31 C
Colombo
Monday, July 6, 2020
මුල් පිටුව විදෙස් පුවත් ඉන්දියාවේ මිනී කඳු ගොඩගැසේ.. රෝහල් ලොබි වලත් මෘත ශරීර

ඉන්දියාවේ අගනුවර රෝහල් ඇඳන්වලින් ඉවත් කරන නව කොරෝනා රෝගීන්ගේ මළ සිරුරු තැන්පත් කිරීමට මෘත ශරීරාගාර ප්‍රමාණවත් නොවීමෙන්, ඒවා රෝහල් ලොබිවල ගොඩගැසී ඇති බව වාර්තා වෙයි.

ඉන්දියාවේ සාප්පු සංකීර්ණ සහ ආගමික සිද්ධස්ථාන යළි විවෘත කිරීම සඳහා සූදානමක් පැවතියත්, ඒ සම්බන්ධයෙන් දැඩි විවේචනයක් එල්ල වී තිබුණේ, මෙවැනි ලිහිල් තත්ත්වයකට රට තවම සූදානම් නොමැති බවට අනතුරු අඟවමිනි.

ඉන්දියාවේ ඇතැම් ආසාදිතයන්ගේ පවුල්වල සාමාජිකයන් චෝදනා කරමින් පවසන්නේ, තම රෝගියා වෙනුවෙන් ඇඳක් ලබාගැනීමට ගියවිට රෝහල්වලින් තමන්ව එලවා ගන්නා බවටය. රෝහල්වල කොරිඩෝ දිගේ නොසලකිලිමත් ලෙස රෝගීන් ගොඩගසා ඇති බවටද චෝදනා පවතී. මෙවැනි වාතාවරණයක රෝහල් ලොබිවල මළ සිරුරුද ගොඩගසා තිබීම සෞඛ්‍ය තර්ජනය දෙගුණ තෙගුණ කරන්නක් බව ප්‍රාදේශීය මාධ්‍ය අනාවරණය කරයි.

මීට මාසයකට පෙර දිල්ලියේ මහ ඇමති අරවින්ද් කෙජ්රිවාල් පැවසුවේ නගරයේ රෝහල් වෛරසයට එරෙහිව සටන් කිරීමට හොඳින් සන්නද්ධව සිටින බවය. “දිල්ලිය දිනනවා. කොරෝනා පරදිනවා” ඔහු කියා සිටියේය. කෙසේ වෙතත් මේ වනවිට ඔහුගෙන් ප්‍රකාශ ලබාගැනීමට මාධ්‍ය කොතරම් උත්සාහ කළත් මහ ඇමතිවරයා, ඔහුගේ කාර්යාලය හෝ නගරයේ සෞඛ්‍ය බලධාරීන් පිළිතුරු සැපයීමට ඉදිරිපත් නොවෙයි.

මහ ඇමතිවරයා මෙම ප්‍රකාශය සිදුකරන කාලයේදී දිල්ලි නගරයේ නව කොරෝනා ආසාදිතයන් 10,000ක් පමණ සිටි අතර, මේ වනවිට එම අගය 41,000ක් ඉක්මවා තිබේ. ඉන්දියාවේ සමස්ත ආසාදිත අගය මේ වනවිට 343,000ක් ඉක්මවා ඇති අතර, මරණ සංඛ්‍යාව 10,000කට ආසන්නය. මේ ආකාරයෙන් ඉන්දියාව තුළ ආසාදිතයන් වැඩිවීමට දිල්ලි, මුම්බායි හා චෙන්නායි යන නගරවල ආසාදිතයන්ගේ වැඩිවීම ප්‍රබලව බලපා ඇති බව සඳහන් වෙයි.

ඒ අනුව ඉන්දියාවේ චෙන්නායි හි සිකුරාදා සිට ජුනි මස අවසානය දක්වා මිලියන 15ක පමණ ජනතාවක් යළිත් අගුලු දැමීමකට ලක්වීමට නියමිතව සිටියි. තමිල්නාඩු ප්‍රාන්ත රජය පවසා සිටියේ, චෙන්නායි, තිරුවල්ලූර්, චෙන්ගල්පේට් සහ කාංචිපුරම් දිස්ත්‍රික්ක ජුනි මස 19දා සිට පූර්ණ අගුලු දැමීමකට ලක්වන බවය.

ඉන්දියාවේ අගනුවර ආසාදිතයන් මෙසේ ඉහළ යමින් තිබියදී, ජූලි මාසය අවසන් වනවිට COVID-19 ආසාදිතයන් දිලිලියෙන් පමණක් 550,000ක් වාර්තා විය හැකි බවට නව පුරෝකථන පවතී. එය වර්තමාන සංඛ්‍යාවට වඩා 13 ගුණයක් පමණ වන අතර, ඒ වනවිට තවත් ඇඳන් 150,000ක් දිල්ලියට පමණක් අවශ්‍ය වනු ඇති බව සඳහන් වේ.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

සුනිල් ජයවර්ධන ඝාතකයන් යළි රිමාන්ඩ්

ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රීරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 08 දෙනා යළිත්...

මේක රටට සේවයක් කරන්න බැරි දුර්වල රජයක්

ආණ්ඩුව පිහිටුවීමෙන් පසු ඉල්ලුම්කරන සියලුදෙනාට සියයට 4ක ණයක් ලබාදෙන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික්...

දෙමළ ජනතාවගේ සැබෑ නායකයා වේළුපිල්ලේ ප්‍රභාකරන් – මම හැමදාම ඒක කියනවා. පුළුවන් දෙයක් කරන්න

දිගින් දිගටම වේළුපිල්ලේ ප්‍රභාකරන් ගැන උදම් අනන උතුරේ දේශපාලන චරිතය පසුගිය කාලයේ මෙන්ම වර්තමානයේදීද එය ඒ ආකාරයෙන්ම සිදු කරගෙන යන බව දක්නට...

කුසල්ගේ රියදුරු බලපත්‍රය අත්හිටුවයි

රිය අනතුරක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ශ්‍රී ලංකා ක්‍රීකට් කණ්ඩායමේ ක්‍රීඩක කුසල් මෙන්ඩිස් ඇප මත මුදා හැර තිඛේ. ඒ ලක්ෂ...

පාඨක අදහස්