31 C
Colombo
Monday, May 25, 2020
මුල් පිටුව ආර්ථික කොරෝනා ව්‍යසනය සමයේ පමණක් ලංකාවට රු.ලක්‍ෂ 10400ක් දුන් බව ඇමරිකාව කියයි

ශ්‍රී ලංකාව තුළ COVID-19 වසංගතය මර්දන ක්‍රියාවලිය වෙනුවෙන් USAID වෙතින් ඇමරිකානු ඩොලර් මිලියන 5.8 (රු.ලක්‍ෂ 10400ක්) කට වැඩි ආධාර ප්‍රමාණයක් ලබා දී ඇති බව USAID සිය නිල වෙබ් අඩවි අද (20) වාර්තා කර තිබේ.

එම අරමුදල්වලින් ඩොලර් මිලියන 02ක් ආර්ථික ආධාර අරමුදල යටතේ COVID-19 වැඩි බලපෑමක් සිදු වූ ප්‍රදේශ සහ එම ජනතාවව වෙනුවෙන් සේවා සැපයීම සඳහාත් කුඩා හා මාධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් යළි ශක්තිමත් කිරීම සඳහා තවත් ඩොලර් මිලියන 2ක් (රු.ලක්‍ෂ 3600ක්) යොදාගන්නා ලෙසයි උපදෙස් ලැබී ඇත්තේ.

ඩොලර් මිලියන 1.3ක (රු.ලක්‍ෂ 1800ක්) පමණ ප්‍රමාණයක් සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා නව රසායනාගාර පද්ධති සකස් කිරීම, පරීක්ෂණ කටයුතු සඳහා, තාක්ෂණික විශේෂඥයින්ට සහය වීම යනාදී ක්ෂේත්‍ර වෙත යොද ගන්නා ලෙසද ශ්‍රී ලංකා රජයට උපදෙස් දී තිබේ.

පසුගිය වසර 20 ක පමණ කාලය තුළ ශ්‍රී ලංකාවට එක්සත් ජනපද ආධාර ලෙස ඇමරිකානු ඩොලර් බිලියන 1කට වැඩි ප්‍රමාණයක් ලැබී ඇති අතර ඉන් ඩොලර් මිලියන 26කට වැඩි ප්‍රමාණයක් සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා ලබා දී ඇති බවයි USAID වැඩිදුරටත් සඳහන් කරන්නේ.

එමෙන්ම මෙම ගෝලීය වසංගත තත්ත්වය හමුවේ ඇමරිකා එක්සත් ජනපදය විසින් ලොව පුරා රටවල් වෙත මේ වන විට ඩොලර් බිලියන 10ට වැඩි ආධාර ප්‍රමාණයක් ලබා දී තිබෙන බවද සඳහන්.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

කුවේට් සිට පැමිණි 47කට කොරෝනා

අද (24) දිනයේ රාත්‍රී 9.45 වන විට නව්‍ය කොරෝනා රෝගීන් 49 දෙනෙක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර...

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 1117 ක් දක්වා ඉහළට

අද(24) සවස 5.00 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 11 දෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාශය පවසයි. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන...

කාන්තාවක් ඝාතනය කිරීමට කාන්තාවන් සිව් දෙනෙක් ඇතුළු 7ක් අත්අඩංගුවට

මීටියාගොඩ ප්‍රදේශයේ දී කාන්තාවක් ඝාතනය කර තවත් පුද්ගලයින් හය දෙනෙකුට බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියට අදාළ සැකකරුවන් 07 දෙනෙකු මීටියාගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට...

පිවිසුම් මාර්ග 5කින් කොළඹට එන බස් නවත්වන තැන් මෙන්න

අඟහරුවාදා(26) සිට කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු පළාත් අතර අන්තර් පළාත් බස් රථ සේවා ආරම්භ කරන ලෙස ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය...

පාඨක අදහස්