31 C
Colombo
Monday, May 25, 2020
මුල් පිටුව උණුසුම් පුවත් කොරෝනා පසුපස එන ”කවසකි” රෝගය ලංකාවෙත්.. මේ රෝග ලක්ෂණ ළමුන්ට තිබේදැයි වහාම...

කොරෝනා පසුපස එන ”කවසකි” රෝගය ලංකාවෙත්.. මේ රෝග ලක්ෂණ ළමුන්ට තිබේදැයි වහාම බලන්න

කොවිඩ් 19 වෛරසය සමග ලොව රටවල් කිහිපයක කුඩා දරුවන් අතර වාර්තා වූ “කවසකි” රෝගය මෙරට ද පවතින බව කොළඹ ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා ප්‍රකාශ කරයි. වයස අවුරුදු 5 ට අඩු දරුවන්ට මෙම මෙම රෝග තත්වය බලපාන බැවින් දෙමාපියන් හොද අවබෝධයකින් ඒ සම්බන්ධයෙන් කටයුතු කළ යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ.

දින 05 කට වඩා වැඩි කාලයක් උණ, සිරුරේ රතු ලප ඇතිවීම, බෙල්ලේ වසා ගැටිති ඉදිමීම, දිව ස්ට්‍රොබරි ගෙඩියක් මෙන් රත් පැහැ ගැන්වීම සහ ඇස් රතුවීම මෙම රෝගයේ මුලික රෝග ලක්ෂණ බවයි විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු පැහැදිළි කළ ළමා රෝග විශේෂඥ දීපාල් පෙරේරා මහතා මෙලෙස ප්‍රකාශ කළේය.

”සාමාන්‍යයෙන් වසරකට “කවසකි” රෝගය ආසාදනය වූ රෝගීන් 50 ක් 100ක් අතර ප්‍රමාණයක් මෙරටින් වාර්තා වනවා. නමුත් කොවිඩ් 19 වසංගතයේ ව්‍යාප්තිය සමග කවසකි කියන මෙම රෝගය කුඩා ළමුන් අතර ව්‍යාප්තවීමේ වැඩි ප්‍රවනතාවයක් ඇති වෙලා තිබෙනවා කියලා විදේශ රටවලින් වාර්තා වෙලා තිබෙනවා. කොවිඩ් වසංගතයට ගොදුරුවූ ළමුන් පසුව මෙම රෝග තත්ත්වයට මුහුණ දෙන බවටයි තොරතුරු වාර්තා වන්නේ.

මෙම රෝගය 1967 වර්ෂයේදී ජපානයෙන් පළමුව වාර්තා වුනේ. එමෙන්ම මේක ස්වයං ප්‍රතිදේහ රෝගයක් කියලයි හඳුනා ගෙන තියෙන්නේ. ඒ නිසා දරුවන් සිටින දෙමාපියන් තමන්ගේ දරුවන් ගැන හොඳ අවබෝධයකින් සිටීම වැදගත්. ඒ නිසා මේ ඉහත කියූ රෝග ලක්ෂණ ඇත්නම් වහාම පිළිගත් රෝහලක ළමා රෝග විශේෂඥයෙක්ට පෙන්වීම වැදගත්.

මෙම රෝගය සමහර ළමුන්ට ඇතිවෙලා දින කිහිපයක් ගත වෙන කොට එය ඔවුන්ගේ හෘද වස්තුවේ ධමනි වලට බලපෑම් එල්ල කිරීමේ හැකියාව තිබෙනවා. ඇතැම් අවස්ථාවල දරුවන් අඩු වයසින් හෘදයාබාධ වලට ගොදුරු වෙලා මියයන්න හේතුවත් මෙම කවසකි රෝගයයි. මේ රෝගයට ගොදුරු වූ ළමුන් දැනටත් අපේ සායන වලට පැමිණෙනවා ”

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

කුවේට් සිට පැමිණි 47කට කොරෝනා

අද (24) දිනයේ රාත්‍රී 9.45 වන විට නව්‍ය කොරෝනා රෝගීන් 49 දෙනෙක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර...

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 1117 ක් දක්වා ඉහළට

අද(24) සවස 5.00 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 11 දෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාශය පවසයි. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන...

කාන්තාවක් ඝාතනය කිරීමට කාන්තාවන් සිව් දෙනෙක් ඇතුළු 7ක් අත්අඩංගුවට

මීටියාගොඩ ප්‍රදේශයේ දී කාන්තාවක් ඝාතනය කර තවත් පුද්ගලයින් හය දෙනෙකුට බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියට අදාළ සැකකරුවන් 07 දෙනෙකු මීටියාගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට...

පිවිසුම් මාර්ග 5කින් කොළඹට එන බස් නවත්වන තැන් මෙන්න

අඟහරුවාදා(26) සිට කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු පළාත් අතර අන්තර් පළාත් බස් රථ සේවා ආරම්භ කරන ලෙස ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය...

පාඨක අදහස්