31 C
Colombo
Monday, May 25, 2020
මුල් පිටුව තාක්ෂණික තත්පරයට ගිගා බයිට් 44000ක වේගයෙන් අන්තර්ජාලයට පිවිසෙමින් ලෝක වාර්තාවක්

තත්පරයට ගිගා බයිට් 44000ක වේගයෙන් අන්තර්ජාලයට පිවිසෙමින් ලෝක වාර්තාවක්

ලොව වේගවත්ම අන්තර්ජාල සබඳතාව වාර්තා කිරීමට තමන් සතු වූ බව ඕස්ට්‍රේලියානු පර්යේෂකයන් පිරිසක් පවසයි.

මොනෑෂ්, ස්වින්බර්න් හා RMIT විශ්ව විද්‍යාල වල සාමාජිකයන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් තත්පරයට 44200 GB ක වේගයෙන් එනම් තත්පරයට ටෙරා බයිට් 44.2 ක වේගයෙන් අන්තර්ජාලයට සම්බන්ධ වීමට සමත් වී ඇත.

ඒ තුලින් ඔවුන්ට තත්පරයට අඩු කාලයක් තුළ HD මූවීස් 1000කට වැඩි ප්‍රමාණයක් ඩවුන්ලෝඩ් කිරීමට හැකියාව ලැබී ඇත.

මෙය ලොව පුරා නූතන ෆයිබර් ඔප්ටික් බ්‍රෝඩ්බෑන්ඩ් පද්ධතිවල භාවිතා වන තනි ඔප්ටිකල් චිපයක් මඟින් මෙතෙක් නිපදවන ලද ඉහළම දත්ත ප්‍රමාණයේ වාර්තාවට හිමිකම් කීමට සමත් වෙයි.

මේ පර්යේෂණ කණ්ඩායම බලාපොරොත්තු වන්නේ ඔවුන්ගේ සොයාගැනීම් අනාගතයේදී අන්තර්ජාල සම්බන්ධතා දෙස බලන ආකාරය පිළිබඳ අවබෝධයක් ලබා දෙනු ඇති බවයි.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

කුවේට් සිට පැමිණි 47කට කොරෝනා

අද (24) දිනයේ රාත්‍රී 9.45 වන විට නව්‍ය කොරෝනා රෝගීන් 49 දෙනෙක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර...

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 1117 ක් දක්වා ඉහළට

අද(24) සවස 5.00 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 11 දෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාශය පවසයි. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන...

කාන්තාවක් ඝාතනය කිරීමට කාන්තාවන් සිව් දෙනෙක් ඇතුළු 7ක් අත්අඩංගුවට

මීටියාගොඩ ප්‍රදේශයේ දී කාන්තාවක් ඝාතනය කර තවත් පුද්ගලයින් හය දෙනෙකුට බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියට අදාළ සැකකරුවන් 07 දෙනෙකු මීටියාගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට...

පිවිසුම් මාර්ග 5කින් කොළඹට එන බස් නවත්වන තැන් මෙන්න

අඟහරුවාදා(26) සිට කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු පළාත් අතර අන්තර් පළාත් බස් රථ සේවා ආරම්භ කරන ලෙස ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය...

පාඨක අදහස්