31 C
Colombo
Monday, May 25, 2020
මුල් පිටුව උණුසුම් පුවත් සයිප්‍රසයට රැකියා නියුක්තිකයන්ට ඇතුල් වීමට අවසර

කොවිඩ් වෛරසය හේතුවෙන් සයිප්‍රස් රාජ්‍යයේ ගුවන්ගමන් තහනම් කීරීමට පෙර කෙටි හා වාර්ශික නිවාඩු ලබා එරටින් බැහැරව ගොස් සිටින විදේශ රැකියා නියුක්තිකයන්ට, දැනට බලපැවැත් වෙන ගුවන් ගමන් තහනම ඉවත් කීරීමෙන් පසුව එරටට ඇතුළත් වීමට අවසර ලබා දී තිබේ.

මේ සඳහා ප්‍රකාශිත සහනදායී කොන්දේසි මත එරට පැමිණීමට අවස්ථාව උදා වෙන බවත් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ටද මෙම අවස්ථාව හිමි වී ඇති බවත් නිවේදනයක් නිකුත් කරමින් විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

එම කොන්දේසි අතර, සයිප්‍රස් සේවය කීරීම සඳහා වලංගු වැඩ බලපත්‍රයක් ( Work Permit) සහිත ශ්‍රමිකයින්, තමන් ලබාගත් මාස තුනක නිවාඩුව අවසන් වන දිනය 2020 මාර්තු මස 15 න් පසු දිනයක් වේනම් කිසිදු බාධාවකින් තොරව යළි සයිප්‍රස්හි රැකියාවට යාමට හැකියාව ඇත.

එසේම 2020 ජනවාරි මස 01 වෙනිදාට පසුව සයිප්‍රසයෙන් බැහැරව ගොස් සිටින, තමන්ගේ වැඩකිරීමේ බලපත්‍රයේ වලංගු කාලය 2020 මාර්තු 15 න් පසුව කල් ඉකුත් වී ඇති අවස්ථාවක හා එම වැඩ කීරීමේ බලපත්‍රය “ Final – Not Renewable ” ඝනයට අයත් නොවේනම් සයිප්‍රසයට ඇතුල්වීමේ බලපත්‍රයක් ඉල්ලුම කීරීම මගින් නැවත එරට රැකියාවට යාමට අවස්ථාව හිමි වෙයි.

මේ සඳහා ශ්‍රී ලංකාවේ සයිප්‍රස් නිර්වේතනික කොස්සල් කාර්යාලය සමඟ සම්බන්ධ වී වැඩිදුර තොරතුරු ලබා ගත හැකිය.

මේ වනවිට සයිප්‍රසයේ ශ්‍රී ලාංකිකයන් 5500 පමණ සේවය කරමින් සිටිති.

වැඩි විස්තර සඳහා සයිප්‍රස් කොන්සල් ජනරාල් කාර්යාලයේ 00357 22550030 ඇමතීමෙන් ලබා ගත හැකිය.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

කුවේට් සිට පැමිණි 47කට කොරෝනා

අද (24) දිනයේ රාත්‍රී 9.45 වන විට නව්‍ය කොරෝනා රෝගීන් 49 දෙනෙක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර...

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 1117 ක් දක්වා ඉහළට

අද(24) සවස 5.00 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 11 දෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාශය පවසයි. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන...

කාන්තාවක් ඝාතනය කිරීමට කාන්තාවන් සිව් දෙනෙක් ඇතුළු 7ක් අත්අඩංගුවට

මීටියාගොඩ ප්‍රදේශයේ දී කාන්තාවක් ඝාතනය කර තවත් පුද්ගලයින් හය දෙනෙකුට බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියට අදාළ සැකකරුවන් 07 දෙනෙකු මීටියාගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට...

පිවිසුම් මාර්ග 5කින් කොළඹට එන බස් නවත්වන තැන් මෙන්න

අඟහරුවාදා(26) සිට කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු පළාත් අතර අන්තර් පළාත් බස් රථ සේවා ආරම්භ කරන ලෙස ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය...

පාඨක අදහස්