31 C
Colombo
Friday, July 10, 2020
මුල් පිටුව විදෙස් පුවත් පාකිස්ථානයේ හිටපු ක්‍රිකට් නායක ෂහිඩ් අෆ්රිඩි ටත් කොරෝනා වැළඳෙයි

පාකිස්ථානය මේ වන විට දැඩි කොරෝනා අවධානමකට ලක් වෙමින් තිබෙන අතර එහි බලපෑම හිටපු අග්‍රාමාත්‍ය යුසුෆ් රාසා ගිලානිට හා හිටපු ක්‍රිකට් ක්‍රීඩක ෂහිඩ් අෆ්රිඩ් ටද එල්ල වී ඇති බව වාර්තා වේ.ෂහිඩ් අෆ්රිඩ් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මේ බව සනාථ කර තිබේ.

නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතයෙන් දෙවැනියට වැඩිම බලපෑමක් එල්ල වූ දකුණු ආසියානු රට බවට පත්ව ඇත්තේ පාකිස්තානය යි.

පාකිස්තානයෙන් ඊයේ(14) පස්වරු 4 වනවිට වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ ගණන 1,32,405ක් වූ අතර එරටින් වාර්තා වන කොරෝනා ආසාදිත මරණ ගණන 2,551කි.

ගිලානිට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත්තේ දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් පාකිස්තානයේ ජාතික ගිණුම් කටයුතු වගකීම් කාර්යාංශයට සහභාගී වීමෙන් පසුවය. පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය යුසුෆ් රාසා ගිලානිට මේ වනවිට 67 වැනි වියේ පසුවෙයි.

පාකිස්තානයෙන් සෙනසුරාදා දිනයේදී පමණක් නව ආසාදිතයන් 6,472 දෙනකු හඳුනාගත් බවත් එරට සෞඛ්‍ය බලධාරීහු සඳහන් කළහ.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

නාත්තණ්ඩියට ආ උපදේශිකාවට කොවිඩ් නිසා බස්වල ගිය මිනිස්සු සොයා මෙහෙයුම්

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කරන කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් ඊයේ (09දා) කොවිඩ් ආසාදිතයන් 56ක් හමුවීමත් සමග එම මධ්‍යස්ථානය ජංගම රෝහලක් බවට පත් කිරීමට පියවර...

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ලාංකිකයින් පිරිසක් දිවයිනට

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැඳී සිටි ශ්‍රි ලාංකිකයන් 278 දෙනෙකු ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් දිවයිනට පැමිණ තිබේ. අද (10) අලුයම...

ඉන්දියානු පිළිකා එන්නත මිලදී ගන්න පවිත්‍රා සූදානම් වෙයි

පිළිකා රෝගීන් සඳහා ලබා දෙන ඖෂධ එන්නත් කුප්පි දෙළොස් දහස් පන්සියයක් ඉන්දියානු සමාගමකින් මිලදී ගැනීම සඳහා සෞඛ්‍ය ඇමැති පවිත්‍රා වන්නිආරච්චි ඉදිරිපත් කළ...

නිරෝධායන කාලයේ නොගෙවූ ණය වලට ජනතාවගෙන් අමතර පොළියක් අය කරන්න අනුමැතිය

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් රජය ලබාදුන් සහන කාලයේදී ගනුදෙනුකරුවන් නොගෙ වූ ණය වාරික වෙනුවෙන් සියයට හතක උපරිමයකට යටත්ව අතිරේක පොලියක් අයකර ගැනීමට...

පාඨක අදහස්