31 C
Colombo
Monday, July 6, 2020
මුල් පිටුව විදෙස් පුවත් ඉන්දු - චීන දේශසීමාවේ දැඩි උණුසුම් තත්වයක් - ඉන්දීය හමුදාවේ 3ක් මරුට

ලෝකයේ දේශසීමා සම්භන්දව පවතින අර්බුද දිනෙන් දින ඉහළ යාමත් සමග ලෝකයේ තවත් දරුණු යුද්ධයක සේයාවන් වරින් වර වාර්තා උවත් කුමන අන්දමකින් හෝ ඒවා නැවතී යාම ලෝකවාසී සියලු දෙනාගේ වාසනාවක් ලෙස හැඳින්විය හැකිය.කෙසේ නමුත් එවැනි පසුබිමක ඉන්දු – චීන දේශ සීමාවේ මේ වන විට දැඩි උණුසුම්කාරී වාතාවරණයක් ඇතිවී තිබේ.

ඒ චීනයේ හමුදාව සහ ඉන්දීය හමුදා සාමාජිකයින් අතර ඇතිවූ ගැටුමකින් ඉන්දීය හමුදා සාමාජිකයින් තිදෙනෙකු ජිවිතක්ෂයට පත්වීමත් සමගයි. මෙලෙස මියගොස් ඇත්තේ ඉන්දීය හමුදාවේ කර්නල්වරයෙක් සහ සෙබළුන් දෙදෙනෙක් බව ඉන්දීය හමුදාව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටි.

ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර සිටියේ දෙපාර්ශවයේ හමුදා සාමාජිකයින් විසින් මෙම ගැටුම ඇති කර ගෙන ඇති බවත් ඊට ගිනි අවි හෝ වෙනත් යුධ ආයුධ යොදා ගෙන නොමැති බවයි.

හිමාල කඳුකරය ආශ්‍රිතව පිහිටි මතභේදයට තුඩුදී තිබෙන ගැල්වාන් නිම්නයේ පිහිටි අක්සායි චීන-ලඩාක් ප්‍රදේශයේදී මෙම ගැටුම ඇතිව තිබෙන බව වාර්තා වේ.

පසුගිය සති කිහිපය පුරාවට එම ප්‍රදේශය ආශ්‍රිතව දෙපාර්ශවයේ හමුදාවන් සිය භට පිරිස් වැඩි වශයෙන් ස්ථාන ගත කිරීමට කටයුතු යොදා තිබුණි. ඇතිව තිබෙන උණුසුම් තත්ත්වය සම්බන්ධයෙන් දෙපාර්ශවයේ හමුදා ප්‍රධානින් අතර මේ වන විට සාකච්ජාවක්ද පවත්වනු ලබමින් තිබෙන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර සිටි.

ඉන්දීය හමුදා නිලධාරින් අවස්ථා කිහිපයකදීම නීතිවිරෝධී අයුරින් දේශ සීමාවෙන් ඇතුල්වී චීන ජාතිකයින්ට පහර දීමේ සිදුවීම් වාර්තා වූ බවට චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක Zaho Lijian ප්‍රකාශ කර සිටි. රාජතාන්ත්‍රික වශයෙන් ගැටළුව විසඳා ගැනීමට දෙපාර්ශවයම පියවර ගනිමින් සිටින බවින් අනවශ්‍ය අයුරින් ඉන්දීය භට පිරිස් සිය දේශ සීමාව උල්ලංඝණය කිරිම අත්හිටුවිය යුතු බව චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

සුනිල් ජයවර්ධන ඝාතකයන් යළි රිමාන්ඩ්

ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රීරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 08 දෙනා යළිත්...

මේක රටට සේවයක් කරන්න බැරි දුර්වල රජයක්

ආණ්ඩුව පිහිටුවීමෙන් පසු ඉල්ලුම්කරන සියලුදෙනාට සියයට 4ක ණයක් ලබාදෙන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික්...

දෙමළ ජනතාවගේ සැබෑ නායකයා වේළුපිල්ලේ ප්‍රභාකරන් – මම හැමදාම ඒක කියනවා. පුළුවන් දෙයක් කරන්න

දිගින් දිගටම වේළුපිල්ලේ ප්‍රභාකරන් ගැන උදම් අනන උතුරේ දේශපාලන චරිතය පසුගිය කාලයේ මෙන්ම වර්තමානයේදීද එය ඒ ආකාරයෙන්ම සිදු කරගෙන යන බව දක්නට...

කුසල්ගේ රියදුරු බලපත්‍රය අත්හිටුවයි

රිය අනතුරක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ශ්‍රී ලංකා ක්‍රීකට් කණ්ඩායමේ ක්‍රීඩක කුසල් මෙන්ඩිස් ඇප මත මුදා හැර තිඛේ. ඒ ලක්ෂ...

පාඨක අදහස්