31 C
Colombo
Friday, July 10, 2020
මුල් පිටුව දේශපාලන නාමයෝජනා අහෝසි වුණොත් එජාපය එකට

දැනට ප්‍රකාශයට පත්කර ඇති මහමැතිවරණය නීතියට පටහැණි බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබාදුනහොත් දැනට බෙදී සිටින එක්සත් ජාතික පක්ෂය එක්ව තරඟ කිරීමට කැමැත්තෙන් සිටින බව වාර්තා වේ.

මහමැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය හා සමගි ජන බලවේගය ලෙස බෙදී නාමයෝජනා බාරදුන් හිටපු එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙසේ එක්ව කටයුතු කිරීම ගැන අදහසක් හුවමාරු කරගෙන ඇති බව පුවත් පතක් වාර්තා කර තිබේ.

මෙම දෙපාර්ශ්වයේ පිරිස් මේ වන විටත් පොදු කාරණාවලදී එක්ව කටයුතු කරන ආකාරයක් පෙන්නුම් කරමින් ඇතැයි ද එහි දැක්වේ.

රාජිත සේනාරත්න මහතා රිමාන්ඞ් බන්ධනාගාරයට පත්කිරීමේ සිදුවීමේදීද දෙපාර්ශ්වය වෙනුවෙන් නාමයෝජනා ලබාදුන් පිරිසක් එක්ව කටයුතු කර ඇති බවද පැවසේ.

ඊට අමතරව ඇඳිරි නීති සමය තුළ සිදුවූ විවිධ පුද්ගලයන්ගේ මානව හිමිකම් කඩවීම් ඇතුළු සිද්ධි කිහිපයක් පිළිබඳව දෙපාර්ශ්වයේ නියෝජිතයන් එක්ව සාකච්ඡා කර ඇත.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

නාත්තණ්ඩියට ආ උපදේශිකාවට කොවිඩ් නිසා බස්වල ගිය මිනිස්සු සොයා මෙහෙයුම්

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කරන කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් ඊයේ (09දා) කොවිඩ් ආසාදිතයන් 56ක් හමුවීමත් සමග එම මධ්‍යස්ථානය ජංගම රෝහලක් බවට පත් කිරීමට පියවර...

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ලාංකිකයින් පිරිසක් දිවයිනට

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැඳී සිටි ශ්‍රි ලාංකිකයන් 278 දෙනෙකු ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් දිවයිනට පැමිණ තිබේ. අද (10) අලුයම...

ඉන්දියානු පිළිකා එන්නත මිලදී ගන්න පවිත්‍රා සූදානම් වෙයි

පිළිකා රෝගීන් සඳහා ලබා දෙන ඖෂධ එන්නත් කුප්පි දෙළොස් දහස් පන්සියයක් ඉන්දියානු සමාගමකින් මිලදී ගැනීම සඳහා සෞඛ්‍ය ඇමැති පවිත්‍රා වන්නිආරච්චි ඉදිරිපත් කළ...

නිරෝධායන කාලයේ නොගෙවූ ණය වලට ජනතාවගෙන් අමතර පොළියක් අය කරන්න අනුමැතිය

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් රජය ලබාදුන් සහන කාලයේදී ගනුදෙනුකරුවන් නොගෙ වූ ණය වාරික වෙනුවෙන් සියයට හතක උපරිමයකට යටත්ව අතිරේක පොලියක් අයකර ගැනීමට...

පාඨක අදහස්