31 C
Colombo
Monday, May 25, 2020
මුල් පිටුව උණුසුම් පුවත් සෞඛ්‍ය ඇමති අවසර නොදීම නිසා කොරෝනා පරීක්ෂාව ඇණහිටී

කොරෝනා රෝගය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කර ඇති නිර්දේශ අනුව ඉතාමත් ආක්‍රමණශීලී ලෙස සහ නැවත නැවතත් පරීක්ෂණ සිදුකළ යුතු වුවත් එම පරීක්ෂණ කට්ටල 12,000ක් සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව තිබියදී පවා එම පරීක්ෂණ සිදුකිරීමට වසංගත රෝග විද්‍යා ඒකකය අනුමැතිය ලබාදී නොමැති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙනිය මහතා පවසයි.

එසේම සෞඛ්‍ය අමාත්‍යාංශය කොරෝනා රෝගය වැළඳිය හැකි අය වශයෙන් නිරීක්ෂණයෙහි තබාගෙන සිටින පුද්ගලයින් පිළිබඳ දත්ත ද මෙතෙක් තමන් වෙත ලබාදී නොමැති බවයි ඒ මහතා සඳහන් කළේ.

“අපෙ පරීක්ෂණ කට්ටලවල විශේෂයෙන් PCR පරීක්ෂණයේ තමයි ඉහළම සංවේදීතාවය තියෙන්නෙ. එහි සංවේදීතාවයත් 70%යි, ඒ කියන්නෙ රෝගය තිබෙමින් පතුරන අයගෙන් 100 දෙනෙක්ගෙන් 70 දෙනෙක් පමණයි අපේ මේ පරීක්ෂණයට අහුවෙන්නෙ. ඒක නිසා ලෝක සෞඛ්‍ය සංවිධානය ඉල්ලීම කරන්නෙ ඉතාමත්ම ආක්‍රමණශීලී ලෙස පරීක්ෂණ කරමින් රෝගීන් හඳුනාගන්නටත් ඒවගේම තමයි කිහිපවරක් පරීක්ෂණය කරන්නටත් කියන එක තමයි මේ වෙලාවෙ යෝජිත ක්‍රමවේදය තියෙන්නෙ.

නමුත් අපි දකිනවා අප කළ ඒ යෝජනාවට සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ ආකාරයෙන් ප්‍රතිචාර දක්වන්නෙ නැතුව අපිව යම්කිසි විදියකට අවඥාවට ලක්කිරීමක් කරනවා. ඒක නිසා සමාජය තුළ කොච්චරක් කොරෝනා රෝගීන් සැඟවී සිටිනවද කියන එක සහ ඔවුන් පතුරනවාද කියන එක පිළිබඳ අවිනිශ්චිතතාවයක් තියෙන නිසා තමයි මෙහි ඉදිරිය ගැන අපට නිශ්චිත වචනයක් දෙන්නට බැරි.

මේ කටයුතු පිළිබඳ සමීක්ෂණ කරන කණ්ඩායම් 4ක් ඉන්නවා. බුද්ධි අංශ මේවනවිට විශේෂයෙන්ම තියෙන තාක්ෂණය සියල්ලම පාවිච්චි කරලා රෝගය පැතිරිය හැකි පිරිස් පිළිබඳ ඉතාමත්ම ආක්‍රමණශීලී ක්‍රමවේදයකින් හොයාගෙන යනවා. ආරක්ෂක අමාත්‍යාංශයේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිරීක්ෂණය කරනවා 22,625ක් ඊයෙ වෙනකොට. ග්‍රාම සේවක මට්ටමෙන් පරිපාලන නිලධාරීනුත් මේ නිරීක්ෂණය කරගෙන යනවා. නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශය හරියට දත්ත අපට ලබාදීම මේ වෙනකල් කරලා නෑ. ඒ අය කියනවා මෙච්චර රෝගීන් නෑ කියලා. නමුත් මම දැක්කා එක්තරා නාලිකාවකට ඒ අය කියලා තිබ්බා ලෙඩ්ඩු 2000ක් 2500ක් පමණ තමයි ඒ අයගේ නිරීක්ෂණයේ ඉන්නෙ කියලා.

මේ පරීක්ෂණ කිරීම සඳහා මං දන්න තරමින් කට්ටල 12,000ක් ඉක්මවූ සංඛ්‍යාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව තියෙනවා. ඒ අයට පරීක්ෂණ කිරීමේ හැකියාවත් මේ අවස්ථාවේ තියෙනවා. නමුත් වසංගත රෝග ඒකකයෙන් ඒ සඳහා අනුමැතිය ලබා නොදුන්න ආකාරයක් තමා අපි දකින්නෙ.

අපි මේ ගිය සතියෙ ඉඳලා දකිනවා, ඒ කියන්නෙ රෝගයට දවස් 100 ගියාට පස්සෙ මේක පාලනය කරගැනීම සඳහා බුද්ධිමතුන් පිරිසක් බිහිවෙලා තියෙනවා. ඒ අය හිතනවා ඒ අයට ඉතා හොඳ දැනුමක් තියෙනවා කියලා මේ රෝගය මර්ධනය කරන්න කියලා. පළවෙනි දේ තමයි ඇයි දන්නෑ ඒ අය මේ දක්වා නිහඬව හිටියෙ. දෙවනි කාරණය තමයි දැනටත් ඒවගේ බුද්ධිමතුන් ඉන්නවා නම් ඒ අයගේ යෝජන ඉදිරියට ඇවිල්ලා ඉදිරිපත් කරන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. ඒ බුද්ධිමත්තු ඉන්නවා නම් හැකි ඉක්මනින් ඒ අයගේ ක්‍රමවේදයන් ඉදිරිපත් කරන්න” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

අනුරුද්ධ පාදෙනිය මහතා මේ බව පැවසුවේ ඊයේ (12) හිරු රූපවාහිනී නාලිකාවට අදහස් දක්වමිනි.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

කුවේට් සිට පැමිණි 47කට කොරෝනා

අද (24) දිනයේ රාත්‍රී 9.45 වන විට නව්‍ය කොරෝනා රෝගීන් 49 දෙනෙක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර...

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 1117 ක් දක්වා ඉහළට

අද(24) සවස 5.00 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 11 දෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාශය පවසයි. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන...

කාන්තාවක් ඝාතනය කිරීමට කාන්තාවන් සිව් දෙනෙක් ඇතුළු 7ක් අත්අඩංගුවට

මීටියාගොඩ ප්‍රදේශයේ දී කාන්තාවක් ඝාතනය කර තවත් පුද්ගලයින් හය දෙනෙකුට බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියට අදාළ සැකකරුවන් 07 දෙනෙකු මීටියාගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට...

පිවිසුම් මාර්ග 5කින් කොළඹට එන බස් නවත්වන තැන් මෙන්න

අඟහරුවාදා(26) සිට කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු පළාත් අතර අන්තර් පළාත් බස් රථ සේවා ආරම්භ කරන ලෙස ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය...

පාඨක අදහස්