31 C
Colombo
Monday, May 25, 2020
මුල් පිටුව උණුසුම් පුවත් වැටුපෙන් අඩක් වැ. අ. ද. අරමුදලට දෙන්නයි සියලු රජයේ සේවකයෙන්ගෙන් ඉල්ලයි

රාජ්‍ය නායකයා වශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දුෂ්කරතා රහිත අයවැයක් අවශ්‍ය නිසාවෙන් සිය මැයි මස පූර්ණ වැටුප සහ දීමනා රාජ්‍ය සේවකයින්ගේ වැන්දඹු හා අනත්දරු අරමුදලට තමන් බැර කරන බව ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා පවසයි. 

කොරෝනා වසංගත තත්වය හමුවේ ජනතාව වෙනුවෙන් ගෙනයන වැඩපිළිවෙල සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා ලබාදෙන දූරදර්ශී නායකත්වය අන් කවර රටකටත් වඩා විශිෂ්ඨ බව පවසන ලේකම්වරයා එතුමාගේ ප්‍රයත්නයට දායක වීම සඳහා තමන් මෙම තීරණය ගත් බවයි සඳහන් කරන්නේ. 

එසේම රාජ්‍ය සේවකයින්ගේ මාසික වැටුප් සඳහා රුපියල් බිලියන 80ක් වැය වන බවත් රාජ්‍ය සංස්ථා, බැංකු සහ විශ්වවිද්‍යාල ද එක් කළවිට එම මුදල බිලියන 90 – 100 දක්වා මුදලකට ආසන්න වන බවත් ඒ මහතා ජනාධිපතිවරයාට පෙන්වා දෙයි. 

සියලුම රජයේ සේවකයින් සිය වැටුපෙන් අඩක්වත් රාජ්‍ය සේවකයින්ගේ වැන්දඹු හා අනත්දරු අරමුදලට බැර කරන්නේ නම් මැයි මස රජයේ බදු නොවන ආදායම රුපියල් බිලියන 50කින් ඉහළ යනු ඇති බවත් රජයේ වියදම බිලියන 50කින් අඩුවී මුදල් හිඟය බිලියන 100කින් අඩුවනු ඇති බවත් ඒ මහතා ප්‍රකාශ කරයි. 

මෙම පුවත ජනාධිපති ලේකම් කාර්යාල වෙබ් අඩවියේ ද ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් පළ කර තිබුණු අතර එයින් සෘජුව ඉල්ලීමක් කර නොමැති බව සැබෑය. එහෙත් මෙම පුවත මෙසේ පළ කරන්නේම යම් පෙළඹවීමක් කරන අදහසින් බව පැහැදිලිය. 

සියලු රජයේ සේවකයින්ට පී.බී. ජයසුන්දරලාට මෙන් සුන්දර ජීවිත නොමැති බවත් ඉන් අතිමහත් බහුතරයකගේ වැටුපෙන් අඩක් අහිමි වුවහොත් ඔවුන්ට මාසයෙන් අඩක් කුසගින්නේ සිටීමට සිදුවන බවත් කවුරුන් හෝ එතුමාට කියා දෙනවා නම් හොඳය. 

 

ප්‍රතිචාර: 1

Leave a Reply

  1. අවුරුදු ගානක් මුදල් අමාත්‍යාංශ ලේකම්, මාස ගානක් ජනාධිපති ලේකම්… වැන්දඹු අනඅනත්දරු අරමුදල කියල “අරමුදලක්” නැති බව දන්නෙ නෑ.

    රජයේ සේවකයන්ගෙන් වැටුපෙන් අඩු කරගන්න වැ.අ.අ. දායක මුදල් හරස් සටහන් මගින් ඒකාබද්ද අරමුදලට යන බවත් ප්‍රතිලාභ ගෙවන්නෙ එම ගිණුම මගින් බවත් මෙයා දන්නෙ නෑ.. බබා…

    රජයේ සේවයේ අති බහුතරයකට ලැබෙන්නෙ රු. 50000 අඩු වැටුපක්. ඒකෙනුත් ඇතැම් අයට ණය වාරික කැපුනම අතට්ස් ලැබෙන්නෙ තවත් අඩු ගානක්. ඒකෙනුත් බාගයක් ආපහු දුන්නම ඒ මිනිස්සු තමන්ගෙ දහසක් අවශ්‍යතා ඉටු කරගන්නෙ කොහොමද කියල කිව්ව නන් තමයි හොඳ, ඔය බණ කියන්න කලින්..

    කාවද මේගොල්ලො මේ මාධ්‍ය සංදර්ශන වලින් රවට්ටන්න හදන්න?

    රටේ ඉන්න හැමදෙනාම පුනක්කු කන බයියො නෙවෙයි, බත් කන මිනිස්සුත් ඉන්නව.

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

කුවේට් සිට පැමිණි 47කට කොරෝනා

අද (24) දිනයේ රාත්‍රී 9.45 වන විට නව්‍ය කොරෝනා රෝගීන් 49 දෙනෙක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර...

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 1117 ක් දක්වා ඉහළට

අද(24) සවස 5.00 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 11 දෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාශය පවසයි. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන...

කාන්තාවක් ඝාතනය කිරීමට කාන්තාවන් සිව් දෙනෙක් ඇතුළු 7ක් අත්අඩංගුවට

මීටියාගොඩ ප්‍රදේශයේ දී කාන්තාවක් ඝාතනය කර තවත් පුද්ගලයින් හය දෙනෙකුට බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියට අදාළ සැකකරුවන් 07 දෙනෙකු මීටියාගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට...

පිවිසුම් මාර්ග 5කින් කොළඹට එන බස් නවත්වන තැන් මෙන්න

අඟහරුවාදා(26) සිට කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු පළාත් අතර අන්තර් පළාත් බස් රථ සේවා ආරම්භ කරන ලෙස ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය...

පාඨක අදහස්