31 C
Colombo
Monday, May 25, 2020
මුල් පිටුව විදෙස් පුවත් චීනයේ ප්‍රාන්ත දෙකක නැවතත් "ලොක්ඩවුන්" ක්‍රියාත්මක කරයි

නව කොරෝනා වෛරස ව්‍යාප්තියේ නවතම රැල්ලක් ඇතිවේ යැයි ඇතිවූ සැකයක් මත මිලියන 100ක ජනගහණයකින් යුත් චීනයේ ප්‍රාන්තයක නගර දෙකක් සම්පුර්ණයෙන්ම වසා දැමීමට තීරණය කොට තිබේ.

ඊසාන දිග චීනයේ පිහිටි ජිලින් පළාතේ රෝහල් දෙකක් කොරෝනා ආසාදිත රෝගීන් බවට සැක කෙරෙන රෝගීන් සඳහා ප්‍රතිකාර කිරිම සඳහා වෙන් කිරිමට බලධාරින් පියවර ගෙන ඇත.

ජිලින් ප්‍රාන්තයේ පිහිටි නගර දෙකක් කේන්ද්‍ර කරගෙන කොරෝනා වෛරසය ව්‍යාප්ත වෙමින් පවතින අතර සෙසු නගරවලට බලපෑමක් එල්ල වීම නතර කිරීමේ අරමුණින් අදාළ නගර දෙක වුහාන් නගරය මෙන් නිරෝධායනයට යටත් කිරිමට පියවර ගෙන ඇත.

මේ අතර වෛරස ව්‍යාප්තිය ආරම්භ වූ වුහාන් නගරයෙන් ද නව ආසාදිතයෙක් වාර්තා වී තිබෙනවා. මේ අනුව එහි දැනට සක්‍රීය ලෙස වාර්තා වන රෝගීන් ගණන 07ක් වේ.

මේ වන විට නිරෝධායනයට ලක් කොට ඇති නගර දෙකේ ජනතාව කොරෝනා වෛරස පරීක්ෂණයට භාජනය කරන අයුරු චීන මාධ්‍ය මගින් ප්‍රචාරය කර තිබේ.

ලක්ෂ 07 ක ජනතාවක් වෙසෙන ෂුලාන් නගරයේ බලධාරින් සිය පුරවැසියන්ට නියෝග කරමින් සඳහන් කර ඇත්තේ නිරෝධායන නීති උල්ලංඝණය කරන ඕනෑම පුද්ගලයෙකුට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන බවයි.

මේ වන විට ජිලාන් ප්‍රාන්තයේ කොරෝනා ආසාදිත රෝගීන් 39 දෙනෙක් වාර්තා වී ඇති අතර පළමු රෝගියා බවට හඳුනා ගෙන ඇති ඇඳුම් පිරිසිදු කරන්නා හට එම වෛරසය ආසාදනය වූ අයුරු මේ දක්වා හෙළිකර ගැනීමට බලධාරින් අපොහොසත්ව ඇත. ෂුලාන් නගරයෙන් වාර්තා වන රෝගීන් සංඛ්‍යාව 12ක්.

ප්‍රාන්තයේ කොරෝනා වෛරසය ව්‍යාප්තවීමත් චීන මධ්‍යම රජය විසින් ෂුලාන් නගරයේ බලධාරියෙක් සහ ජිලාන් ප්‍රාන්ත බලධාරින් 05 දෙනෙකු ගේ තනතුරු අහිමි කිරීමට කටයුතු කර ඇත බව එරට මාධ්‍ය නිවේදනය කර සිටී.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

කුවේට් සිට පැමිණි 47කට කොරෝනා

අද (24) දිනයේ රාත්‍රී 9.45 වන විට නව්‍ය කොරෝනා රෝගීන් 49 දෙනෙක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර...

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 1117 ක් දක්වා ඉහළට

අද(24) සවස 5.00 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 11 දෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාශය පවසයි. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන...

කාන්තාවක් ඝාතනය කිරීමට කාන්තාවන් සිව් දෙනෙක් ඇතුළු 7ක් අත්අඩංගුවට

මීටියාගොඩ ප්‍රදේශයේ දී කාන්තාවක් ඝාතනය කර තවත් පුද්ගලයින් හය දෙනෙකුට බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියට අදාළ සැකකරුවන් 07 දෙනෙකු මීටියාගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට...

පිවිසුම් මාර්ග 5කින් කොළඹට එන බස් නවත්වන තැන් මෙන්න

අඟහරුවාදා(26) සිට කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු පළාත් අතර අන්තර් පළාත් බස් රථ සේවා ආරම්භ කරන ලෙස ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය...

පාඨක අදහස්