31 C
Colombo
Monday, July 6, 2020
මුල් පිටුව විදෙස් පුවත් ඉන්දු චීන ගැටුමෙන් ඉන්දීය සෙබලු 20ක් ජීවිතක්‍ෂයට

හිමාල කඳුකරයේ චීන ඉන්දියා දේශ සීමාවේදී චීන හමුදා භටයන් සමග ඇති වූ ගැටුම්කාරී තත්ත්වයෙන් අවම වශයෙන් ඉන්දීය සොල්දාදුවන් 20 දෙනෙකු මියගොස් ඇති බව ඉන්දීය හමුදාව පවසයි.

මතභේදයට තුඩුදුන් අක්සායි චින්-ලඩාක් ප්‍රදේශයේ ගැල්වාන් නිම්නයේදී මෙම ගැටුම හටගෙන ඇති අතර, දේශසීමාවේ දෙපස විශාල හමුදා ගොඩනැගීමක් සිදුවෙමින් පැවතීම මෙම ගැටුමට හේතුව බව කියැවෙයි.

සොල්දාදුවන් තිදෙනෙකු මියගොස් ඇති බව ඉන්දීය හමුදාව මීට පෙර පවසා තිබුණද, බරපතල ලෙස තුවාල ලැබූවන් 17 දෙනෙකු සෘණ උෂ්ණත්වයක් පවතින ප්‍රදේශයක ඊට නිරාවරණය වීමෙන් ඔවුන්ගේ ජීවිතද අහිමිව ඇති බව කියයි.

වසර 40 කට වැඩි කාලයක් තිස්සේ දෙරටේ මතභේදාත්මක දේශ සීමාව තුළ සිදු වූ පළමු වැනි හමුදා මරණ මෙම සිදුවීම බව කියැවෙයි.

දෙපාර්ශවයේම ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් මේ වනවිට තත්ත්වය සමනය කිරීම සඳහා රැස්වී සිටින බව වාර්තා වෙයි.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

සුනිල් ජයවර්ධන ඝාතකයන් යළි රිමාන්ඩ්

ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රීරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 08 දෙනා යළිත්...

මේක රටට සේවයක් කරන්න බැරි දුර්වල රජයක්

ආණ්ඩුව පිහිටුවීමෙන් පසු ඉල්ලුම්කරන සියලුදෙනාට සියයට 4ක ණයක් ලබාදෙන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික්...

දෙමළ ජනතාවගේ සැබෑ නායකයා වේළුපිල්ලේ ප්‍රභාකරන් – මම හැමදාම ඒක කියනවා. පුළුවන් දෙයක් කරන්න

දිගින් දිගටම වේළුපිල්ලේ ප්‍රභාකරන් ගැන උදම් අනන උතුරේ දේශපාලන චරිතය පසුගිය කාලයේ මෙන්ම වර්තමානයේදීද එය ඒ ආකාරයෙන්ම සිදු කරගෙන යන බව දක්නට...

කුසල්ගේ රියදුරු බලපත්‍රය අත්හිටුවයි

රිය අනතුරක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ශ්‍රී ලංකා ක්‍රීකට් කණ්ඩායමේ ක්‍රීඩක කුසල් මෙන්ඩිස් ඇප මත මුදා හැර තිඛේ. ඒ ලක්ෂ...

පාඨක අදහස්