31 C
Colombo
Monday, May 25, 2020
මුල් පිටුව උණුසුම් පුවත් තරුණිය බේරාගන්න ජලාශයට පැන්න දෙදරු පියාගේ සිරුර හමුවෙයි

ඉහළ කොත්මලේ ජලාශයට පැන සිය දිවි හානි කර ගැනිමට තැත් කළ තරුණිය බේරා ගැනිමට උත්සහ කළ දෙදරු පියාගේ සිරුර එම ජලාශයේම තිබි (21) දින පස්වරුවේ පොලිස් ජිවිත ආරක්ෂක භටයින් සහ ප්‍රදේශවාසින් විසින් සොයා ගෙන ඇත.

මෙසේ සොයාගනු ලැබුවේ තලවකැලේ ලිදුල රත්නිල්ලකැලේ ප්‍රදේශයේ පදිංචි හමිඩ් රිස්වාන් නැමති (28) හැවිරිදි දෙදරු පියාගේ සිරුරය.

වෘත්තියෙන් වඩු කාර්මිකයෙකු වශයෙන් සේවය කල හමිඩ් රිස්වාන් (21) දින සේවය කරමින් සිටි ස්ථානයට යාබදවම ඉහල කොත්මලේ ජලාශය පිහිටා ඇති අතර සිය දිවි හානි කර ගැනිමට ජලාශයට පැන ඇති තරුණියගේ සිද්ධිය දැක බලා ගැනිමට ගොස් ප්‍රදේශ වාසින්ගේ ඉල්ලිමක් මත දියේ ගිලෙමින් සිටි තරුණිය බේරා ගැනිමට දෙදරු පියා ජලාශයට පැන ඇත.

ජලාශයට පැන සිය දිවි හානි කර ගැනිමට උත්සහ කර ඇත්තේ හින්දු ජාතික තරුණියක් වන අතර ඇය බේරා ගැනිමට උත්සාහ ගැනීමෙන් ජිවිතක්ෂයට පත් වි ඇත්තේ මුස්ලිම් ජාතික දෙදරු පියෙකි.

ගොඩගත් සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා නුවරඑලිය මුලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කෙරේ.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

කුවේට් සිට පැමිණි 47කට කොරෝනා

අද (24) දිනයේ රාත්‍රී 9.45 වන විට නව්‍ය කොරෝනා රෝගීන් 49 දෙනෙක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර...

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 1117 ක් දක්වා ඉහළට

අද(24) සවස 5.00 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 11 දෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාශය පවසයි. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන...

කාන්තාවක් ඝාතනය කිරීමට කාන්තාවන් සිව් දෙනෙක් ඇතුළු 7ක් අත්අඩංගුවට

මීටියාගොඩ ප්‍රදේශයේ දී කාන්තාවක් ඝාතනය කර තවත් පුද්ගලයින් හය දෙනෙකුට බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියට අදාළ සැකකරුවන් 07 දෙනෙකු මීටියාගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට...

පිවිසුම් මාර්ග 5කින් කොළඹට එන බස් නවත්වන තැන් මෙන්න

අඟහරුවාදා(26) සිට කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු පළාත් අතර අන්තර් පළාත් බස් රථ සේවා ආරම්භ කරන ලෙස ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය...

පාඨක අදහස්