31 C
Colombo
Saturday, August 15, 2020
මුල් පිටුව ක්‍රීඩා බන්දුලගේ අනුවණකමට මහේලගෙන් කණේ පහරක්

මෙරට විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ඉදිකිරීම් ආරම්භ කිරීමට සියල්ල සූදානම් බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කියයි.

වසර 3ක් ඇතුළත මෙම ක්‍රීඩා පිටිය සාදා නිමකරන බවද ඔහු කියා සිටී.

අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත්තෙ හෝමාගම දියගම ප්‍රදේශයේ ඉදිවන ලංකාවේ විශාලතම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය ඉදි කිරීමට යෝජිත භූමි ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමිනි.

ඉදිකරීම් නවතා දමා තිබූ මෙම ක්‍රිකට් ක්‍රීඩාංගනයේ කටයුතු ආරම්භ කිරීම සදහා සියල්ල සූදානම් බව අමාත්‍යවරයා සදහන් කර තිබේ.

අක්කර 26 ක භූමි ප්‍රමාණයක් ඒ සදහා වෙන් කර තිබේ.

දිවා රාත්‍රී තරග පැවැත්විය හැකි පදිරී ක්‍රීඩාංගනය සකස් කරන බව පවසන ගුණවර්ධන මහතා පළමු අදිරය යටතේ නරඹන්නන් 40,000 කට ආසන පහසුකම් සකස් කරන බවත්, දෙවන අදියර යටතේ ආසන විසිදහසක් එක් කිරීමට රජය සැලසුම් කර ඇති බවත් කියා සිටියේය.

සියලු නවීන පහසුකම්වලින් ක්‍රීඩාංගනය සමන්විත බව ද අමාත්‍යවරයා සදහන් පැවසීය.

කෙසේවුවද, Covid-19 වෙරසය හේතුවෙන් රටේ ආර්ථිකය දැඩි බිඳවැටීමකට ලක්ව තිබියදී මෙම ක්‍රීඩාංගනය මේ අවස්ථාවේ ඉදිකිරීම අත්‍යාවශ්‍ය කරුණක්ද යන්න පිළිබඳව සමාජ ක්‍රියාකාරීන් සමාජ මාධ්‍ය තුළ ප්‍රශ්න කිරීමට ද පටන්ගෙන තිබේ.

මේ පිළිබඳව අදහස් දක්වමින් මහේල ජයවර්ධන පවසා තිබුණේ “අපිට තිබෙන ක්‍රීඩාංගණ වල ජාත්‍යන්තර තරඟ තියා දේශීය පළමු පෙළ තරඟවත් ප්‍රමාණවත් තරම් පවත්වන්නේ නැති එකේ.. අපිට තවත් ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක් අවශ්‍ය ද.?” යනුවෙනි.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

විද්‍යා දැරියගේ ඝාතකයා නිදහස් කර ඇත්තේ පොලිස් පරීක්ෂකයෙක්

විද්‍යා දැරිය ඝාතනය කළ ස්විස් කුමාර් නොහොත් මහලිංගම් ශෂිකුමාර් පොලිස් බාරයෙන් නිදහස් කර ඇත්තේ කයිට්ස් පොලිසියේ විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂක ශ්‍රී...

කොළඹ පාසල් ළමුන්ට ‘ඉන්හේලර්’ ඔස්සේ මත්ද්‍රව්‍ය

කොළඹ ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසල්වල සිසුන් ඉලක්ක කරගෙන ඉන්හේල සහ ස්ප්‍රේ යන්ත්‍ර භාවිතා කරමින් මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් පොලිසිය තොරතුරු හෙළි කරගෙන...

දීපා මේතාගේ නවතම සිනමාපටයට නිම්මි හරස්ගම

භාරතයේ සම්මානලාභී අධ්‍යක්ෂිකාවක වන දීපා මේතාගේ නවතම සිනමාපටය වන ‘ෆනී බෝයි‘ චිත්‍රපටය සඳහා සම්මානිත ලාංකේය රංගන ශිල්පිනියක වන නිම්මි හරස්ගම රංගනයෙන් දායක...

“රතන හාමුදුරුවන්ගේ කපටිකමට ගරු කරන්න මට බෑ”- ඥානසාර හිමි

මන්ත්‍රී ධුර තිබුණත් නැතත් සිංහල බෞද්ධ ජනතාව වෙනුවෙන් ආරම්භ කර තිබෙන ජාතික ව්‍යාපාරය ඉදිරියට ගෙනයාමට කැපවන බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ...

පාඨක අදහස්