31 C
Colombo
Monday, May 25, 2020
මුල් පිටුව දේශපාලන කරූ ජයසූරිය අධිකරණය හමුවට කැඳවන ලෙස ඉල්ලමින් මෝසමක්

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් හිටපු කථානායක කරු ජයසූරිය මහතා අධිකරණය හමුවට කැඳවා අවවාද කරන ලෙස ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට මෝසමක් ඉදිරිපත් වෙයි.

ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණේ ලේකම් ආරියවංශ දිසානායක මහතා වෙනුවෙන් නීතිඥ මෝදිත ඒකනායක මහතා විසින් මෙම මෝසම ඉදිරිපත් කර ඇත.

එම මෝසම මගින් සඳහන් කර තිබෙන්නේ ජූනි මස 20 වන දා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම අභියෝගයට ලක් කරමින් ගොනුකර ඇති පෙත්සමක වගඋත්තරකරුවකු ලෙස නම් කර සිටි කරු ජයසූරිය මහතා වෙත අගවිනිසුරුවරයා කල නියෝගයක් අනුව ඊට අදාළ නොතීසි ගෙන ගොස් භාර දුන් බවයි.

එහෙත් එම නොතිසි භාරගැනීම කරු ජයසූරිය මහතා විසින් ප්‍රතික්ෂේප කර ඇති බව ද මෝසමෙන් සඳහන් වේ.

ඒ තුළින් කරු ජයසූරිය මහතා අධිකරණය අපහසුතාවයට ලක් කර ඇති බවත් ඒ හරහා ඔහු අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බවයි මෝසමින් සඳහන් වෙන්නේ.

ඒ අනුව වගඋත්තරකාර කරු ජයසූරිය මහතා අධිකරණය හමුවට කැඳවා අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් තරයේ අවවාද කරන ලෙසද එම මෝසමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

කුවේට් සිට පැමිණි 47කට කොරෝනා

අද (24) දිනයේ රාත්‍රී 9.45 වන විට නව්‍ය කොරෝනා රෝගීන් 49 දෙනෙක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර...

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 1117 ක් දක්වා ඉහළට

අද(24) සවස 5.00 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 11 දෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාශය පවසයි. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන...

කාන්තාවක් ඝාතනය කිරීමට කාන්තාවන් සිව් දෙනෙක් ඇතුළු 7ක් අත්අඩංගුවට

මීටියාගොඩ ප්‍රදේශයේ දී කාන්තාවක් ඝාතනය කර තවත් පුද්ගලයින් හය දෙනෙකුට බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියට අදාළ සැකකරුවන් 07 දෙනෙකු මීටියාගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට...

පිවිසුම් මාර්ග 5කින් කොළඹට එන බස් නවත්වන තැන් මෙන්න

අඟහරුවාදා(26) සිට කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු පළාත් අතර අන්තර් පළාත් බස් රථ සේවා ආරම්භ කරන ලෙස ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය...

පාඨක අදහස්