31 C
Colombo
Monday, May 25, 2020
මුල් පිටුව ආර්ථික හයිලන්ඩ් කිරි අන්තර්ජාලය ඔස්සේ ඇණවුම් භාර ගැනීම අරඹයි

හයිලන්ඩ් කිරි අන්තර්ජාලය ඔස්සේ ඇණවුම් භාර ගැනීම අරඹයි

කලූතර හා කොළඹ දිස්ත‍්‍රික් දෙකෙහි පාරිභෝගිකයන්ට පිටිකිරි , යෝගට් ඇතුළු නිෂ්පාදන අන්තර් ජාලය ඔස්සේ ඇනවුම් කළ විට නිවසටම ගෙනැවිත් දීම මේ වනවිට ක‍්‍රියාත්මක යැයි මිල්කෝ සමාගම කියයි.

www.milcosrilanka.com වෙබ් අඩවියට පිවිස තම ඇණවුම් ඉදිරිපත් කල විට එකී ඇණවුම් නිවසට ගෙනැවිත් දී මුදල් අයකරනු ඇතැයි මිල්කෝ සමාගම කියයි.

හයිලන්ඞ් කිරිපිටි, යෝගට්, දියර කිරි, හා බටර් මෙසේ ඇණවුම් කළ හැකි බව මිල්කෝ සමාගමේ සභාපති ලසන්ත වික‍්‍රමසිංහ මහතා පැවැසීය.

පවතින තත්ත්වය යටතේ නාරාහේන්පිට පිහිටි මිල්කෝ කම්හල සම්පූර්ණයෙන්ම වසා දමා ඇති බැවින් යෝගට් නිෂ්පාදනය තරමක් අඩු වී ඇතැයි කී වික‍්‍රමසිංහ මහතා අඹේවෙල දිගන හා පොලොන්නරුවේ කම්හල් මේ වනවිට ක‍්‍රියාත්මකව පවතින බව ද කිීය.

දිනකට කිරි ලීටර් 145,000 ක් එකතු කරමින් සිටි තම සමාගම මේ වනවිට 175,000 ක් දක්වා වැඩි වී ඇතැයි ද එයට හේතු වී ඇත්තේ වෙනත් සමාගම් කිරි ගැනීම අත්හිටුවා ඇති නිසා එම නිෂ්පාදන ද මිල්කෝ සමාගම විසින් ලබා ගැනීම යැයි ද වික‍්‍රමසිංහ මහතා කියා සිටියේය.

14 ප්‍රතිචාර:

Leave a Reply

  1. අපි දින 4ක සිට හයිලන්ඩ් නිශ්පාදන ජාඇළට ගැනීමට උත්සාහ කලද එම උත්සාහයන් අසර්ථක විය.පුලුවන් නම් මේ සදහා පියවරක් ගන්න.ස්තුතියි .

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

කුවේට් සිට පැමිණි 47කට කොරෝනා

අද (24) දිනයේ රාත්‍රී 9.45 වන විට නව්‍ය කොරෝනා රෝගීන් 49 දෙනෙක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර...

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 1117 ක් දක්වා ඉහළට

අද(24) සවස 5.00 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 11 දෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාශය පවසයි. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන...

කාන්තාවක් ඝාතනය කිරීමට කාන්තාවන් සිව් දෙනෙක් ඇතුළු 7ක් අත්අඩංගුවට

මීටියාගොඩ ප්‍රදේශයේ දී කාන්තාවක් ඝාතනය කර තවත් පුද්ගලයින් හය දෙනෙකුට බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියට අදාළ සැකකරුවන් 07 දෙනෙකු මීටියාගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට...

පිවිසුම් මාර්ග 5කින් කොළඹට එන බස් නවත්වන තැන් මෙන්න

අඟහරුවාදා(26) සිට කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු පළාත් අතර අන්තර් පළාත් බස් රථ සේවා ආරම්භ කරන ලෙස ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය...

පාඨක අදහස්