31 C
Colombo
Monday, May 25, 2020
මුල් පිටුව උණුසුම් පුවත් තරුණියගේ දිවි බේරීමට ගොස් අවසන් ගමන් ගිය රිස්වාන්ගේ අවසන් කටයුතු අද

තරුණියගේ දිවි බේරීමට ගොස් අවසන් ගමන් ගිය රිස්වාන්ගේ අවසන් කටයුතු අද

ඉහළ කොත්මලේ ජලාශයට පැන සිය දිවි හානි කර ගැනිමට උත්සහ කළ තරුණිය බේරා ගැනිමට ජලාශයට පැන ජිවිතක්ෂයට පත් මුස්ලිම් ජාතික හමිඩ් රිස්වාන් නැමති දෙදරු පියාගේ අවසන් කටයුතු අද(23) දින සිදු කිරීමට නියමිතයි.

ඒ ලිඳුල ෆාමස්ටන් රත්නගිරිය පොදු සුසාන භුමියේදීය.

හමිඩ් රිස්වාන්ගේ පශ්චාත් මරණ පරික්ෂණය නුවරඑළිය මහ රෝහලේ අධිකරණ වෛද්‍යයවරයා විසින් ඊයේ(22) දින සිදු කිරිමෙන් පසු දේහය පස්වරුවේ රිස්වාන් පදිංචිව සිටි ලිදුල ෆාමස්ටන් රත්නගිරිය ජනපදයට රැගෙන එනු ලැබීය.

හමඩ් රිස්වාන්ගේ දේහයට අවසන් ගෞරව දැක්විමට සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කරමින් විශාල පිරිසක් දේහය තැන්පත් කර ඇති ඔහුගේ මවගේ නිවස වෙත පැමිණ සිටියේය.

තලවකැලේ පොලීසියේ සහ ලිඳුල පොලිසියේ ස්ථානාධිපතිවරුන් සහ පොලිස් නිලධාරින්ද හමිඩ් රිස්වාන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට එක්විය.

මේ අතර ඉහළ කොත්මලේ ජලාශයට පැන සිය දිවි හානි කර ගැනිමට තැත් කල තලවකැලේ ප්‍රදේශයේ පදිංචි තිරුචෙල්වම් ශ්‍රියානි හැවිරිදි 22 හැවිරිදි තරුණිය තව දුරටත් ලිඳුල ප්‍රාදේශිය රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබයි.

ඇයව බැලිමට තලවකැලේ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක රුවන් ප්‍රනාන්දු මහතා රෝහල වෙත ගොස් ඇයට දැඩි ලෙස අවවාද කරනු ලැබිණ.

එහිදි එම තරුණිය පොලිස් ස්ථානාධිපතිවරයා හමුවේ කියා සිටියේ, තමන්ගේ පෞද්ගලික හේතුවක් මත ගත් ක්ෂණික තීරණය වැරදි බව තමන්ට දැන් වැටහෙන බවයි.

දියේ ගිලෙමින් සිටිය දී එම තරුණිය බේරා ගත් තලවකැලේ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක රුවන් ප්‍රනාන්දු මහතා සහ ඔහුට සහයෝගය ලබා දුන් පො.කො.රුවන් යන දෙදෙනාව තලවකැලේ ප්‍රදේශයේ තරුණයන් පිරිසක් විසින් පොලිස් ස්ථානය වෙත පැමිණ ඔහුන් දෙදෙනා සිදු කල උදාර කැපවිම අගය කරමින් හින්දු චාරිත්‍රානුකුලව සළු පළඳවා උපහාර පිදිමක්ද සිදු කරනු ලැබීය.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

කුවේට් සිට පැමිණි 47කට කොරෝනා

අද (24) දිනයේ රාත්‍රී 9.45 වන විට නව්‍ය කොරෝනා රෝගීන් 49 දෙනෙක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර...

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 1117 ක් දක්වා ඉහළට

අද(24) සවස 5.00 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 11 දෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාශය පවසයි. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන...

කාන්තාවක් ඝාතනය කිරීමට කාන්තාවන් සිව් දෙනෙක් ඇතුළු 7ක් අත්අඩංගුවට

මීටියාගොඩ ප්‍රදේශයේ දී කාන්තාවක් ඝාතනය කර තවත් පුද්ගලයින් හය දෙනෙකුට බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියට අදාළ සැකකරුවන් 07 දෙනෙකු මීටියාගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට...

පිවිසුම් මාර්ග 5කින් කොළඹට එන බස් නවත්වන තැන් මෙන්න

අඟහරුවාදා(26) සිට කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු පළාත් අතර අන්තර් පළාත් බස් රථ සේවා ආරම්භ කරන ලෙස ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය...

පාඨක අදහස්