31 C
Colombo
Friday, July 10, 2020
මුල් පිටුව උණුසුම් පුවත් කුවේට්හි අසරණව සිටින ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් සජිත් මැදිහත් වෙයි

සමගි ජනබලවේගයේ නායක, හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ කුවේට් තානාපති Khalaf Bu Dhhair මහතා අතර විශේෂ හමුවක් සහ සාකච්ඡාවක් ඊයේ (27) පැවැත්විණි.

ඒ, කොරෝනා වෛරසය හේතුවෙන් කුවේටයේ වෙසෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් විශාල පිරිසක් අසරණව සිටින අතර ඔවුන් වෙනුවෙන් අවශ්‍ය සහන සැලසීම සහ ඔවුන්ගේ ආරක්ෂාව සුරක්ෂිත කිරීම සම්බන්ධයෙන් කුවේට් තානාපතිවරයාගේ අවධානය යොමු කරන්නැයි ඉල්ලා සිටීම සඳහාය.


මේ හමුවෙන් පසු මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කළ සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ ආණ්ඩුව නොපමාව කුවේටයේ සිටින අපේ ජනතාව වෙනුවෙන් මැදිහත් වියයුතු බවය.

මේ ව්‍යසනය හේතුවෙන් ඉන්දියාව,තායිවානය,බංගලදේශය වැනි රටවල් කුවේටයේ වෙසෙන තම ශ්‍රමිකයින් සුරක්ෂිත කිරීමට කටයුතු කරද්දී ශ්‍රී ලංකාවේ බලධාරීන් අලස සහ මන්දගාමී ලෙස කටයුතු කරන බව සජිත් ප්‍රේමදාස මහතා කීය.

එදා මැතිවරණය වෙලාවේ රට විරුවන් සේ හැදින්වූ අපේ විදෙස් ශ්‍රමිකයින් අද ආණ්ඩුව විසින්ම බෝම්බකරුවන් සේ හැදින්වීම තුලින් ගම්‍ය වන්නේ ආණ්ඩුවේ කළගුණ නොදත් අමානුෂික ස්වරූපය බවද ඒ මහතා කීය.

පසුගියදා සීෂෙල්ස් දිවයිනෙන් එරට පුරවැසියන් මෙරටට ගෙන ඒමේදී ඔවුන් බෝම්බකරුවන් නොවූ බවත් අපේ රටට විදෙස් විනිමය ගෙනෙන අහිංසක අපේම පුරවැසියන් ආණ්ඩුවට බෝම්බ කරුවන් වීම විමතියට කරුණක් බවත් සජිත් ප්‍රේමදාස මහතා කීය.

ආණ්ඩුව වහාම කුවේට් ඇතුළු මැදපෙරදිග අසරණව සිටින අපේ ජනතාව කෙරෙහි සක්‍රීයව මැදිහත්විය යුතු බවද ඒ මහතා කීය.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

නාත්තණ්ඩියට ආ උපදේශිකාවට කොවිඩ් නිසා බස්වල ගිය මිනිස්සු සොයා මෙහෙයුම්

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කරන කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් ඊයේ (09දා) කොවිඩ් ආසාදිතයන් 56ක් හමුවීමත් සමග එම මධ්‍යස්ථානය ජංගම රෝහලක් බවට පත් කිරීමට පියවර...

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ලාංකිකයින් පිරිසක් දිවයිනට

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැඳී සිටි ශ්‍රි ලාංකිකයන් 278 දෙනෙකු ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් දිවයිනට පැමිණ තිබේ. අද (10) අලුයම...

ඉන්දියානු පිළිකා එන්නත මිලදී ගන්න පවිත්‍රා සූදානම් වෙයි

පිළිකා රෝගීන් සඳහා ලබා දෙන ඖෂධ එන්නත් කුප්පි දෙළොස් දහස් පන්සියයක් ඉන්දියානු සමාගමකින් මිලදී ගැනීම සඳහා සෞඛ්‍ය ඇමැති පවිත්‍රා වන්නිආරච්චි ඉදිරිපත් කළ...

නිරෝධායන කාලයේ නොගෙවූ ණය වලට ජනතාවගෙන් අමතර පොළියක් අය කරන්න අනුමැතිය

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් රජය ලබාදුන් සහන කාලයේදී ගනුදෙනුකරුවන් නොගෙ වූ ණය වාරික වෙනුවෙන් සියයට හතක උපරිමයකට යටත්ව අතිරේක පොලියක් අයකර ගැනීමට...

පාඨක අදහස්