31 C
Colombo
Monday, July 6, 2020
මුල් පිටුව උණුසුම් පුවත් සංගා,මහේල,තිලාන් හා මාලිංග මහින්දානන්දගේ රෙදි හිමින් ගලවා දමයි

වත්මන් රජය දිගින් දිගටම අපකීර්තියට ලක්වන දේ සිදුවෙමින් පවතින අවස්ථාවක එම මාර්ගය වෙනස් කිරීම උදෙසා දේශපාලනිකව ගැටයක් ගැසීමට කටයුතු කළ රජය ඒ සඳහා මහින්දානන්ද අලුත්ගමගේ තෝරා ගන්නා ලදී.ඒ අනුව ඔහු එක් වරම මාධ්‍ය ඉදිරියේ 2011 ලෝක කුසලානය පවා දුන් බව සදහන් කරමින් අලුත්ම කතාවක් සමාජ ගත කරන ලදී.

කෙසේ නමුත් මේ වන විට එම උපාය සාර්ථක වී ඇති නමුත් මහින්දානන්දගේ රෙදි එකින් එක ඒ තුළින් ගැලවෙන්නට පටන් ගෙන තිබෙන බව දක්නට ලැබේ.ඒ අනුව 2011 ලෝක කුසලාන අවසන් මහ තරගය පාවාදුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ එවක නායක මෙන්ම අවසන් මහ තරගය මෙහෙයවූ කුමාර් සංගක්කාරද සිය අදහස් ඉදිරිත් කර තිබේ.

මේ පිළිබඳව සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශයක් කරමින් සංගක්කාර සඳහන් කරන්නේ අදාළ සාක්ෂි හිටපු අමාත්‍යවරය විසින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී හා අරක්ෂක ඒකකයට යොමු කළ යුතු බවයි.ඒ අනුව එම චෝදනාව සම්බන්ධයෙන් පරීක්ෂණ කළ හැකි බවත් ඔහු සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශ කරයි.


එසේම අවසන් මහ තරගයට ක්‍රීඩා කළ තිලාන් සමරවීරද මෙහිදී සිය අදහස් දක්වමින් සඳහන් කරන්නේ එවකට ක්‍රීඩාව භාර හිටපු ප්‍රධානම පුද්ගලයා වූ මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ පිළිබඳව අයි.සී.සී. පරීක්ෂණයක් සිදුකිරීමට කටයුතු නොකළේ මන්ද යන්නයි.

2011 ලෝක කුසලානය අවසන් මහ තරගයට මුදලට විකුණූ බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ ප්‍රකාශය පිළිබඳව නැවත වරක් මහේල ජයවර්ධන සිය ට්විටර් ගිණුමෙන් අදහස් දක්වා තිබේ.

ඔහු පවසන්නේ කණ්ඩායමේ අවසන් 11 දෙනාට නොමැති කෙනෙක් තරගයක් පාවා දෙන්නේ කෙසේදැයි නොදන්නා බවයි. එසේම යමෙක් 2011 ලෝක කුසලානය විකුණූ බවට පවසයි නම් එය ස්වාභාවිකම විශාල ගනුදෙනුවක් බවත් ඔහු ප්‍රකාශ කරයි.

එසේම ලසිත් මාලිංග ද මේ පිළිබඳව අදහස් ප්‍රකාශ කරමින් සදහන් කර ඇත්තේ මෙම චෝදනාව ඉතා බරපතල බවත් මෙය කිසියම් වාසියක් බලාපොරොත්තුවෙන් සිදු කළ එකක් බව ඔප්පු උවහොත් හෝ මෙම චෝදනා ඔප්පු කර ගැනීමට ප්‍රකාශය කළ පුද්ගලයාට නොහැකි උවහොත් එවැනි දේශපාලුවන් පිළිබඳව ජනතාව වග බලා ගත යුතු බවය.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

සුනිල් ජයවර්ධන ඝාතකයන් යළි රිමාන්ඩ්

ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රීරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 08 දෙනා යළිත්...

මේක රටට සේවයක් කරන්න බැරි දුර්වල රජයක්

ආණ්ඩුව පිහිටුවීමෙන් පසු ඉල්ලුම්කරන සියලුදෙනාට සියයට 4ක ණයක් ලබාදෙන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික්...

දෙමළ ජනතාවගේ සැබෑ නායකයා වේළුපිල්ලේ ප්‍රභාකරන් – මම හැමදාම ඒක කියනවා. පුළුවන් දෙයක් කරන්න

දිගින් දිගටම වේළුපිල්ලේ ප්‍රභාකරන් ගැන උදම් අනන උතුරේ දේශපාලන චරිතය පසුගිය කාලයේ මෙන්ම වර්තමානයේදීද එය ඒ ආකාරයෙන්ම සිදු කරගෙන යන බව දක්නට...

කුසල්ගේ රියදුරු බලපත්‍රය අත්හිටුවයි

රිය අනතුරක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ශ්‍රී ලංකා ක්‍රීකට් කණ්ඩායමේ ක්‍රීඩක කුසල් මෙන්ඩිස් ඇප මත මුදා හැර තිඛේ. ඒ ලක්ෂ...

පාඨක අදහස්