31 C
Colombo
Monday, May 25, 2020
මුල් පිටුව දේශපාලන කර්නල් නන්දසේනට ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේක කවදාවත් සැලියුට් ගහන්නේ නෑ

අද (19) පාර්ලිමේන්තු ක්‍රීඩාංගණය අසල පිහිටි ජාතික රණවිරු ස්මාරකය හමුවේ පැවැත්වීමට නියමිත ජාතික රණවිරු අනුස්මරණ උත්සවය සඳහා හිටපු හමුදාපති, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාව සහභාගී කරවා ගැනීමට ආණ්ඩුවේ පාර්ශ්වයෙන් දැඩි උත්සාහයක් ගෙන ඇති බව වාර්තා වේ.

විශේෂයෙන් සරත් ෆොන්සේකා මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සැලියුට් ගසා ආචාර කරන අන්දම මාධ්‍ය හරහා ප්‍රචාරණ කරවා ගැනීමට ඔවුන්ගේ උනන්දුව යොමුව ඇති බව සඳහන්.

ඊයේ දිනය තුළදී සරත් ෆොන්සේකා මහතාව සම්බන්ධ කරගෙන, මෙම උත්සවයට ඒ මහතා සහභාගී වන්නේය යන්න ස්ථිර කරගැනීම සඳහා ආණ්ඩුවේ නිලධාරීන් උපරිම උත්සාහ දරා ඇතත් ෆොන්සේකා මහතා ඊට කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බවත් වාර්තා විය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරියකු වන රොහාන් වැලිවිට මහතා ද ඊයේ දිනයේදී සරත් ෆොන්සේකා මහතාට ඇමතීමට උත්සාහ කර ඇත.

මේ පිළිබඳ සරත් ෆොන්සේකා මහතා සිය දේශපාලන හිතවතුන් පිරිසක් සමඟ ප්‍රකාශ කර තිබුණේ “ෆීල්ඩ් මාර්ෂල් කෙනෙක් කවදාවත් ලුතිනන් කර්නල් කෙනෙක්ට සැලියුට් ගහන්නේ නෑ. මං ඕකට යන්නෙත් නෑ” යනුවෙන් බවයි ඒ මහතාගේ ප්‍රකාශකයකු අප වෙත සඳහන් කළේ.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

කුවේට් සිට පැමිණි 47කට කොරෝනා

අද (24) දිනයේ රාත්‍රී 9.45 වන විට නව්‍ය කොරෝනා රෝගීන් 49 දෙනෙක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර...

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 1117 ක් දක්වා ඉහළට

අද(24) සවස 5.00 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 11 දෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාශය පවසයි. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන...

කාන්තාවක් ඝාතනය කිරීමට කාන්තාවන් සිව් දෙනෙක් ඇතුළු 7ක් අත්අඩංගුවට

මීටියාගොඩ ප්‍රදේශයේ දී කාන්තාවක් ඝාතනය කර තවත් පුද්ගලයින් හය දෙනෙකුට බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියට අදාළ සැකකරුවන් 07 දෙනෙකු මීටියාගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට...

පිවිසුම් මාර්ග 5කින් කොළඹට එන බස් නවත්වන තැන් මෙන්න

අඟහරුවාදා(26) සිට කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු පළාත් අතර අන්තර් පළාත් බස් රථ සේවා ආරම්භ කරන ලෙස ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය...

පාඨක අදහස්