31 C
Colombo
Thursday, May 28, 2020
මුල් පිටුව ආර්ථික ඩයලොග් හා ටෙලිකොම් පාරිභෝගිකයන් රවටා මුදල් කොල්ලකන හැටි

ශ්‍රී ලංකා ටෙලිකොම් අන්තර්ජාල සම්බන්ධතා භාවිතා කරන්නන්ව දිවා කාලයේ වැඩි ඩේටා ප්‍රමාණයක් පාවිච්චි කිරීමට පෙළඹවීමේ අරමුණින් එම ආයතනය දියත් කරනු ලබන වංචාසහගත වැඩපිළිවෙලක් මේ වනවිට අනාවරණය වී තිබේ.

රාත්‍රී 12න් පසු ඉතා වේගවත් ෆයිබර් සම්බන්ධතා වල පවා ඉන්ටනෙට් වේගය කිලෝබයිට් 100ට අඩු ගණනකට පාලනය කිරීමට මෙම සමාගම පියවර ගෙන තිබේ.

සාමාන්‍යයෙන් රාත්‍රී 12 සිට උදෑසන 8 දක්වා අමතර ගෙවීමක් නොමැතිව ලැබෙන ඩේටා යොදාගෙන චිත්‍රපට, ටීවී කතාමාලා සහ වීඩියෝ ක්‍රීඩා වැනි විශාල ‘ෆයිල්’ ඩවුන්ලෝඩ් කිරීමට අන්තර්ජාලය පරිහරණය කරන්නන් පුරුදුව සිටී.

එහෙත් මෙම කාලයේ ඩවුන්ලෝඩ් වන වේගය අඩු කළහොත් ඔවුන්ට දිවා කාලයේ ඩේටා පාවිච්චි කිරීමට සිදුවන අතර එවිට ටෙලිකොම් සමාගමට වැඩි ලාභයක් උපයාගත හැකිය. මේ හේතුවෙන් ටෙලිකොම් සමාගම රාත්‍රී 12සිට උදෑසන 8 දක්වා අන්තර්ජාල වේගය අතිශය මන්දගාමී කර තිබෙන අතර 1GBක ඩේටා වැයවන චිත්‍රපටයක් ඩවුන්ලෝඩ් කිරීම සඳහා ෆයිබර් අන්තර්ජාල සම්බන්ධතාවයක් ඔස්සේත් දවස් තුනක් ගතවන බව පෙන්වයි.

වත්මන් රජය බලයට පත්වීමත් සමඟ ජනතාවගෙන් රජයට ලැබෙන ආදායම වැඩිකර ගැනීමේ උපක්‍රමයක් ලෙස මෙම පියවර අනුගමනය කර ඇති අතර මේ හේතුවෙන් ලක්ෂ ගණනක ටෙලිකොම් බ්‍රෝඩ්බෑන්ඩ් පාරිභෝගිකයන් පිරිසක් අපහසුතාවට පත්ව සිටී.

මීට අමතරව ඩයලොග් ආයතනය තමන්ගේ පාරිභෝගිකයන්ගෙන් විවිධ අයුරුන් වංචා සිදු කරන බවට ජනතාව විශාල වශයෙන් මැසිවිලි නගන අතර මේ පිළිබඳව එම ආයතනයද මේ වනතෙක් කිසිදු පියවරක් ගෙන නොතිබීම කනගාටුවට කරුණකි.

ඩයලොග් සමාගම ඩේටා දෙගුණ කරන බව පවසමින් ඩේට කපා ගැනීමේ වේගය වැඩිකර ඇති බව ඔවුන් පවසයි. ඉතා සුළු කාලයකින් ඩේටා ඉතා විශාල ප්‍රමාණයක් වැය වන බවට රට පුරාම පාරිභෝගිකයන් චෝදනා කරයි.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

තොණ්ඩමන්ගේ දේහය අද පාර්ලිමේන්තුවට

අභාවප්‍රාප්ත, ප්‍රජා සවිබල ගැන්වීම් සහ වතු යටිතල පහසුකම් සංවර්ධන කැබිනට් අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ දේහය අද (28) පාර්ලිමේන්තු සංකීර්ණය වෙත රැගෙන ඒමට...

පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එජාප මහ ලේකම්ට අයිතියක් නැහැ

පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට හෝ තනතුරුවලින් ඉවත් කිරීමට එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයාට අයිතියක් හෝ බලයක් නොමැති බව සමඟි ජනබලවේගයේ මහ ලේකම්...

කුවේට්හි අසරණව සිටින ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් සජිත් මැදිහත් වෙයි

සමගි ජනබලවේගයේ නායක, හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ කුවේට් තානාපති Khalaf Bu Dhhair මහතා අතර විශේෂ හමුවක් සහ සාකච්ඡාවක් ඊයේ...

සහල් මිල වැඩිකිරීම ගැන ඩඩ්ලි රාජපක්ෂ පවුලට විශේෂ ස්තූති කරයි

සහල් මිල වැඩිකිරීමට එකඟතාවය ලබාදීම සම්බන්ධයෙන් අරලිය සහල් ව්‍යාපාරයේ හිමිකරු ඩඩ්ලි සිරිසේන මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට, කෘෂිකර්ම...

පාඨක අදහස්