31 C
Colombo
Monday, July 6, 2020
මුල් පිටුව විදෙස් පුවත් ඉංදියාව දැඩි කොවිඩ් අවධානමක - සමස්ථ ආසාදිතයින් ගණන ලක්ෂ 3 ඉක්මවයි

කොවිඩ් වසංගතය මේ වන විට ලෝකය පුරා ව්‍යාප්ත වෙමින් පවතින පසුබිමක එහි වැඩි බලපෑමක් මේ වන විට ඉන්දියාවෙන් වාර්තා වේ.ඒ අනුව ඉන්දියාවේ දෛනිකව කොවිඩ්-19 ආසාදිතයන් හා මරණ වාර්තාවීම දිනෙන් දින ඉහළ අගයක් ගන්නා බව දත්ත වාර්තා පෙන්වා දෙයි.

ගෙවීගිය දිනයේ ඉන්දියාවෙන් නව ආසාදිතයන් 12,000ක් පමණ වාර්තා වී ඇති අතර, ඊට සාපේක්ෂව මරණ 311ක් වාර්තා වී තිබේ.ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්තවලට අනුව මේ වනවිට ඉන්දියාවේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 320,922ක් වන අතර, වෛරසය ආශ්‍රිතව සිදුව ඇති මරණ සංඛ්‍යාව 9,195කි.

මේ අතර ඉන්දියාවේ දිල්ලි අගනුවර ආසාදිත අගය වැඩිවීමත් සමග හදිසි රෝහල් ලෙස සකස් කළ දුම්රිය එම නගරය වෙත යවා ඇති අතර, දරුණු ලෙස පීඩාවට පත් ප්‍රදේශවල ගෙයින් ගෙට ගොස් සිදුකරන වේගවත් පරීක්ෂා කිරීම් වැනි ක්‍රියාමාර්ගද ගෙන තිබේ.

දිල්ලිය පසුගිය දින දෙක තුළ නව ආසාදිතයන් 2,000ක් වාර්තා කර ඇති අතර මුම්බායි සහ අහමදාබාද් නගර සමග ඉන්දියාවේ වසංගතයේ මර්මස්ථානයක් බවට දිල්ලියද පත්ව තිබේ.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

සුනිල් ජයවර්ධන ඝාතකයන් යළි රිමාන්ඩ්

ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රීරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 08 දෙනා යළිත්...

මේක රටට සේවයක් කරන්න බැරි දුර්වල රජයක්

ආණ්ඩුව පිහිටුවීමෙන් පසු ඉල්ලුම්කරන සියලුදෙනාට සියයට 4ක ණයක් ලබාදෙන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික්...

දෙමළ ජනතාවගේ සැබෑ නායකයා වේළුපිල්ලේ ප්‍රභාකරන් – මම හැමදාම ඒක කියනවා. පුළුවන් දෙයක් කරන්න

දිගින් දිගටම වේළුපිල්ලේ ප්‍රභාකරන් ගැන උදම් අනන උතුරේ දේශපාලන චරිතය පසුගිය කාලයේ මෙන්ම වර්තමානයේදීද එය ඒ ආකාරයෙන්ම සිදු කරගෙන යන බව දක්නට...

කුසල්ගේ රියදුරු බලපත්‍රය අත්හිටුවයි

රිය අනතුරක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ශ්‍රී ලංකා ක්‍රීකට් කණ්ඩායමේ ක්‍රීඩක කුසල් මෙන්ඩිස් ඇප මත මුදා හැර තිඛේ. ඒ ලක්ෂ...

පාඨක අදහස්