31 C
Colombo
Monday, July 6, 2020
මුල් පිටුව ක්‍රීඩා මහේලගෙන් හා සංගාගෙන් මහින්දානන්දට කණ රත්වෙන්න පාරක්

ශ්‍රී ලංකාව පරාජය ලැබූ 2011 ලෝක කුසලාන අවසන් මහා තරඟයේදී පාවාදීමක් සිදුවී ඇතැයි කිසිවෙක් චෝදනා කරන්නේ නම් එම පාර්ශ්ව ඒ බව සනාථ කෙරෙන සාක්ෂි අයි.සී.සී.යට ඉදිරිපත් කළ යුතු බව හිටපු ක්‍රිකට් නායක කුමාර සංගක්කාර පවසයි.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ලෝක කුසලාන අවසන් තරඟය සම්බන්ධයෙන් ඊයේ (18) කර තිබූ ආන්දෝලනාත්මක ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින්ය.

2011 ලෝක කුසලාන අවසන් තරගය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මුම්බායිහි වැන්කේඩ් ක්‍රීඩාංගණයේ පැවති අතර එම තරගය කඩුලු 06 කින් ජය ගැනීමට ඉන්දියාව සමත් වුණි.

එම තරඟයේදී මුදලට පාවා දීමක් වී ඇතැයි තමාට ලැබුණු තොරතුරු අනුව තමා විශ්වාස කරන බව එවක ක්‍රීඩා අමාත්‍යධුරය දැරූ මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා මාධ්‍යයට කර තිබූ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් හිටපු ක්‍රිකට් නායකයින් වන කුමාර සංගක්කාර මෙන්ම මහේල ජයවර්ධන ද සිය ට්ව්ටර් ගිණුම්වල සටහන් තබා තිබුණි.

මහේල ජයවර්ධන සඳහන් කර තිබුණේ මැතිවරණ ආසන්නයේදී සන්දර්ශන ආරම්භ වී ඇති බවය.

නම් සහ සාක්ෂි තිබේද යන්න ඔහු එහි ප්‍රශ්න කර තිබේ.

අනතුරුව ට්ව්ටර් සටහනක් තබමින් කුමාර සංගක්කාර පවසා තිබුණේ හිටපු අමාත්‍යවරයා ඔහුගේ සාක්ෂි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට සහ දූෂණ විරෝධි ඒකකයට ඉදිරිපත් කර විමර්ශනයක් පැවැත්වීම සිදුකළ හැකි බවය.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

සුනිල් ජයවර්ධන ඝාතකයන් යළි රිමාන්ඩ්

ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රීරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 08 දෙනා යළිත්...

මේක රටට සේවයක් කරන්න බැරි දුර්වල රජයක්

ආණ්ඩුව පිහිටුවීමෙන් පසු ඉල්ලුම්කරන සියලුදෙනාට සියයට 4ක ණයක් ලබාදෙන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික්...

දෙමළ ජනතාවගේ සැබෑ නායකයා වේළුපිල්ලේ ප්‍රභාකරන් – මම හැමදාම ඒක කියනවා. පුළුවන් දෙයක් කරන්න

දිගින් දිගටම වේළුපිල්ලේ ප්‍රභාකරන් ගැන උදම් අනන උතුරේ දේශපාලන චරිතය පසුගිය කාලයේ මෙන්ම වර්තමානයේදීද එය ඒ ආකාරයෙන්ම සිදු කරගෙන යන බව දක්නට...

කුසල්ගේ රියදුරු බලපත්‍රය අත්හිටුවයි

රිය අනතුරක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ශ්‍රී ලංකා ක්‍රීකට් කණ්ඩායමේ ක්‍රීඩක කුසල් මෙන්ඩිස් ඇප මත මුදා හැර තිඛේ. ඒ ලක්ෂ...

පාඨක අදහස්