31 C
Colombo
Friday, July 10, 2020
මුල් පිටුව විදෙස් පුවත් සිංගප්පූරුවේ කඩසාප්පු-අවන්හල් විවෘත කෙරේ

නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පැනවූ සීමා ලිහිල් කරමින් කඩසාප්පු සහ අවන්හල් විවෘත කිරීමට සිංගප්පූරුව ඊයේ (19) පියවර ගත්තේය.

නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ වසංගතය ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා පැනවූ දැඩි සීමා ලිහිල් කළ ද එයින් උද්දාමයට පත් නොවිය යුතු යැයි ද මෙතෙක් පවත්වාගෙන පැමිණි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද සහ ක්‍රියාමාර්ග තවදුරටත් පවත්වාගෙන යන්නැයි ද එරට බලධාරීහු ජනතාවගෙන් අවධාරණයෙන් ඉල්ලා සිටියහ.

වයිරසය පැතිර යෑම වැළැක්වීම සඳහා සිංගප්පූරුව මාස දෙකකට ආසන්න කාලයක් ‘අර්ධ ලොක්ඩවුන්’ සීමා පනවා තිබිණි.
සති ගණනාවක් වසා දමා තිබූ සම්භාහන ස්ථාන, ක්‍රීඩා ස්ථාන, මුහුදු වෙරළ, අනෙකුත් ස්ථාන ද මහජනතාව සඳහා නැවත විවෘත කිරීමට සිංගප්පූරු බලධාරීහු ඊයේ (19) අවසර දුන්හ.

මහජන එක්රැස්වීම්වලට අවසර දී ඇති නමුත් එක් අවස්ථාවකදී එක්රැස් විය හැක්කේ පස් දෙනකුට පමණි. එමෙන්ම මුඛ ආවරණ පැළැඳීම සහ සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම අනිවාර්ය වේ.

සිංගප්පූරුව කොරෝනා වයිරසය පැතිර යෑම වැළැක්වීම සඳහා මුලින්ම සීමා පැනවූයේ පසුගිය අප්‍රේල් මස මුලදී ය. පාසල් සහ අත්‍යවශ්‍ය නොවන සියලු ව්‍යාපාර වසා දැමිණි.

සිංගප්පූරුව පරීක්ෂා කිරීම, ආසාදිතයන් සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් හඳුනාගැනීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගත් අතර එම නිසා වයිරසය ව්‍යාප්ත වීම වළක්වාගැනීමට හැකියාව ලැබිණි.

සිංගප්පූරුවේ ජනගහනය මිලියන 5.7ක් වන අතර අත්‍යවශ්‍ය හේතුවක් නැතිනම් තවදුරටත් නිවසේ රැඳී සිටින්නැයි ද එරට බලධාරීන් ජනතාවට දැනුම් දී ඇත.

අග්නිදිග ආසියාවෙන් දෙවැනියට වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වන්නේ සිංගප්පූරුවෙනි. සිංගප්පූරුවෙන් ඊයේ (19) පස්වරු වනවිට වාර්තා වූ සමස්ත ආසාදිතයන්ගේ ගණන 41,000ක් ඉක්මවා ගොස් තිබිණි. ඔවුන්ගෙන් වැඩිදෙනා කුඩා නිදනකාමරවල සිටින විදේශික සේවකයන් ය. සිංගප්පූරුවෙන් වාර්තා වන මරණ ගණන 26කි.

‘‘හැමෝම මේ දවස එනතෙක් බලාගෙන හිටියා. ඒත් ප්‍රීතියෙන් උද්දාමයට පත්වෙලා සමරන්න යන්න එපා’’ යැයි ෆේස්බුක් සමාජ ජාලය ඔස්සේ සටහනක් තබමින් සිංගප්පූරූ අග්‍රාමාත්‍ය ලී සියේන් ලෝන්ග් පැවැසීය.

වයිරසය පැතිර යෑම අවදානමක් ඇති සිනමාශාලා, බීමහල් සහ රාත්‍රී සමාජශාලා තවදුරටත් වසා දමා ඇත.සජීවී සංගීත වැඩසටහන් සහ රූපවාහිනි වැඩසහන් පැවැත්වීමට ද මෙතෙක් අවසර ලැබී නැත. සජීවී සංගීත වැඩසටහන් සහ රූපවාහිනි වැඩසහන් පැවැත්වීමට ද මෙතෙක් අවසර ලැබී නැත. ව්‍යාපාර තුළ ද එවැනි වැඩසටහන් පැවැත්විය නොහැකි අතර එම සජීවී සංගීත වැඩසටහන් සහ රූපවාහිනි වැඩසහන්වලදී මෙන්ම ව්‍යාපාරික ස්ථානවලදී ද පාරිභෝගිකයන් හඬ නඟා කතා කිරීමේදී වයිරසය තිබෙන කෙළ බිඳිති පැතිර යෑමේ අවදානමක් තිබීම ඊට ප්‍රධාන හේතුව වී තිබේ.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

නාත්තණ්ඩියට ආ උපදේශිකාවට කොවිඩ් නිසා බස්වල ගිය මිනිස්සු සොයා මෙහෙයුම්

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කරන කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් ඊයේ (09දා) කොවිඩ් ආසාදිතයන් 56ක් හමුවීමත් සමග එම මධ්‍යස්ථානය ජංගම රෝහලක් බවට පත් කිරීමට පියවර...

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ලාංකිකයින් පිරිසක් දිවයිනට

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැඳී සිටි ශ්‍රි ලාංකිකයන් 278 දෙනෙකු ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් දිවයිනට පැමිණ තිබේ. අද (10) අලුයම...

ඉන්දියානු පිළිකා එන්නත මිලදී ගන්න පවිත්‍රා සූදානම් වෙයි

පිළිකා රෝගීන් සඳහා ලබා දෙන ඖෂධ එන්නත් කුප්පි දෙළොස් දහස් පන්සියයක් ඉන්දියානු සමාගමකින් මිලදී ගැනීම සඳහා සෞඛ්‍ය ඇමැති පවිත්‍රා වන්නිආරච්චි ඉදිරිපත් කළ...

නිරෝධායන කාලයේ නොගෙවූ ණය වලට ජනතාවගෙන් අමතර පොළියක් අය කරන්න අනුමැතිය

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් රජය ලබාදුන් සහන කාලයේදී ගනුදෙනුකරුවන් නොගෙ වූ ණය වාරික වෙනුවෙන් සියයට හතක උපරිමයකට යටත්ව අතිරේක පොලියක් අයකර ගැනීමට...

පාඨක අදහස්