31 C
Colombo
Tuesday, September 29, 2020
මුල් පිටුව දේශපාලන ගම්මන්පිල කියන්නේ බොරු

හෝමාගම හි යෝජිත ක්‍රිකට් පිටිය සම්බන්ධව තමා කළ ප්‍රකාශය මගින් කිසිවෙකුවත් නොමග නොයැවූ බව කැබිනට් මණ්ඩලයේ සම ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා අද (21) පවසා තිබේ.

අද පෙරවරුවේ පැවති කැබිනට් රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේද මෙම ව්‍යාපෘතිය රජය අරමුදල් වලින් සිදුවන්නක් නොවන බවත්, එය ශ්‍රී ලංකා ක්‍රිකට් මණ්ඩලය විසින් මෙහෙයවනු ඇති බවත්ය.

මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරයේ සිටියදී ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය පසුව අත්හිටවූ බව සඳහන් කළ අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ක්‍රීඩාංගනය ඉදිකිරීමේ කටයුතු වහාම ආරම්භ නොවන බවයි.

මෙම ව්‍යාපෘතියට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) අරමුදල් සපයන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ද සමාජ ජාලා මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කර තිබුණි. කෙසේවෙතත්, ICC ය එලෙස මුදල් ප්‍රදානයක් ලබාදෙන බවට කලින් ප්‍රතික්ෂේප කර තිබුණි.

කෙසේවෙතත්, අමාත්‍ය බන්දුල මහතා ගේ ප්‍රකාශයක් පදනම් කරගෙන තමා සිදුකළ ප්‍රකාශයට කණගාටුව පළ කර සිටින බව ගම්මන්පිල මහතා පසුව ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබුණි.

Bandula1 670px 20 05 21

ලංකාවේ විශාලතම ජාත්‍යන්තර ක්‍රීඩාංගනය හෝමාගම දියගම ඉදිකරන බවට අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඉරිදා පස්වරුවේදී ප්‍රකාශ කිරීමත් සමග එයට මාධ්‍ය ඔස්සේ දැවැන්ත සමාජ විරෝධයක් එල්ලවිය.

හිටපු ක්‍රිකට් නායකයන් වන රොෂාන් මහනාම, අර්ජුන රණතුංග සහ මහේල ජයවර්ධන ද මේ සම්බන්ධයෙන් දැඩි ලෙස විරෝධය පළ කර තිබුණු අතර, අගමැති මහින්ද රාජපක්ෂගේ වැඩිමහල් පුතුන් වන නාමල් සහ යොෂිත ද මෙම තීරණය විවේචනය කර තිබුණි.

මේ අතර, යෝජිත හෝමාගම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් වන රොෂාන් මහනාම, මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර සහ සනත් ජයසූරිය අද දිනයේදී හමුවීමට නියමිත බව වාර්තා වේ.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

වැරදි ඖෂධ යවා අන්ධ කළ තරුණයාට රු. ලක්‍ෂයක් දෙයි

කොරෝනා සමයේ මීරිගම මූලික රෝහලේ සායනයකින් තැපැල් මගින් නිවසට එවූ ඖෂධයක් හේතුවෙන් පෙනීම අහිමි වූ මීරිගම, වැවහේනේ පදිංචි ලෙනින් නිරෝෂන් නැමති 16...

ජනමත විචාරණයකට අපි සූදානම්

විසි වැනි සංශෝධනය සම්මත කිරීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකට අමතරව ජනමත විචාරණයක් ද අවශ්‍ය බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළහොත් ඒ අනුව ක්‍රියා කිරීමට...

විගණන කොමිසම අහෝසි කිරීම රජයේ මුදල් ගඟේ මූදේ දැමීමක්

20න් විගණන කොමිසම ඉවත් කිරීම හේතුකොටගෙන රාජ්‍ය සමාගම් 117ක් ඉවත් වන බවත් ඒ හරහා රුපියල් කෝටි 74,300ක වත්කම් සහිත ආයතන විගණනයෙන් ඉවත්...

පොල් මිල පාලනයට ආණ්ඩුව විහිළු සපයනවා

පොල් මිලදී ගන්න ටේප් පටියක් අරන් පොළේ යන්නැයි ජනතාවට කියමින් පොල් මිල පාලනයට ‘විහිළු’ සපයන්නට ආණ්ඩුව පටන් ගෙන තිබෙනවා. ඉදිරියටත් ටේප් පටි...

පාඨක අදහස්