31 C
Colombo
Friday, July 10, 2020
මුල් පිටුව උණුසුම් පුවත් කාන්තාවක් ඝාතනය කිරීමට කාන්තාවන් සිව් දෙනෙක් ඇතුළු 7ක් අත්අඩංගුවට

මීටියාගොඩ ප්‍රදේශයේ දී කාන්තාවක් ඝාතනය කර තවත් පුද්ගලයින් හය දෙනෙකුට බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියට අදාළ සැකකරුවන් 07 දෙනෙකු මීටියාගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් පිරිස අතර කාන්තාවන් සිව් දෙනෙකු වන බව පොලීසිය පැවසුවේය.

ඉඩම් ආරවුලක් මුල් කරගනිමින් පසුගිය 21 වැනිදා රාත්‍රී කාලයේ මෙම ගැටුම හටගෙන ඇති අතර එහිදී 45 හැවිරිදි කාන්තාවක් මියගොස් තවත් පුද්ගලයින් හය දෙනෙකු බරපතළ තුවාල ලැබීය.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ මීටියාගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් හා සැකකාරියන් බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 04 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

නාත්තණ්ඩියට ආ උපදේශිකාවට කොවිඩ් නිසා බස්වල ගිය මිනිස්සු සොයා මෙහෙයුම්

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කරන කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් ඊයේ (09දා) කොවිඩ් ආසාදිතයන් 56ක් හමුවීමත් සමග එම මධ්‍යස්ථානය ජංගම රෝහලක් බවට පත් කිරීමට පියවර...

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ලාංකිකයින් පිරිසක් දිවයිනට

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැඳී සිටි ශ්‍රි ලාංකිකයන් 278 දෙනෙකු ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් දිවයිනට පැමිණ තිබේ. අද (10) අලුයම...

ඉන්දියානු පිළිකා එන්නත මිලදී ගන්න පවිත්‍රා සූදානම් වෙයි

පිළිකා රෝගීන් සඳහා ලබා දෙන ඖෂධ එන්නත් කුප්පි දෙළොස් දහස් පන්සියයක් ඉන්දියානු සමාගමකින් මිලදී ගැනීම සඳහා සෞඛ්‍ය ඇමැති පවිත්‍රා වන්නිආරච්චි ඉදිරිපත් කළ...

නිරෝධායන කාලයේ නොගෙවූ ණය වලට ජනතාවගෙන් අමතර පොළියක් අය කරන්න අනුමැතිය

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් රජය ලබාදුන් සහන කාලයේදී ගනුදෙනුකරුවන් නොගෙ වූ ණය වාරික වෙනුවෙන් සියයට හතක උපරිමයකට යටත්ව අතිරේක පොලියක් අයකර ගැනීමට...

පාඨක අදහස්