31 C
Colombo
Monday, May 25, 2020
මුල් පිටුව තාක්ෂණික ට්විටර් සේවකයන් සදහටම 'ගෙදර යවයි'

ට්විටර් සේවකයන් සදහටම ‘ගෙදර යවයි’

තමන්ට රිසි නම් සදහටම නිවසේ සිට සිය රැකියාවේ නිරත විය හැකි බව ට්විටර් සමාගම සිය සේවකයන් හට පවසා ඇත.

කෙසේවෙතත්, යළිත් කාර්යාලයට පැමිණීමට උනන්දුවක් දක්වන සේවකයන් ව, අමතර ආරක්ෂිත පියවර සහිතව උණුසුම් ලෙස පිළිගන්නා බවද මේ පිළිබඳව ට්විටර්ගේ බ්ලොග් අඩවියේ පළ කර ඇති නිවේදනයේ දැක්වේ.

Covid-19 සමයේ ලොක්ඩවුන් අතරතුරදී සමාගම විසින් සිදුකළ ‘නිවසේ සිට රැකියාවේ නිරත වීමේ’ පියවරයන් සාර්ථක බව ට්විටර් සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.

ඇමෙරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ හි පදනම් වන ට්විටර් ආයතනට අයත් සේවකයන් 4,000ක් පමණ ලොවපුරා කාර්යාල වල සේවය කරයි.

පසුගිය මාර්තු මාසයේ සිට සිය කාර්යාල වසා දැමූ ට්විටර් සමාගම, සැප්තැම්බර් මාසයට පෙර සිය කාර්යාල විවෘත කිරීමට කිරීමට අදහස් නොකරන බව විදෙස් වාර්තා සඳහන් කරයි.

පසුගියදා ගූගල් සහ ෆේස්බුක් සමාගම් ද පවසා සිටියේ මේ වසර අවසන් වනතෙක් තම කාර්ය මණ්ඩලයට නිවෙස් වල සිට රැකියාවේ නිරත විය හැකි බවයි.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

කුවේට් සිට පැමිණි 47කට කොරෝනා

අද (24) දිනයේ රාත්‍රී 9.45 වන විට නව්‍ය කොරෝනා රෝගීන් 49 දෙනෙක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර...

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 1117 ක් දක්වා ඉහළට

අද(24) සවස 5.00 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 11 දෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාශය පවසයි. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන...

කාන්තාවක් ඝාතනය කිරීමට කාන්තාවන් සිව් දෙනෙක් ඇතුළු 7ක් අත්අඩංගුවට

මීටියාගොඩ ප්‍රදේශයේ දී කාන්තාවක් ඝාතනය කර තවත් පුද්ගලයින් හය දෙනෙකුට බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියට අදාළ සැකකරුවන් 07 දෙනෙකු මීටියාගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට...

පිවිසුම් මාර්ග 5කින් කොළඹට එන බස් නවත්වන තැන් මෙන්න

අඟහරුවාදා(26) සිට කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු පළාත් අතර අන්තර් පළාත් බස් රථ සේවා ආරම්භ කරන ලෙස ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය...

පාඨක අදහස්