31 C
Colombo
Friday, July 10, 2020
මුල් පිටුව උණුසුම් පුවත් තවත් ශ්‍රී ලාංකිකයෙක් ඇමරිකාවේදී මරුට

කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් ඇමෙරිකාවේ විසූ ශ්‍රී ලාංකික කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි එරට තානාපති ආරංචි මාර්ග සඳහන් කර සිටී.

මෙලෙස එම වයිරසය ආසාදනය වීමෙන් මරණයට පත්ව ඇත්තේ නිව්යොර්ක් නගරයේ ස්ටැටන් අයිලන්ඩ් ප්‍රදේශයේ පදිංචිව සිටි රාණි ෆ්ලෙමින්ග් නැමැත්තියකි. ඇය කඩවත ප්‍රදේශයේ සිට මෙරට පදිංචියට පැමිණි අයෙකු බැව් පැවසේ

දීර්ඝ කාලයක පටන් ඇමෙරිකාවේ වෙසෙන ඇය මියයන විට 84 හැවිරිදි වියේ පසුවූ තැනැත්තියක බවද එම තානාපති ආරංචි මාර්ග කියා සිටී.

මෙම මරණයට පෙර ස්විට්සර්ලන්තයේ එක් ලාංකිකයෙකුද , බ්‍රිතාන්‍යයේ සිටි තවත් ලාංකිකයින් දෙදෙනෙකුද කොරෝනා වයිරසය ආසාදනය වීම නිසා ජීවිතක්ෂයට පත් වූහ.

මේ වනවිට ඇමෙරිකාවේ සීඝ්‍රයෙන් පැතිර යන කොරෝනා වයිරසය ආසාදනය වූ තවත් ලාංකික පවුල් 4 ක් නිව්යොර්ක් හි ස්ටැටන් අයිලන්ඩ් ප්‍රදේශයේ සිටින අතර ඔවුන් සතියක පමණ කාලයක සිට සිය නිවෙස් වලම නිරෝධායනය වන බවද තානාපති ආරංචි මාර්ග කියා සිටී.

එම වයිරසය ආසාදනය වූ ලාංකික පවුල් වල සාමාජිකයන් ගේ තත්ත්වය යහපත් වෙමින් පවතින බවත් , ඔවුන් ගැන වොෂින්ටන් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයගයේ හා නිව්යොර්ක් හි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලයේ බලධාරීන් විසින් නිරන්තරයෙන් සොයා බලන බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටී.

නිව්යොර්ක් හි ස්ටැටන් අයිලන්ඩ් ප්‍රදේශයේ ශ්‍රී ලාංකිකයින් බහුතරයක් වෙසෙන අතර , එහි සිටන බොහෝ පිරිසක් දිගු කාලයක පටන් එරට නේවාසිකව රැදී සිටින පිරිස් වෙති.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

නාත්තණ්ඩියට ආ උපදේශිකාවට කොවිඩ් නිසා බස්වල ගිය මිනිස්සු සොයා මෙහෙයුම්

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කරන කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් ඊයේ (09දා) කොවිඩ් ආසාදිතයන් 56ක් හමුවීමත් සමග එම මධ්‍යස්ථානය ජංගම රෝහලක් බවට පත් කිරීමට පියවර...

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ලාංකිකයින් පිරිසක් දිවයිනට

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැඳී සිටි ශ්‍රි ලාංකිකයන් 278 දෙනෙකු ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් දිවයිනට පැමිණ තිබේ. අද (10) අලුයම...

ඉන්දියානු පිළිකා එන්නත මිලදී ගන්න පවිත්‍රා සූදානම් වෙයි

පිළිකා රෝගීන් සඳහා ලබා දෙන ඖෂධ එන්නත් කුප්පි දෙළොස් දහස් පන්සියයක් ඉන්දියානු සමාගමකින් මිලදී ගැනීම සඳහා සෞඛ්‍ය ඇමැති පවිත්‍රා වන්නිආරච්චි ඉදිරිපත් කළ...

නිරෝධායන කාලයේ නොගෙවූ ණය වලට ජනතාවගෙන් අමතර පොළියක් අය කරන්න අනුමැතිය

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් රජය ලබාදුන් සහන කාලයේදී ගනුදෙනුකරුවන් නොගෙ වූ ණය වාරික වෙනුවෙන් සියයට හතක උපරිමයකට යටත්ව අතිරේක පොලියක් අයකර ගැනීමට...

පාඨක අදහස්