31 C
Colombo
Monday, May 25, 2020
මුල් පිටුව උණුසුම් පුවත් "වැල යන අතට මැස්ස ගහන්න..අපිත් බේරිලා ඉන්න ඕනෙ නේ"- පොලිස් මාධ්‍ය ප්‍රකාශක

මීට දින තුනකට පෙර වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ එහි නිලධාරීන්ට දේශනයක් පවත්වා තිබේ.

දැනට පරිහාණියට මුහුණ දී සිටින CIDය පිළිබඳ පතළ මහා කරුණාවෙන් කතා කර ඇති ඒ මහතා “CID එක වැටෙන්න දෙන්න බෑ. CID එක තමයි පොලිසියට තියෙන ලොකුම ශක්තිය. අපි මේක ගොඩගන්න ඕනෑ. මං දන්නවා මේ නිලධාරීන් දක්ෂයින් බව. ඕනෙම දේකට මම ඉන්නවා. ඕනෙම දේකදි මම CID එක වෙනුවෙන් පෙනී ඉන්නවා ….” යනාදී වශයෙන් දීර්ඝව අදහස් දක්වා ඇත.

වැඩබලන පොලිස්පතිවරයා පිටව යාමෙන් පසු CID නිලධාරීන් කතා වී ඇත්තේ “ඔව් ඉතිං CID එකේ 740 ගාණකට විදෙස් ගමන් තහනමක් දානකල් උඩ බලාගෙන හිටපු කෙනා, වචනයක්වත් කතා නොකරපු කෙනා දැන් ඇවිත් පොරටෝක් දීලා යනවා” යනුවෙනි.

මෙයින් පසු ඊයේ (21) දිනයේදී පොලිස් මාධ්‍ය කොට්ඨාශයේ අධ්‍යක්ෂ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා CIDයට පැමිණ එහි එක් එක් අංශවල ස්ථානාධිපතිවරුන්ගේ (Unit OIC) රැස්වීමක් පවත්වා තිබේ. මෙසේ CIDයේ ස්ථානාධිපතිවරුන් කැඳවා රැස්වීමට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාට බලයක් නොමැති අතර එය නීතිවිරෝධී ක්‍රියාවක් ද වේ.

එහිදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා CIDයේ අංශ ස්ථානාධිපතිවරුන්ගෙන් විමසා ඇත්තේ මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිවරයා විසින් ඉදිරිපත් කර ඇති “යහපාලන ආණ්ඩුවේ Top 10 හොරු” යනුවෙන් ඔහු විසින් හඳුන්වන පැමිණිලිවලට අදාළව විමර්ශන සිදු නොකරන්නේ මන්දැයි කියාය.

ඊට පිළිතුරු දෙමින් ස්ථානාධිපතිවරුන් පෙන්වා දී ඇත්තේ එකී “Top 10 හොරු” පිළිබඳ පැමිණිලි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විෂය පථයට අයත් ඒවා නොවන බවයි. එම පැමිණිලිවල සඳහන්ව ඇති චෝදනා දූෂණ, වංචා සහ අල්ලස් ගැනීම් පිළිබඳ ඒවා බැවින් ඒ පිළිබඳව විමර්ශනය කළ යුත්තේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් බවත්, තමන්ට මේ පිළිබඳ බලයක් නොමැති බවත් ඔවුන් පෙන්වා දී ඇත.

එහෙත් එය නොපිළිගත් සේනාරත්න මහතා “නෑ, මේවා සාපරාධී විශ්වාසය කඩකිරීමයි සාපරාධී සාවද්‍ය පරිහරණයයි යටතට ගන්න පුළුවන්. ඒ යටතේ නඩු පවරන්න විමර්ශන කරන්න” යනුවෙන් පවසා තිබේ.

එතැන සිටි ස්ථානාධිපතිවරුන් සියල්ලම පාහේ අවම වශයෙන් සාපරාධී විශ්වාසය කඩකිරීම් පිළිබඳ විමර්ශන 4000 – 5000ක් පමණ සිදුකළ අය ය. එහෙයින් ඔවුන් නැවතත් ප්‍රකාශ කර තිබුණේ “නෑ සර්. මේවා ඒකට ගන්න බෑ. මෙතන ඉන්න අපි හැමෝම හොඳටම අත්දැකීම් තියෙන අය. අපට ඔය පැමිණිලි ගිය ආණ්ඩුව කාලෙමත් හම්බුණා. නමුත් අපේ විෂය පථයට අදාළ නොවෙන නිසා, අපට විමර්ශන බලයක් නැති නිසා අපි ඕක කළේ නෑ. ඕක අයිති අල්ලස් කොමිසමට” යනුවෙනි.

එය ඇසූ ජාලිය සේනාරත්න මහතා “එහෙම කියලා හරියන්නෙ නෑ ළමයිනේ. වැල යන අතට මැස්ස ගහන්න පුරුදු වෙන්න. ඔය එකෙක් දෙන්නෙක් අල්ලලා පොඩ්ඩක් හැරස්ට් කරන්න. මොකද ඉතිං අපිත් බේරිලා ඉන්න ඕනෙ නේ” යනුවෙන් පවසා ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

නියමිත ක්‍රමවේද, රෙගුලාසි, පටිපාටිවලින් පිට යමින් දේශපාලනඥයින් පිනවීම සඳහා ශ්‍රී ලංකාවේ පොලිස් ලොක්කන් කටයුතු කරන්නේ ඔය ආකාරයට ය.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

කුවේට් සිට පැමිණි 47කට කොරෝනා

අද (24) දිනයේ රාත්‍රී 9.45 වන විට නව්‍ය කොරෝනා රෝගීන් 49 දෙනෙක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර...

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 1117 ක් දක්වා ඉහළට

අද(24) සවස 5.00 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 11 දෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාශය පවසයි. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන...

කාන්තාවක් ඝාතනය කිරීමට කාන්තාවන් සිව් දෙනෙක් ඇතුළු 7ක් අත්අඩංගුවට

මීටියාගොඩ ප්‍රදේශයේ දී කාන්තාවක් ඝාතනය කර තවත් පුද්ගලයින් හය දෙනෙකුට බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියට අදාළ සැකකරුවන් 07 දෙනෙකු මීටියාගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට...

පිවිසුම් මාර්ග 5කින් කොළඹට එන බස් නවත්වන තැන් මෙන්න

අඟහරුවාදා(26) සිට කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු පළාත් අතර අන්තර් පළාත් බස් රථ සේවා ආරම්භ කරන ලෙස ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය...

පාඨක අදහස්