31 C
Colombo
Monday, May 25, 2020
මුල් පිටුව විදෙස් පුවත් බ්‍රසීලයේ රෝහල් කොරෝනා රෝගීන්ගෙන් පිරී යයි

බ්‍රසීලයේ රෝහල් කොරෝනා රෝගීන්ගෙන් පිරී ඉතිරී ගොස් ඇති හෙයින් සෞඛ්‍ය පද්ධතිය බිඳ වැටීමට ඉඩ ඇතැයි ඒහි විශාලම නගරය වන සාවෝ පොලෝ හි නගරාධිපති පවසයි.

නගරාධිපති බෲනෝ කොවාස් පවසන්නේ නගරයේ පිහිටි රජයේ රෝහල් වල ධාරිතාවයෙන් 90%ක් පිරී ඇති බවයි.

සාවෝ පෝලෝ බ්‍රසීලයේ දරුණ ලෙස වසංගතයට ගොදුරු වූ ප්‍රදේශය වන අතර නගරයේ පමණක් මේවනවිට මරණ 3000ක් පමණ සිදුවී ඇත.

මේ වනවිට බ්‍රසීලය, ආසාදිත රෝගීන් සංඛ්‍යාවෙන් ඉතාලිය හා ස්පාඤ්ඤය අභිබවා ගොස් ලෝකයේ සිව්වන ස්ථානයට පත්වී තිබේ.

බ්‍රසීලයේ කොරෝනා ආසාදිතයින් 242 313ක් මේ වනවිට තහවුරු වී ඇත.

කෙසේ වුවද නිල වාර්තා වලට වඩා සත්‍ය ආසාදන සංඛ්‍යාව ‌බෙහෙවින් වැඩි විය හැකි බව ඒරට සෞඛ්‍ය අංශ අනතුරු අඟවා තිබේ.

බ්‍රසීලයේ සිදුවන කොරෝනා මරණ සංඛ්‍යාව ද දිනෙන් දින ඉහල යමින් පවතී.

පසුගිය පැය 24 තුළ බ්‍රසීලයේ මියගිය කොරෝනා රෝගීන් සංඛ්‍යාව 485ක් වන අතර මේ වනවිට සිදුවී ඇති මුළු මරණ සංඛ්‍යාව 16 192ක් දක්වා ඉහල ගොස් තිබේ.

ලෝකයේ කොරෝනා වයිරස මරණ සංඛ්‍යාව අනුව හය වන ස්ථානයට බ්‍රසීලය පත්වී ඇත.

වයිරස ව්‍යාප්තිය පාලනය කිරීමට නම් දැඩි අගුලු දැමීමක් හඳුන්වා දිය යුතු බව සාවෝ පොලෝ නගරාධිපතිවරයා පවසයි.

සාවෝ පෝලෝ හි ජනගහනය මිලියන 12ක් පමණ වන අතර බොහෝ නිවැසියන් සමාජ දුරස්ථ නීති නොසලකා හැරීම හේතුවෙන් ආසාදනයන් ඉහල යන බව බව ද පැවසේ.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

කුවේට් සිට පැමිණි 47කට කොරෝනා

අද (24) දිනයේ රාත්‍රී 9.45 වන විට නව්‍ය කොරෝනා රෝගීන් 49 දෙනෙක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර...

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 1117 ක් දක්වා ඉහළට

අද(24) සවස 5.00 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 11 දෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාශය පවසයි. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන...

කාන්තාවක් ඝාතනය කිරීමට කාන්තාවන් සිව් දෙනෙක් ඇතුළු 7ක් අත්අඩංගුවට

මීටියාගොඩ ප්‍රදේශයේ දී කාන්තාවක් ඝාතනය කර තවත් පුද්ගලයින් හය දෙනෙකුට බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියට අදාළ සැකකරුවන් 07 දෙනෙකු මීටියාගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට...

පිවිසුම් මාර්ග 5කින් කොළඹට එන බස් නවත්වන තැන් මෙන්න

අඟහරුවාදා(26) සිට කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු පළාත් අතර අන්තර් පළාත් බස් රථ සේවා ආරම්භ කරන ලෙස ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය...

පාඨක අදහස්