31 C
Colombo
Monday, July 6, 2020
මුල් පිටුව විදෙස් පුවත් ඇමරිකන් පොලීසිය තවත් කළු ජාතිකයෙක් වෙඩි තබා මරා දමයි - විරෝධතා යළිත්...

ලෝක වර්ණවාදය නව මුහුණුවරකින් මේ වන විට ඇමරිකාවේ සිට ලෝකය පුරා ව්‍යාප්ත වෙමින් තිබේ.එහි වඩාත් භයානකම ප්‍රථිපලයක් සනිටුහන් කරමින්
පොලීසිය අතින් කළු ජාතිකයෙකු වූ ජොර්ජ් ෆ්ලොයිඞ් ඝාතනය වී එහි උණුසුම මැකී යාමටත් පෙර අමෙරිකානු පොලිස් නිලධාරියෙකු අතින් තවත් කළු ජාතිකයෙකු මියගිය පුවතක් ඇට්ලන්ටා ප‍්‍රදේශයෙන් වාර්තා වේ.

ඊයේ (13) මෙම මරණය සිදුව ඇත්තේ පොලිස් නිලධාරියෙකු කළ වෙඩි තැබීමකිනි. මාර්ගයේ නවතා තිබූ මෝටර් රථයක නිදාගෙන සිටි කළු ජාතිකයෙකු පරීක්‍ෂා කිරීමට ගිය අවස්ථාවේ පොලීසිය සමග ඇති වූ බහින්බස්වීමකින් පසු මෙම වෙඩි තැබීම සිදුව තිබුණා.

මූලික පරීක්‍ෂණයේදී අනාවරණ වී ඇත්තේ වෙඩි ප‍්‍රහාරයට ලක් වූ පුද්ගලයා පොලිස් නිලධාරියෙකු සමග පොරබැද ඔහු සතු ගිනි අවියද පැහැර ගෙන යාමටද තැත් කර ඇති බවයි. අමෙරිකානු පොලිස් නිලධාරියෙකු සිදුකළ වෙඩි තැබීමක් පිළිබඳ මේ වසරේදී වාර්තා පළ වන 48 වන අවස්ථාවද මෙයයි.

මෙම සිද්ධිය වාර්තා වී පැය 24 ක් ගතවන්නත් මත්තෙන් ඇට්ලන්ටා පොලිස් ප‍්‍රධානිවරිය ලෙස කටයුතු කළ එරිකා ෂීල්ඞ්ස් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමටද තීරණය කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ පොලීසියේ වෙඩි ප‍්‍රහාරයෙන් මියගිය 27 හැවිරිදි මෙම කළු ජාතිකයා වෙනුවෙන්ද මේ වනවිටත් විරෝධතා ආරම්භ වී ඇති බවයි.

මෙම විරෝධතා උණුසුම් මුහුණුවරක් ගනිමින් තවදුරටත් අමෙරිකාවේ මෙන්ම ලොවපුරා රටවල් රැසක ද පැවැත්වෙමින් තිබිම අදටත් සුවිශේෂී කරුණකි.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

සුනිල් ජයවර්ධන ඝාතකයන් යළි රිමාන්ඩ්

ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රීරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 08 දෙනා යළිත්...

මේක රටට සේවයක් කරන්න බැරි දුර්වල රජයක්

ආණ්ඩුව පිහිටුවීමෙන් පසු ඉල්ලුම්කරන සියලුදෙනාට සියයට 4ක ණයක් ලබාදෙන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික්...

දෙමළ ජනතාවගේ සැබෑ නායකයා වේළුපිල්ලේ ප්‍රභාකරන් – මම හැමදාම ඒක කියනවා. පුළුවන් දෙයක් කරන්න

දිගින් දිගටම වේළුපිල්ලේ ප්‍රභාකරන් ගැන උදම් අනන උතුරේ දේශපාලන චරිතය පසුගිය කාලයේ මෙන්ම වර්තමානයේදීද එය ඒ ආකාරයෙන්ම සිදු කරගෙන යන බව දක්නට...

කුසල්ගේ රියදුරු බලපත්‍රය අත්හිටුවයි

රිය අනතුරක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ශ්‍රී ලංකා ක්‍රීකට් කණ්ඩායමේ ක්‍රීඩක කුසල් මෙන්ඩිස් ඇප මත මුදා හැර තිඛේ. ඒ ලක්ෂ...

පාඨක අදහස්