

කොරෝනාව අස්සේ පොලිස් රාජ්‍යයක් පිහිටුවීමේ මුල් පියවර වැඩබලන පොලිස්පතිවරයා විසින් තබනවාදැයි අප දන්නේ නැත.

අන්තර්ජාලය තුළ මුලදීම දැඩි විවේචනය ලක්ව තිබුණේ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා විසින් ඉතාලියේ කොරෝනා මරණවල අවසන් කටයුතු පිළිබඳ කර තිබුණු අසත්‍ය ප්‍රකාශයකි. එම ප්‍රකාශය වැනි ප්‍රචාරණයන් සම්පූර්ණයෙන් අසත්‍ය බවට නිවේදනයක් නිකුත් කිරීමට පවා ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති කාර්යාලයට සිදුව තිබිණි.

ප්‍රතිචාර: 1

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

තොණ්ඩමන්ගේ දේහය අද පාර්ලිමේන්තුවට

අභාවප්‍රාප්ත, ප්‍රජා සවිබල ගැන්වීම් සහ වතු යටිතල පහසුකම් සංවර්ධන කැබිනට් අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ දේහය අද (28) පාර්ලිමේන්තු සංකීර්ණය වෙත රැගෙන ඒමට...

පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එජාප මහ ලේකම්ට අයිතියක් නැහැ

පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට හෝ තනතුරුවලින් ඉවත් කිරීමට එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයාට අයිතියක් හෝ බලයක් නොමැති බව සමඟි ජනබලවේගයේ මහ ලේකම්...

කුවේට්හි අසරණව සිටින ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් සජිත් මැදිහත් වෙයි

සමගි ජනබලවේගයේ නායක, හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ කුවේට් තානාපති Khalaf Bu Dhhair මහතා අතර විශේෂ හමුවක් සහ සාකච්ඡාවක් ඊයේ...

සහල් මිල වැඩිකිරීම ගැන ඩඩ්ලි රාජපක්ෂ පවුලට විශේෂ ස්තූති කරයි

සහල් මිල වැඩිකිරීමට එකඟතාවය ලබාදීම සම්බන්ධයෙන් අරලිය සහල් ව්‍යාපාරයේ හිමිකරු ඩඩ්ලි සිරිසේන මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට, කෘෂිකර්ම...

පාඨක අදහස්