31 C
Colombo
Friday, July 10, 2020
මුල් පිටුව උණුසුම් පුවත් ඇත් දළයක් සමඟ පුද්ගලයෙක් නාවික හමුදා බාරයට

ඇත් දළයක් සමඟ පුද්ගලයෙක් නාවික හමුදා බාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව කතරගම, ගෝතමීගම ප්‍රදේශයේ සිදු කරන ලද ඒකාබද්ධ මෙහෙයුමක දී නිවසක් තුළ සඟවා තිබූ ඇත් දලයක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබේ.

දකුණු නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් අම්බලන්තොට පොලිස් විශේෂ කාර්ය බලකාය සමග එක්ව කතරගම, ගෝතමීගම ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් විශේෂ සෝදිසි මෙහෙයුමක් ඊයේ (18) ක්‍රියාත්මක කර ඇත.

එහිදී ප්‍රදේශයේ නිවසක් තුළ සඟවා තිබූ උස අඩි 2 ½ පමණ ඇත් දළයක් සොයා ගැනීමට හැකිවී ඇති අතර, එහිදී අදාල නිවසේ සිටි පුද්ගලයෙකුද සැකපිට අත් අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.

මෙලෙස අත් අඩංගුවට ගන්නා ලද පුද්ගලයා වයස අවුරුදු 29ක් වන එම ප්‍රදේශයේම පදිංචිකරුවකු බවට හඳුනා ගෙන ඇති අතර, අදාල සැකකරු සහ සොයා ගන්නා ලද ඇත් දළය ඉදිරි විමර්ශන කටයුතු සඳහා කතරගම පොලිසිය වෙත භාර දීමට කටයුතු කර තිබේ.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

නාත්තණ්ඩියට ආ උපදේශිකාවට කොවිඩ් නිසා බස්වල ගිය මිනිස්සු සොයා මෙහෙයුම්

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කරන කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් ඊයේ (09දා) කොවිඩ් ආසාදිතයන් 56ක් හමුවීමත් සමග එම මධ්‍යස්ථානය ජංගම රෝහලක් බවට පත් කිරීමට පියවර...

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ලාංකිකයින් පිරිසක් දිවයිනට

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැඳී සිටි ශ්‍රි ලාංකිකයන් 278 දෙනෙකු ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් දිවයිනට පැමිණ තිබේ. අද (10) අලුයම...

ඉන්දියානු පිළිකා එන්නත මිලදී ගන්න පවිත්‍රා සූදානම් වෙයි

පිළිකා රෝගීන් සඳහා ලබා දෙන ඖෂධ එන්නත් කුප්පි දෙළොස් දහස් පන්සියයක් ඉන්දියානු සමාගමකින් මිලදී ගැනීම සඳහා සෞඛ්‍ය ඇමැති පවිත්‍රා වන්නිආරච්චි ඉදිරිපත් කළ...

නිරෝධායන කාලයේ නොගෙවූ ණය වලට ජනතාවගෙන් අමතර පොළියක් අය කරන්න අනුමැතිය

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් රජය ලබාදුන් සහන කාලයේදී ගනුදෙනුකරුවන් නොගෙ වූ ණය වාරික වෙනුවෙන් සියයට හතක උපරිමයකට යටත්ව අතිරේක පොලියක් අයකර ගැනීමට...

පාඨක අදහස්